Bandu Vs. Bindu

Bandu Vs. Bindu

බන්දු සමරසිංහ ඩයල් එක.. ඕක මරු ඈ... පොර live programs වලට ඇවිල්ලා හෙන පොර ටෝක් දෙන්නේ නිකං සියල්ල දත් එකෙක් වගේ. හැමෝටම උදව් කරන එල මනුස්සයෙක් වගේ... මොකක් හරි live program එකකට ආපුවහම මිනිහාට කතාකරන්න විතරක් වෙනම කාලයක් ගන්නවා... ඒ අරගෙනත් කතාව ඉවර කරන්නේ පටන් ගත්ත තැනින් නෙවේ. වෙන කොහේටවත් අදාල නැති තැනකින්…
දෙමාපියන්ගේ වැ‍රැද්දකින් මොකක්දෝ උනා කියාගෙන අපිටවත් තේරෙන්නේ නැති මොංගල් පහේ කතාවකින් පටන් ගෙන කොහෙටවත් නැති මාතෘකාවකින් ඉවර කලත් මිනිහා අන්තිමටම කියන දේ තමයි මේ ලංකාවේ සමාජය වැරදියි, මේක නිවැරදි කරන්න ඕනේ.. "කුහක කම අතහරින්න ඕනේ" ඔය වගේ පට්ට කතා... මේවා බලන අපිට උනත් එතකොට හිතෙන්නේ මේකා ජෝකර් වගේ රගපෑවට හෙන පොර කියලා.


ලගදී වෙච්ච මේ සිද්දියත් එක්ක  බන්දු සමරසිංහ කියන්නේත් සිරාම ගොං ජෝක්කර් කෙනෙක් කියලා එතනදී තේරුනා.. ගමේ කොල්ලෙක් උන බිංදු බෝතලේගම මේ බන්දු සමරසිංහව අනුකරණය කලා කියලා නඩුවක් දාන්න තරම් කුහහ උන පොරක් තමයි දැන් බලන් යනකොට ඩයල් එක.! අනිත් උන්ගේ කුහක කම් ගැන බයිලා ගහන.. මේ ජෝගි සිනමාවේ ජෝකර් වීරයා කියලා හිතන් හිටපු ලොකුම කුහකයා මේක උනා අන්ත්තිමේදි..!!


ලංකාවේ ඕනෙ තරම් කුහකයෝ ඉන්නවා.. කාලෙකදී ප්‍රියා සූරියසේනත් පලමු වටයේ සිරස Super Star උන අජිත් බණ්ඩාරටත් case ඇද්දා.. උං කොහොමත් කුහකයි නේ... මෙතන මේ බන්දු සමරසිංහගේ විශේෂත්වය තමයි පොර අර කලින් කිව්වා වගේ live programs වලට ඇවිල්ල... මෙයා කුහක නැති නිහතමානී කියලා කියා ගන්න එක... එහෙම කියලත් අන්තිමේදී මේකාගේ බළල මල්ලෙන් එලියට පැන්නා…


එක අතකින් බැලුවම ලංකාවත් මහා පුදුමාකාර රටක්... මේ ලස්සන රට සැප සම්පත් හැම එකකින්ම සපිරි සුපිරි රටක්... ස්වාභාවධර්මය, කාලගුනය අතින් බලපුවහම කරදරක් නැතුව ජීවත් වෙන්න පුලුවන් රටක්.. ඒත් හැම පක්ශෙකින්ම , පාටකින්ම එන තමන්ගේ බඩ පුරවගන්න දගලන දේසපාලු සංහතිය නැත්තම් මේ දේවල් ‍රැක ගන්න එක මහා ලොකු කජ්ජකුත් නෙවෙයි... ක්‍රීඩාවෙන ක්‍රිකට වලින් ලෝකයම ලංකාව ගැන කතා කරද්දි, ඔලිම්පික් ගැන කතා කරද්දි, ලෝකයේ බයානකම ත්‍රස්තයන් පරද්දපු හමුදාව ගැන කතා කරද්දී.... මේ දේවල් වලට සාපෙක්ශව බැලිවොත් ඉතාමත් කීප දෙනෙක් ඇරෙන්න ලංකාවේ කළාකාරයෝ කියන ජාතියනම් රටට කරපු මගුකක් නෑ.... ජාතිය්‍යන්තර ජයග්‍රහන උං අරං තියෙන්නේත් නිකං තුන් හතර දෙනා organize කරපු... එහෙම award ceremony තිබුනද තියෙනවද කියලා ඒ රටේ film industryයේ සම්බන්ද උංවත් දන්නේ නැති ඒවා වලයි...!! ඊට පස්සේ ඕවා අරං ක‍ටුනායකින් flight එකෙන් බැස්ස ගමන් ලංකාවේ media කාරයෝ උංව තියන තැනත් එක්ක මේ කියන කලාකාරයෝ උඩ යන හැටි හිතා ගන්න පුලුවන්නේ…


ඇත්තටම එහෙම පිලිගත්ත උං ලංකාවේ මුලු Film industry එකේ history එක ගත්තත් අතේ ඇගිලි ගානට නැතුව ඇති.. කොහොම උනත් මේ media කාරයොයි, මිනිස්සුයි මේ එකතුවෙලා කරන ජෝගිය නිසාම මේ කළාකාරයෝ උඩ යනවා... නිකමට බලන්න ලෝක ප්‍රසිද්ධ Michael Jackson, Elvis Presley,  දැන් ජීවතුන් අතර නැති ගායකයෝ ඉන්න කාලෙත් නැති කාලෙත් ඒ සිංදුම කියන කීයක් නම් හිටියද ඉන්නවද පොඩි පොඩි සිදුවීම් කීපයක් ඇරුනම මේ ලංකාවේ උං වගේ කුහකකම පුරවාගෙන, තව එකෙක් ගොඩ යයි කියලා බයේ නඩු පිට නඩු දාන.. එහෙම ලෝකෙන්ම ගත්තත් ඉන්නවා ඇත්තේ ලංකාවේ විතරයි.. බන්දුව පැත්තකට දාමොකෝ පොඩ්ඩකට..! ඔය අපේ ලංකාවේ උංගේ සිංදුවල අයිතියට නඩු කියන උං ලැජ්ජාවක් නැතුව කෑ ගැහුවට ඔය මුල් ගීතය කියපු උං කිව්වට ඒවාගේත් melody එක උංගේ නෙවේනේ ඒවා භාගෙට භාගයක්ම ඉන්දියාවේ melody එහෙමත් තියාගෙන ලැජ්ජ නැතුව නීති කතා කරන ලංකාවේ කළා කාරයොයි...!! 100% ක් තමන්ගේ නිර්මාන වෙන උං copy කරද්දි ඔහේ බලං ඉන්න සිරාවට ලෝක පූජිත කලාකාරයොයි අරගෙන බලන්න අපිට කොහෙන්ද හිනා යන්නේ කියලා...!!


කාගේ උනත් බුද්ධිමය දේපල කොල්ල කනවනම් කතා දෙකක් නෑ වැරදී තමයි.. ඒත් මේ සමහර සුලු දේවල් වලට නිකං patent බලපතයක් උස්සලා වගේ අහිංසක මිනිස්සුන්ට නඩු දාන එක කොච්චර දුරට සාදාරනද... පරන ගායකයෝ කියලා උඩ තියං ඉන්න ජෝතිපාලලා උනත් අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නේ ඒ ලොකු කරන් අහපු සිංදුවල melodies වල බාගෙට බාගයක්න්ම Indian කියලා තමයි...!! අපේ උං මේ දගලන දැගලිල්ලට ඉන්දියාවේ උං නඩු දාන්න ගත්තොත් ඒ ණය අවුරුදු 50 කට සමහර විට 100 කටත් ගෙවන්න බැරි වෙනවා...
මේ දේවල් ඒ කාලේ වැඩිය දැනුනේ නැත්තේ.. සමහර විට ගායකයාම පොර කියන සිංදුවේ melody එක ලංකාවේ නෙවේ කිව්වත්.. දැං වගේ තාක්ශනය දියුණු නැතු නිසා අපේ මීනිස්සුන්ගේ මතකයේ උනත් ඕවා ‍රැදෙනවා අඩුයි. ඒකට දැන් ඕන තැනක MP3 Player ඒවටම එන radio ඉතිං දැන් දන්නවා සිංදුවක් copy කලාම සමහර FM channel වලින්ම නිකං කින්ඩියටම වෆේ පරණ සිංහල සිංදුවයි,  ඒ එක්කම තියන Indian melody එකේ මුල් සිංදුවයි play වෙනවා... එතිං දැං ඉන්න මිනිස්සුන්ට තේරෙනවා ඉස්සර මිනිස්සු ඒ කාලේ කළාකාරයන්ව උඩ තියාගත්ත හේතුව...


කලින් කිව්ව ලෝක පූජිත පරන කළා කාරයෝ වගේම මෑතකදී ජනප්‍රිය උන Taylor Swift, Selena Gomez, Britney Spears, Bruno Mars වගේ අයටත් ලෝකේ පුරාම අනුකරණය කරන පොරවල් බුරුතු පිටින් හිටියත් මේ media වලින් පුම්බපු කළාකාරයෝ වගේ උං දගලන්නේ නෑ... උංට දගල්ල ඕනේත් නෑ... ලෝකේ රටවල් 50 කට 60 කට වැඩිය උංගේ සිංදු ජනප්‍රියයි, අනිත් එක ලෝක ප්‍රසිද්ධ හැමෝම දන්න award ceremony වලින් award ගත්ත උංට , උංව මොකා අනුකරණය කලත් කිසිම කචල් එකක් නෑ... උංව පාගන්න බෑ කියලා උංට ආත්ම විශවාසය තියෙනවා

අහිංසම මිනිස්සුන්ව හිරේ දාන්න හදන බංදු සමරේලා වගේ උං කොච්චර දැගලුවත් අන්තිමේදී උංට වෙන්නේ තිබුන මිනිස්සුන්ගේ ගෞරවයත් නැතිවෙලා යන එකම තමයි
Mothers’ Day

Mothers’ Day

Mothers’ Day…. ? Seriously ? 10th May ? whaaat…. I didn’t know that and I didn’t even share anything related to that …………………. soo…… does that mean I don’t love my mom… ?
ohh man……….

come on man.. really…!

Just wanna say something …. First of all I wanna say something to the people who think that I have done damn wrong thing to my mom..!

FUCK YOU ALL ….. If you really love your parents you don’t need to remember a particular day.. besides I have shared lots of snaps with my parents. If you have bloody attitudes you feel free to find them out..!! Social media is not a place to show your love to parents.. and no need a special day of few days for that …!! So again get the fuck out of those attitudes and do love your parents !