Action Cameras

Action Camera  ගැන දන්න අය වගේම නොදන්න අයත් ඉන්නවානේ.. ඉතින් කෙටියෙන්ම කිව්වොත් action camera එකක් කියන්නේ...! එදිනෙදා කරන action වැඩ කෑලි වෙනමම record කරන්න හදපු කැමරාවක්. cycling, ice skating , skiing  වගේ දේවල් කරන අයට එලකිරි fun එකක් ගන්න පුලුවන් action camera එකක් තියෙනවානම්. ඊටත් අමතරම aerial videography වගේ කරන්න use කරන්නේම action camera... තව කිව්වොත් මේ action camera වර්ග වාහනයක dashboard එකේ හයිකරගෙන යන dash cam එකක් විදියටත් use  කරන්න පුලුවන්.










GoPro



Action Camera වලින් හොදම සහ ජනප්‍රියම brand එක තමයි GoPro !! සුපිරිම quality එක නිසාත්, වැඩි ලොකු බරක් නැති නිසාත් මේක ගොඩක්ම ජනප්‍රියයි. ඒ වගේම GoPro brand එක වෙනුවෙන්ම support කරන third party accessories පවා ඕන තැනකින් ගන්න පුලුවන් නිසාත් action camera වලින් GoPro brand එක ගොඩක්ම ජනප්‍රියයි. GoPro brand එකෙන අද වෙනකොට HERO , HERO+  , HERO+ LCD  , HERO4 Session , HERO4 Silver , HERO4 Black  වගේ models තොගයක්ම තියෙනවා.... මේවායින් HERO , HERO+  , HERO+ LCD කියන models ටික entry level  කියලා හැදින්වුවත් ගනං බැලුවොත් නම අඩුම ගාන බැලුවොත් USD 129.99  ක් ම වෙනවා. ලංකාවේ සල්ලි වලින් බැලොවොත් dollar එකත් දැන් ටිකක් වැඩි නිසා (USD 1 = LKR 144.08) රුපියල් 18586.32 ක් වගේ මුදලක් වෙනවා... Tax අනං මනං එකතු වෙලා එද්දි ඉතින් 20,000 අනිවාරෙන් පනිනවා.


Base model එකම 20,000 පනින එකේ ඉතින් අනින් model ගැන බලාගන්න පුලුවන්නේ. ඒ වහෙම මේ GoPro action camera හැම එකකටම වඩා aerial videography වලට use කරන අය තමයි ගොඩක්ම ඉන්නේ..!  Professional වැඩ කරන අය ,. ඒ කිව්වේ wedding photography / videography කරන අය පවා use කරන gadget එකක් තමයි මේක.. !! ඒ වගෙම GoPro ඉහල model වල 4K video recording function එක තියෙන නිසාත් ඇත්තටම පොඩියට තිබ්බට professional  භාන්ඩයක් තමයි GoPro කියන්නේ..!!  Wide Screen footages ගන්න පුලුවන් වීම තමයි ප්‍රධානම advantage එක…





හැම දේකටම පස්සේ මේ action camera පොදුවේ ගත්තම LCD viewfinder එකක් නෑ... GoPro brand එකේ එහෙම in built LCD viewfinder එකක් තියෙන්නේ HERO+ LCD කියන model එකට විතරයි. අනෙක් models වලට LCD view finder එකක් ඕනෙනම් ඒක වෙනම සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ... LCD BacPac™ කියන GoPro එකෙන් හදුන්වන්නේ එහෙම එකක් තමයි... එහෙම එකක් ගන්න බැරිනම් GoPro විතරක් න්වෙයි අනෙක් action camera ගත්තත් use කරන්න තියෙන හොදම එක තමයි app එක... GoPro app එකනම් Android - Apple වගේ OS වලට විතරක් නෙවෙයි Android Wear වලටත් ලේසියෙන්ම support කරනවා. කොහොම උනත් මොන action camera එක use කරන්නත් අදාල brand එකේ App එක තියෙන්නම ඕනේ.. Camera එකෙන්ම basic දෙක තුනක් කරන්න පුලුවන්කම තිබ්බත් Action camera එකේ beep sound එක on/off කරන තැන ඉදලා, image quality , FPS, වහේ settings හැම දෙයක්ම change කරන්න අදාල camera brand එක අනුව app එකක් තියෙන්නම ඕනේ.....







Action Cameras ගැන කතා කරද්දි මතක් නොකරම බැරි brand එකක් තම්යි මෙච්චර වෙලා කියපු GoPro එක... ඒඋනත් තවත් action cameras අපි  දන්න කියන brands වලින්ම තියෙනවා... Sony , HTC , Samsung , Panasonic කියන්නෙත් action camera වලට හොද brands ටිකක් තමයි.. brand ටික ජනප්‍රිය උනත් action camera එකක් අතින් මේවට වඩා ගොඩක්ම ඉදිරියෙන් තමය් GoPro ඉන්නේ… මේ ඔය පහල තියෙන action camera එහෙමත් හොද quality තියෙන සුපිරි බඩු තමයි..





-----

Professional වගෙම entry level වැඩ වලත් එක වගේම support කරන උඩින් කියපු හැම action camera එකක්ම සාපෙක්ශව ගත්තොත් ගනං නම් ටිකක් විතර සැරයි... Professionals ලාට නම් ඒ හැටි අවුලක් නැතත් නිකමට ජොලියට use කරන්නනම් එච්චර ගානක් දීලා action camera  එකක් ගන්න එක අපරාදයක් කියලයි මම නම් දකින්නේ... කොහොම උනත් බය වෙන්න දෙයක් නෑ ඒවටත් හොද හොද alternatives තියෙනවා...! ඒ කිව්වේ Budget friendly action cameras  එහෙම නැත්තම් GoPro Alternatives
මේ ජාතියේ brands තොගයක් තිබුනත් හෑලි ලියන්න වෙන නිසාත් ජනප්‍රියම budget camera brand දෙකක් ගැන විතරක් කියන්නම්.....





Xiaomi YI Sports Action Camera


Version වර්ග දෙකකින් එන මේ action camera එක ලෝකකේ මිල අඩුම හොදම quality එකක් තියෙන action camera එක කියන්නේ කිසිම අතිශ්‍යයෝක්තියකින් නෙවෙයි. Xiaomi කියන නම ටිකක් විතර අහල පුරුදු නෑ වගේ තේරුනත් මේ brand එක දන්න අය ඕනෙ තරම් ඉන්නවා. Xiaomi කියන්නේ Chinese brand එකක්. China කිව්ව ගමන් මතක් වෙන චාටර් quality එකක්නම් නෙවෙයි මේකේ තියෙන්නේ ! අනිත් එක තමයි Xiaomi කියන්නේ Smartphone market එක ඇතුනේ චීනයේ තියෙන ලොකුම company එක... චීනයේ අංක එක වගේම ලෝකයේ 3 - 4 ස්ථානවල තමයි Xiaomi තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි brand එකේ කතාව.

Xiaomi Action camera එක එහෙම නැත්තම් Xiaomi YI Sports Action Camera  එක මේ තරම්, ඒ කිව්වේ අද මේ post එක ලියන වෙලාව වෙනකොට USD 65 වගේ වෙන්න මූලිකම හේතුව තමයි minimalistic presentation ! සරලව කිව්වොත් කලින් කියපු action camera වලට වගේ මේකේ box එකටවත් ඒ හැටි priority එකක් දීලා නෑ... ඒ උනත් ඒ කියන්නේ මේ product එක quality නෑ කියන එකනම් කීයටවත් නෙවෙයි. මොකද කියනවනම් Xiaomi YI Sports Action Camera  එකේ ඇතුලේ තියෙන lens එක, processor එක වගේම battery එක පවා හදලා තියෙන්නේ අපි හොදටම දන්න එයන ඒ ඒ අංශ වලින් සුපිරිම brands වලින්...!

Lence එක ගැන කතාකලොත් මෙකේ තියෙන්නේ SONY Exmo R BSI CMOS image sensor එකක් සමග 155° ultra-wide angle 16 Megapixel lens එකක්. Processor එක තමයි Ambarella A7LS කියන්නේ .. ඔව් Ambarella තමයි Umbrella නෙවෙයි... Ambarella A7LS processor කියන්නේ ගොඩක්ම action cameras වලට use කරන සුපිරිම processor එකක්... ඒ වගේම battery එක ගැන කිව්වොත් Panasonic 1,010mAh replaceable battery එකක් තමයි මේකට එන්නේ. නිකමට හිතලා බලන්න product quality එක..!


මේකේ ගනං අඩු වෙන්න හේතුව විදියට කිව්ව Box එක එන්නේ සාමාන්‍ය හයිය කාඩ්බෝඩ් පෙට්ටියකින්. අඩුම තරමේ box එක colorful වත් නෑ.. නිකං හරි හත‍රැස් පෙට්ටියක්... හතර පහකට නවපු user manual එකක් එක්කම, short USB cable එකයි, battery එකයි විතරයි එන්නේ.. මේවගේ දේවලින් තමයි මේකේ මිල ගොඩක් අඩුවෙන්න හේතුවත්.



පෙට්ටිය ලස්සනට තිබ්බා කියලා වැඩක් නෑනේ භාන්ඩෙනේ වටින්නේ. කොහොමහරි ඕක තමයි කතාව. තව වැදගත් දෙයක් 100% ම මම පෞද්ගලිකව එකඟ නැත්තට් මේ camera එකේ quality එක සමහර වෙලාවල් වලදී GoPro එකටත් වඩා හොදයි කියලා කියන්නේ මෙහෙමයි.


හරියටම කියන්න බැරි උනත් ගොඩක් දුරට මේ උඩ තියන image එකේ තොරතුරු වැරදිනම් නෑ....! හැබැයි මේ Xiaomi YI Sports Action Camera  එකේ තියෙන downside එකක් තමයි 4K video recording support කරන්නේ නැති එක.. ඒත් මුලදි කොහොමත් කිව්වා වගේ මේ මහා ලොකු professional වැඩ වලට හරි ගියේ නැතත් එදිනෙදා පාචිච්චියට ලොකු ගනං දීලා GoPro ගන්නවට වඩා මේ Xiaomi YI Sports Action Camera  එකටම් සුපිරි භාණ්ඩයක්. අඩු තරමේ 1080p video recording  තියෙන නිසා normal use කරන කෙනෙකුට ඒ හැටි අවුලක් නෙවෙයි.








SJCAM


මේකත් GoPro alternative එකක්. sjcam එකේ මූලිකවම තියෙන දෙයක් තමයි ගොඩක්ම දුරට මේක GoPro එක වගේමයි. ඒ වගේම තමයි SJCAM වල කලින් කියපු Xiami YI camera එක වගේ නෙවෙයි camera model තොගයක් තියෙනවා... දැනට SJCAM Web Site එකේ තියෙන විදියට model 15 - 16 වගේ තියෙනවා. ඒවා USD 75 ඉදලා 170 වෙනකම් වගේ ගනං වලට තියෙනවා. SJCAM එකට වෙනම third party companies වලින් accesories එච්චරම නැති උනත්. SJCAM වලින්ම තොග ගානක් accessories නම් තියෙනවා. ඒ වගේම මේ සමහර model වලට waterproof case එකත් එක්කම තවත් පොඩි පොඩි accessories කීපයක් originalම එනවා... සාමාන්‍ය පාවිච්චියටනම් ඒ ටික හොදටම ඇති. Model එහෙන් model එකට වෙනස් වෙන SJCAM සමහර model වලට එන්නේත් Xiami YI Cam එකට ආව වගේ SONY lens එකක් !! ඒත් සමහර ඒවට Panasonic lens පවා තියෙනවා  Ambarella Processor එකක් එහෙමත් තියෙනවා.







Polaroid Cube



මේ තවත් ජනප්‍රිය action camera එකක්... ඒත් Polaroid කිව්වම ඉස්සෙල්ලම මතක් වෙන්නේ photo එකක් ගත්ත ගමන් ඉස්සරහින් print වෙලා එන හෙන size camera එකක්..! ඒ කිව්වේ Polaroid camera එක එක්දහස් නවසිය ගනං වල ඉදලා තියෙන එකක්.. ඒත් ඒ Polaroid එකයි, මේ කියන Polaroid එකයි දෙකක්... ! හැබැයි එකම company එක...! ඒ කිව්වේ Polaroid Company එක පටන් අරන් තියෙන්නේ 1937 දී... !!




එක්දහස් නවසිය ගනන් වල Polaroid camera එක වගෙ නෙවෙයි දැන් තියෙන Polaroid cube එක.. මේක ලේසියෙනම කිව්වොත් action camera එකක්... මේකේ පොඩි කතන්දරයක් තියෙනවා.. ඒ තමයි Original GoPro එක ජනප්‍රිය වෙන්නත් කලින්ම තමයි මේ Polaroid cube action camera එක තිබුනේ.. ඔයගොල්ලෝ කියවලා තියෙනවානම් පරන "පරිඝනක" magazine ලාවට වගේ මේ ගැන මතකයක් ඇති




මේ කැමරා එකෙත් cube model එක තමයි action camera එක... Wide Screen lens එකකුත් එක්ක තියෙන මේ camera එක දැක්ක ගමන් මතක් වෙන්නේ GoPro session එක වගේම SJCAM M10 එක... මේ කිව්ව model එකකට එකක් පෙනුමෙන් එක වගේ. ඒ කිව්වේ හරි හත‍රැස් වගේම අතට අල්ල ගන්න බොහොම පහසුයි.

<චොම්පෛර්>


මේ Polaroid Cube එකටත් Waterproof case වගේම තවත් ගොඩක්ම accessories තියෙනවා ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. Color Options අතින් ගත්තත් GoPro ඉදලා ගත්ත හැම අනෙක් action camera එකකටම වඩා colors තියෙනවා. මේකේ තියෙන තවත් special feature එකක් විදියට කියන්න පුලුවන් tripod එකක් නැතුව ඕනෙම තැනක. ඒ කිව්වේ යකඩයක රදවන්න පුලුවන් strong magnet එකක් තියෙනවා. Polaroid Cube වැඩිය ජනප්‍රිය නොවුනත්  GoPro වෙනුවට ගන්න පුලුවන් සුපිරි භාන්ඩයක් …….





----------------------


ඔය ටික තමයි Action Camera වල කතන්දරය ඉතිං මේ හැම action camera එකක්ම ගත්තම, හැම එකකටම පොදු features ටිකක් තියෙනවා. හැම action camera එකක්ම අපිට physically use කරනවනම් buttons තියෙන්නේ වැඩිම වුනොත් 3 ක් වගේ විතරයි, Fully Functional ඕනෙනම් අදාල camera එකට අදාල mobile Application එක phone එකට install කර ගන්න ඕනේ. සරලව කියනවානම් action camera එකක් විතරක් තිබිලා මදි Smartphone එකක් නැතුව.


Action Cameras වලට accessories අදාල company වලින්ම ගන්න පුලුවන් වගේම GoPro වලටට්නම් ගොඩක් third party companies තියෙනවා accesories  ගන්න... ඒ වගේම ඕනම action camera එකකට හරිඔයට common accessories ඕනෙ තරම් ලංකාවේ වගේම online store වලත් තියෙනවා.. Polaroid Cube එකටනම් accessories ටිකක් විතර හොයා ගන්න අමාරුයි. ඒත් GoPro - Xiami YI වගේ camera වලනම් shops වල නැතත් original accessories ම ගන්න පුලුවන් online stores වලින්.








Share this

Related Posts

Previous
Next Post »