Period Bell

මේක ටිකක් පරන කතාවක්... ඒත් මේ පොඩ්ඩක් පරන ලියපු ඒවා ටිකක් දැක්කම හිතුනා පොඩ්ඩක්... අලුත් කරලා මේක ලියන්න...


Period Bell එක ගැන ... Period Bell  එක මොන ඉස්කෝලෙකටවත්, අපේ ඉස්කෝලෙටවත් මහා දෙයක් නෙවෙයි... පොඩි දෙයක් උනත් රසවත් නම්.. පොඩියට හරි ලියන්න හිතුන නිසා ඕන්න ඔහේ ලියනවා ඈ...


එක්දහස් නවසිය බර ගනන්වල (එච්චරම නෑ.. ඒත් අපි ඉපදිලාවත් නැති කාලේ) අපේ ඉස්කෝලේ වගේම ගොඩක් ඉස්කෝල වල තිබුනේ ඉතිං හැම එකකටම නික්ං ගාන්ඨාරයක් වගේ මෙව්වා එකක්නේ.... ඕක ඉතින් හත්තිලව්වේ.. period එකෙන් period එකට ගහනවා... නිකං හරි .. ඕක ගහන එකා වටේ ගිහිල්ලා තිබුනොත් .. ඌ ආපු වෙලාවට තමයි ඕක ගහන්නේ....


පස්සේ හැම රෙද්දකටම electronic gadgets ආවට පස්සේ ඕකත් ටිකක් electronic උනා... ඊට පස්සේ අර ගාන්ඨාරෙ වගේ එක use උනේ... interval එකට , ඉස්කෝලේ පටන් ගන්නකොට , ඉවර වෙනකොට වගේ පොඩි පොඩි ඒවටයි... ඒත් electronic item එකත් ඒ දවස් වල මගුලක්... ඒක electronic උනාට ..ඒක manually operated එකක්... ඒක press කරන්න ඉන්න එකෙක් නැති උනාම... මගුලක් වෙනවා... ඊට පස්සේ ඒ අහින්සකයා බැනුම් අහනවා principal ගෙන්....


ඉතිං ඔය දවස්වලම වගේ මුල්ම කාලේ තමා... මාත් ඉස්කෝලේ Media Unit එකට and ICT Society දෙකටම එකපාර set උනේ.... ඒ කාලේ period bell එක control කොරන තැනම තමා... Media Room එක තිබුනේ./.. (අදටත් එතනම තමා මං හිතන්නේ) ...
ඉතිං මගේ එදත් අදත් අති ජාත මිත්‍රයෝ දෙන්නගෙන් එකෙක් වෙච්ච .. එකෙක්ට .. උගේ උප්පැන්නේ නමේ මුල් නම සහ මැද නම උනේ "හශාන් චන්දික" උනාට මයිකල් කියලා තමා ප්‍රසිද්ද..... මංවත් දන්නේ නෑ ඒක කොහෙන් ආපු එකක්ද කියලා...


මේ.,... බයිලනේ ගහන්නේ...


කොහොමාහරි මම මේ යකාට කිව්වා... ඌ ඒකාලේ ඉදලාම software කාපු එකෙක් නිසා... මේකට මොකක් හරි ලබ්බක් කරපන් කියලා.... මිනිහා දෙයියනේ කියලා ගේමට බැස්සා...
ඊට කලින් අපේ විදුහල්පති තුමාගෙන් දෙයියනේ කියලා permission ගත්තා... නැත්තම් ඕක අහන්නේ නැතුව මොකක් හරි මගුලක් උනොත් අපි ඔක්කොටම බබා හම්බවෙනවා වගේම... ඕවා test කරන්නත් ඉස්කෝලේ ඇරෙනකම්ම ඉන්නත් වෙනවා.. නැත්තං හත්තිලව්වේ මේ කොල්ලෝ ටික මේ.. මගුලක්ද කියලා බලාලා හැම තැනම දුවලා.. විකාරයක් වෙනවනේ …


කොහොම හරි වැඩේට principal permission දුන්නා... අපේ principal මොනවා උනත් හොද මනුස්සයෙක්, මොකද ලමයෙක් කරන දේට තමයි මුල් තැන දුන්නේ වගේම ... වැඩක් හරියට කලොත් ඒ දේ ලගටම ඇවිල්ලා ඒ දේවල් අගය කලා.... එහෙම නැති වෙලාවට අම්බානෙට බැන්නේ නැතුවමත් නෙවෙයි ඈ...
ඔය පල්ලෙහා තියෙන්නේ sports meeting ඔක්කොම ඉවර වෙලා අපේ වැඩේ හොදට කලා කියලා කියන අවස්ථාවකදි උවිඳු මලයන්ඩි විසින් ගත්ත photo එකක්....






අනේ... දෙය්යනේ... ආයෙත් topic එක පිට යනවනේ... ඔය ගැන වැඩි විස්තර බලන්න මෙතනින් යන්න…












කොහොම කොකොම හරි වැඩේ ඉතිං හරි ගියා... අතටත් නිවාඩුවක් ලැබුනා.... ඒ කිව්වේ bell එක ගහන එකාගේ job එකත් lost උනා.... හරි හරි... ඉතින් දැං අහන්න එපා "උබලගේ ඉස්කෝලේ බෙල් එක ගහන්නම වෙනම එකෙක් හිටියද ?" කියලා... ගොං පාට්නේ එහෙම වුනොත්.... අපේ ඔය software එකේ නිර්මාතෘ උන හශාන් හාදයා හෙවත් මයිකල්.. ඉතිං ඔය චූටි පහේ සොෆ්ට්වරෙ කෑල්ල ඒ දවස් වල නමකුත් දාලා තිබ්බේ (The Ring ME) කියලා ඈ.... ඒක ඉතින් එලටම අදටත් වැඩ... ඒත් බුවා විසින්ම අලුත් අලුත් update දාලා .. security වැඩි කරලා අනං මනං කොලා... දැන් ඒකේ prototype එක බුවා ගාවවත් නැතුව ඇති,.....
මුල්ම එකේ screenshot එකක්.. අඩුම තරමේ මටවත් ගන්න හම්බවුනේ නෑ.... මු පස්සේ ඔය පල්ලෙහා තියෙන screen shot එකේ විදියට Tuxer Period Manager  කියලා නම වෙනස් කොරලා එහෙම එලට හැදුවා.. දැන් මමවත් මූ වත් ඉස්කෝලේ නෑ ඒත් .. අපි තාමත් ඒ tone එකනම් එහෙම්මමයි...












ඒ tone එක පිටිපස්සෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා/..... සිරාවට කිව්වොත් ඒ tone එක NOKIA E71 එකේ.. Alarm Tone එකක්...  ආයේ මක්කෙයි බොරු කියන්නේ හා නැද්ද...  ඒත් සිරාවටම NOKIA E71 කොහේ හරි තියෙන එකක් ඔය විදියට ඇහුනොත් ... අසෝකේ කොල්ලෙක්නම් උඩ හිහිං බලනවා... "හත්තිලව්වේ මේ අපේ ඉස්කෝලේ period bell එක මෙන්න මෙහෙන් ඇහෙනවා" කියලා ... ඒත් මංචං .. අපේ ඉස්කෝලේ tone එක ඒ phone වලින් ඇහෙන්නේ නෑ.... ඒ phone වල තිබ්බ tone එකක් තමයි අපේ මයිකල් කොලුවා .. මේ හශාන් චන්දික පුතා ‍තෝරගත්තේ.... නැතුව ඉතිං හත්තිලව්වේ... මොකෝ ආයේ ඉස්කෝලේ music කරන එකෙක්ට කියල tone එක හදා ගන්න යෑ.... ඒ මොන එහෙකටද එච්චර පිස්සුවක් නටන්නේ... වැඩේ තියෙන්නේ software එකේ නේ....
ඔය පල්ලෙහා තියෙන්නේ ඒ tone එක... පොඩ්ඩක් නිකමට වගේ play කොරලා බලහල්ලකෝ.. ඔය tone එක අමතක අසෝකේ පොරක් ඉන්නවාද කියලා....





මුලින්ම ඕකේ sound එක ටිකක් විතර වැඩී.... මරදානෙ පැත්තකටම ඇහෙන්න ගත්තා... : ඒම උනාම ඉතිං.. අහල පහල ඉස්කෝල වල එවුනුයි, අසල්වැසියොයි ඔක්කෝම --ඉන්ටවල්............. කියාගෙන එන්න ගත්තනේ. පස්සේ ඉතිං volume එක අඩු කලා... වැඩේ ඉවරනේ...



software කෑල්ල හදපු මැන්ට කිව්වේ... "මයිකල්" කියලා… (කලින් කිව්වනේ) ඕක හැදුවට පස්සේ පොරගේ නම "බෙල් මයිකල්" කියලා වෙනස් උනා… බෙල් එක වදින වාරයක් පාසා... ඒ දවස් වල මැන්ගේ class එකේ උන්ට "බෙල් මයිකල්" ව සිහි වෙනවා..... ඉතිං මේ බෙල් මයිකල් (හශාන් චන්දික) software අතිං අදටහ් හෙනම වැඩ්ඩේක් ඈ.... සමහර මගේ පොඩි පොඩි software කෑලි වල පොඩි part එකක් විතරක් මූට හදලා එවපන් කිව්වම... මේ යකා එක දවසින්.. හදන්න කියපු එක නෙමේ.. මුලු එකම හදලා එවනවා කියහන්කෝ…





ඉතිං ඔන්න ඕකයි පුතාලා ඉස්කෝලේ period bell එකේ කතන්දරේ ඈ...


Share this

Related Posts

Previous
Next Post »

1 comments:

comments
November 13, 2014 at 7:46 AM delete

matanm a seen eka hodatama mathakyi mamth Media eke and ICT eke hitiya. thamath a bell eka hodata matahkayi niyama post eka

Reply
avatar