NFC -- Near Field Communication

NFC එහෙමත් නැත්තම් Near Field Communication කියන්නේ ලෝකේ පට්ට technology එකක් phone එකක apps NFC tag එකක් හරහා.. open කරන්න.... commands දෙන්න..
ඒ වගේම
Contactless Payment
Transportation
Health Care
ඔය වගේ තොග area එකක් cover වෙන තරමට දියුනු technology එකක්..... NFC mobile devices වලට ආපු කාලේ මට හරියටම මතක නැතිඋනත් අනිවාරෙන්ම වැඩිම උනොත් වසර 3 - 5 ක් වගේ ඇති... ඒත් මේ Apple phones වලටනම් ආවේ මං හිතන්නේ ලගදිඳ කොහෙද.........













තවත් සරල කරලා කිව්වොත් NFC tag එකක් කියන්නේ බොහෝම පොඩි gadget එකක්.... මේක tag එකක් කියලම කිව්වට ... Sticker විදියටත් එනවා... ඒවා එක එක frequencies වගේම දාන්න පුලුවන් data ගානත් එක්ක ගොඩක් වෙලාවල වෙනස් වෙනවා ....













NFC tag එකක්.... programme කරන්න වගේම read කරන්නත් ලේසිම ක්‍රමය තමයි phone එක.. ඒත් phone එකට NFC feature එක තියෙන්නත් ඕනේ...  NFC Technology එක standard එකක්... ඉතින් Bluetooth , WiFi වගේම ඒකටත් Phone brand එක මොකක් උනත් Logo එක එකමයි....
ඒ වගේම තව දෙයක් NFC technology එක .. ඔය Bluetooth , WiFi වගේ අඩි ගනං... යාර ගනං.. මීටර්.. ගනං range එකක් නෑ... වැඩිම වුනොත් සෙන්ටිමීටර් 5 කටත් අඩුයි.... එහෙම කිව්වම හිතන්න එපා අර පරන phones වල.., ගොඩක්ම NOKIA Phones වල තිබුන infrared වගේ.. කියලා...

මේ NFC ඊට වඩ සියගුනයක් විතර powerfull ඒ වගේම payments වලදී secure method එකක් කියලා තමයි  කියන්නේ...







නිකමට හිතමු NFC tag එකක් අපි programme කලා කියලා... ඊට පස්සේ.. phone එකේ or tab එකේ NFC switch ON කරලා.... Phone  එක back side එක ඒ... tag එකට ලං කරපු ගමන්.. ඒ tag එකට කරපු programme එකට අනුව.. phone එකට ඒ commands ඔක්කොම යනවා...


අපි කොහේ හරි යනවානම් ... class එකකට වගේ... එතකොට පුලුවන්.... ඔය tag එකට programme කරන්න... phone  එක silent දාලා, screen brightness වැඩි කරලා, Data on කරලා... ඔය වගේ set එකක්ම ..
ඔය හැම එක්ක්ම තත්පර කීපයකින් NFC tag එකට programme කරන්න පුලුවන්....
ඊට පස්සේ NFC tag එකක් කොහේ හරි එල්ලලා තියලා .. phone එක ඕකට tap කලාම .. commands ඔක්කොම එක පාරම වැඩ...


තවත් දෙයක් තමයි NFC වලින් payments කරන්නත් පුලුවන්..... මේවනම් ලංකාවේ ප්‍රසිද්ද දේවල් නෙමේ... කොහොමත් සෝබනේට phones release කරපු ගමන් ලංකාවට ආවට , ඒවට අදාල technology එක එන්න අවුරුදු ගානක් යනවා කියන එක සාමාන්‍ය දෙයක් වෙලානේ....






හැබැයි ඉතින් පුරුදු විදියට ලංකාවේ ගොඩක් අයනම් මේ ගැන දන්නේ නෑ..... මොකද ගොඩක් උං... විශේශයෙන් කෙල්ලෝනම් දන්නේම නෑ.. එහෙම උං ගොඩක් වෙලාවට smart phones use කරන්නේ.. සෝබනේට එහෙම නැත්තම් ලොකු කමට... ලංකාවේ Dialog වල නම් Star Points වලින් pay කරන system එකක්.. තියෙනවා... ඒ තියෙන්නේත් කොළබ විතරයි.... ඒවායිනුත් ‍තෝර ගත්ත shops බොහොම අඩු ප්‍රමානයක්....


ඒත් වෙන රටවලනම් NFC කියන්නේ සාමාන්‍ය දෙයක් ඒවා හරහා ඒ රටවල මිනිස්සුන්ට Credit or Debit card නැතුව , තමන්ගේ Phone එකට ඒ වගේ app එකක් bank එක හරහා අරහෙන් payments කරන්න පුලුවන්.... එතකොට වෙන්නේ ඒ අදාල පුද්ගලයාගේ account එක link කරනවා අර app එකට credit card එක swap කරනවා... වගේ... ඒ වගේ machine එකකට ... phone  එක තියලා පොඩි touch එකක් දුන්නම්.. අදාල ගාස්තුව pay වෙනවා වගේම.... ඒ machine එකෙන්ම receipt එකකුත් print වෙනවා...
ආයේ අපේ phone එකට message එකකුත් එනවා....
ඔය technology එක ලංකාවේනම් නෑ...



Play the video








ඒත් Dialog Star Points වල තියෙන්නේ , ඊට සමාන සිද්දියක් උනත් , බොහෝම ‍තෝරා ගත්ත shops කීපයකට CrestCat / MC / DSI / Adidas / ReeBok  ඔය වගේ shops කීයයක විතරයි තියෙන්නේ... ඒවායිනුත් කොලබත් ඔය කිව්ව ඒවායින් Branches එකක , දෙකක වගේ විතරයි....


QR Code ගැන දන්නවද... ඒකත් barcode වගේ දෙයක්... වෙනස තියෙන්නේ barcode වලට ඉස්සරනම්.. වෙනම device එකක් ඕනෙ උනා... ඒවා read කරන්න... දැන්නම් QR Code වගේම Barcode read කරන්නත් mobile apps ඕනෙ තරම් තියෙනවා....






BarCode එකකට දානවට වඩා වැඩි ප්‍රමානයක් data store කරන්න QR Code එකේ පුලුවන්... ඒවගේම ඒවා read කරන apps එන්නේ Smart Phone වලට විතරක්ම නෙවෙයි... සාමාන්‍ය NOKIA Low Range - Symbian , Belle , Asha OS තියෙන එකකට උනත් පුලුවන්...


ඒත් NFC  නම් පුලුවන් read and write කරන්න smartphone වලටම විතරයි. මේ දැං කිව්වනේ QR Code ගැන ... වැඩිය කියන්නේ නෑ මාතෘකාව වෙන පැත්තකට යන නිසා...
දැන් තියෙන Business Card වල contacts details type කරලා තියෙනවා වගේම QR code වලත් store කරන්න පුලුවන් නිසා... ඒවා කෙලින්ම phone එකට save කර ගන්න පුලුවන් ලේසියෙන්ම...








NFC වලත් මේ දේම තියෙනවා... හැබැයි එක දෙයක් .. NFC and QR Code කියන්නේ සම්පූර්නයෙන්ම වෙනස් technology දෙකක්....
කොහොම උනත් NFC තියෙන Business Card තියෙනවා.... මේවා ලංකාවට අලුත් උනත්………….









ඒත් NFC tag එකකින් අඩුම ගානේ කලින් කිව්ව විදියට එක පාර commands කීපයක් උනත් දෙන්න පුලුවන් නිසා... ඒවගේ tags වටිනවා…


ඊටත් වඩා NFC වලින් කරන්න පුලුවන් ප්‍රසිද්දම සිද්ධිය තමයි File share කරන්න පුලුවන් වීම... NFC තියෙන phone දෙකක්... phone එකේ brand එක අදාල නෑ දෙකේම NFC තියෙනවා නම්... හැබැයි මොකද මංදා මගේ Xperia L එකනම් Windows Mobile එක්ක support කලේ නෑ.... හැබැයි HTC , Samsung , වගේ android phones ගොඩකට test කලා... කිසි අවුලක් නැතුව වැඩ..!!
කොහොම උනත් ඕන එකක් එක්ක.. pictures / links / docs / txts වගේ දේවල් ලේසියෙන්ම share කරන්න පුලුවන්...... හැබැයි මහා ලොකු files නම් බෑ....





 
Play the Video








අන්තිම කොටස දාන්නේ ලොකු කමකට නෙවෙයි ඈ... ඉස්සෙල්ලම කියන්න ඕනේ ඒක..

දන්නේ නැත්තම් නෑ කියන්න බැරි උං වෙනුවෙන් දාපු එකක්...
----------------------------------------------------------------------------------------------------------


කතාව මේකයි මගේ phone එකෙත් NFC feature එක තියෙන නිසා.... මට ඕනේ උනා NFC tag එකක් ගන්න... ඕවා ලංකාවේ විකුනන්න තියෙන තැනුත් ඇති... ඒත් මම ටිකක් ඇවිද්දා හොදම කියලා හිතාගෙන ඉන්න තැන් කීපයකට....


මම ගියා හොයන්න ඉස්සෙල්ලම Liberty Plaza එකේ ඔය Orange Mobile , Green Tel ඉදලා 1st floor එකේ හැම එකකම වගේ බැලුවා.. :3 NFC කියලා නිකමට හරි දන්නේ Orange Mobile එකේ උං විතරද කොහෙද... :/ :)  ඒත් ඒකේ තිබුනෙත් නෑ... -_-  අනෙක් shops වලට ගිහින් ඇහුවම උං බය වෙලා වගේ බලං හිටියේ මම බෝම්බෙයක් හදන්න parts එකතු කරනවා කියලා හිතලා වගේ...  :o


පස්සේ ගියා කො‍ටුවේ 1st Cross Street එකේ මුලු කෙලවරටම වාගේ .. මුල ඉදලා පටන් ගත්තොත් Asian Mobile , Transasia වගේ හැම එකකටම... :3 Transasia එකෙයි.. ඊට ඉස්සරහා තියෙන mobile shop එකෙයි උන් විතරයි නිහතමානීව ඇහුවේ "මොකක්ද NFC tags........"  කියලා.......  :) ... ඒ කෝකෙවත් නෑ... :(
හැම shop එකකම නම නම් මතක නෑ... :/  ඔය උඩින් කියපු shops දෙක ඇරෙන්න .. 1st cross street එකේ තිබුන mobile shops වල හැම එකකටම වගේ ගිහින්  "NFC Tags"  තියෙනවද ඇහුවම ... උං අපි දිහා බලන්නේ.. අමු කුනුහරපයක් මූනටම කිව්වා වගේ... -_- :3 . මගේ Phone එක Xperia නිසා ... මම Sony Smart Tags කියලත් ඇහුවා වැඩක් උනේම නෑ...!! :3 :/


එතනින් මල්වත්ත පාරේ තියෙන එකම Computer Shop එකද මංදා උන... "Central Impex" එකටත් ගියා... අර දවසම makeup දාගෙන සියල්ල දත්, ලොකු සීන් තියෙන ඇන්ටි-අක්කා (තනි වචනයකි) :3  ඉන්න shop එකෙත් බැලුවා....  :3 ඒකේ හිටපු කොල්ලෙක් කියපි "නෑ... නෑ.... Tabs නෑ..." කියලා.... ඌගේ කනේ වංගු.... මම ආයෙ කිව්වා "Tabs නෙවෙයි Tags, NFC Tags.... Sony Smart Tags" -_- :3  වැඩක් උනේ නෑ... ඒත් ඌ දන්නේත් නෑ... :/ :3
තව මල්වත්ත පාරෙම තියෙන Apple Mobile එකෙන් ඇහුවා .. එකේත් නෑ... එහෙම එකක් උං දන්නෙත් නෑ.... o.O :3
මට අහන්න බැරි උනේ Near Field Communication කියලා විතරයි




Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
November 6, 2014 at 8:03 PM delete

ගොඩක් දේ දැනගත්තා!

Reply
avatar