හැම පාසලකම සිසු සිසුවියන් කැමති තමන්ගේ පාසලට උගත් වගේම ප්‍රථාපවත් විදුහල්පති වරයෙක් එනවට, තමන්ගේ විදුහල්පති වරයා සුදුසුකම් සහිත කෙනෙක් වනවා කියන්නේ.. ඒ පාසලට අදාල සෑම අභ්‍යන්තර පාර්ෂවයකටම අපේ වචනයෙන්ම කියනවානම් ගැම්මක් එනවා කියන එකයි. හැබැයි මොන තරම් සුදුසුකම් තිබුනත් අදාල විදුහල්පති වරයා අපේ පාසලට වැඩක් කලේ නැත්තම් ඒ සුදුසුකම් වලින් සත පහක වැඩක් නෑ... මම කලිනුත් කිව්වා වගේ විවුර්ථව කියන්න ඕනේ... උපශාන්ත විදුහල්පති වරයාට කලින් ... සිටිට එවැනි විදුහල්පති වරයෙක් හිටියා, එතුමට සුදුසුකම් නම් තිබුනා, වසර 10 කට වඩා පාසල පාලනයත් කලා... නමුත් පාසලට වැඩක් උනේ නෑ.... ඉතින් දැං විශ්‍රාම සුවයෙන් පසුවන එතුමා ඒවාට හිතින් විඳවනවා ඇති... කොහොම නමුත් විදුහල්පති වරයෙක් උනාම සුදුසුකම් වගේම පාසලට දැනෙන්න සේවයක් කරන්නත් ඕනේ....
මම අර කලින් කිව්ව දැං විශ්‍රාම සුවයෙන් පසුවන විදුහල්පති තුමා වසර 10 කටම නොකරපු අති විශාල සේවයක්.... 2009 යේදී පාසලට ආපු ප්‍රසන්න උපශාන්ත විදුහල්පති තුමා අරබනවා. කාලයක් තිස්සේ පාසලට විශාල අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩාංගනයක් අසෝකීයන්ට හිමිවන්නේ මෙතුමනේ පැමිනි මුල් කාලයත් සමගයි. පාසලෙන් දුරක පැවතියත් පාසලටම අයිති දේපලක් ලෙස එම ක්‍රීඩාංගනය හඳුන්වන්න පුලුවන්. රෑ , දිවා පුහුනුවීම් කල හැකි Indoor Cricket Net එකක් සමග, කාර්‍යලයක්, සනීපාරක්ශක කටයුතු සදහා ඇතුලු, බොහෝ අංගයන්ගේන් සමන්විත ක්‍රීඩාංගනයක් අප සතු වුනේ උපශාන්ත විදුහල්පති තුමන්ගේ පැමිනීම නිසයි. අද වන විට එය දිවයිනේ පාසල් ක්‍රීඩාංගන අතර මුල් 10 - 15 අතර පවතී.
මෙතුමා හිටිය අවුරුදු 4 ඇතුලේ අවුරුදු දහයක වැඩ කලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. සර් නිහතමානී චරිතයක් වැඩි සෝබන තිබුනේ නෑ.. අපේම සමහර ගුරුවරු වගේ ආඩම්බරකම් තිබුනේ නෑ. සර්ගේ පෞද්ගලික ජීවිතේ ගත්තොත් සර් ගමේ හැදුන මනුස්සයෙක් නිසා සරලව හිතන කෙනෙක්. සර් ඉගෙන ගෙන තිබුනේ කෑගල්ල්ගේ සුන්දර පරිසරයක් අගනුවර වගේ සද්ධ බද්ද නැති.. ප්‍රධාන පාසලක් උන "කෑගලු විද්‍යාලයේයි" විවාද තරඟාවලියක් සඳහා කෑගලු විද්‍යාලයට ගිය දිනයකදී අපිට එය දැන ගන්න ලැබුනා. ඒවගේම අපේ පාසලේම ශිෂ්‍යයෙක්ගේ පියෙක් එම විද්‍යාලයේම , උපශාන්ත විදුහල්පති තුමාගේ පහල පන්තිකල ඉදලා තියෙනවා, ඔහුට අනුව ඒ කාලේ කෑගලු විද්‍යාලය සහ ශාන්ත මේරි විද්‍යාලය අතර පවතින big match එක තමන්ගේ පාසල දිනපුවාම , සාම්ප්‍රධායිකව ඔවුන්ගේ කොඩිය උතුවන්කන්දේ ගහන්නේ උපශාන්ත සර්ලු.
ඔය හැම දෙයක්ම අතරේ සර්ට පුතෙක් සහ දුවෙක් ඉන්න නිසා ඒ වයසේ ලමයි ගැන .. විශේෂයෙන් කොල්ලෝ ගැන සර්ට හොඳ දැනීමක් අපේ පාසලේ විදුහල්පති ලෙස හිටිය කාලේ තිබුනා. අපේ වචනයෙන් කියන්වනම් සර්ගේ කනෙන් රිංගන වැඩේ හිතන තරම්ම ලේසි වෙන්නේ නෑ වගේම, එහෙම දෙයක් අහුවොනොත් කොල්ලට දෙයියන්ගේම පිහිටයි.
දඩුවම් කරන්න ගියාහමත් සර් දරුනු වෙනවා.. එක්තරා දවසක , ඉස්කෝලෙට එනකොට ලමයෙක්ගේ report එක check කලේ නෑ කියලා සර් සුපිරි කනේ පාරක් දෙනෝදාහක් මැද්දේ prefect කෙනෙක්ට දීලා තිබුනා... school van නවත්තලා බලන්න තරම් ඒක වේගවත් පහරක් උනා... හැබැයි ඊට පැයකට විතර පස්සේ ඒ prefect ට සර් බොහොම සංසුන්ව කතා කරලා තිබුනා... ඔය වගේ කතා ගොඩක් මේ පසුගිය අවුරුදු 4 ටම උනාට... කවුරුත් මානව හිමිකම් යන්න තරම් මෝඩ උනේ නෑ.... අද සර් අසෝකයට අයිති නෑ.. ඒත් එදා ඒ ගුටි කාපු අපේ අසෝකේ කොල්ලන්ට අහැට කදුලක් එන ව්දියට සර්ගේ පාසලට නැති අඩුව දැනෙනවා....
---
අධ්‍යාපනය වගේම බාහිර ක්‍රියාකාරමක් වලටත් සර් ලොකූ support එකක් දුන්න.. එතුමා හිටපු කාලේ මම පෞද්ගලිකව හොදින්ම දන්නවා Media Unit එකට විතරය්ක් ලක්ශ ගානක මුදල් යෙදෙව්වා.. work shop තියලා ඉස්කෝලේ ඉන්න සුපිරි වැඩ කාරයන්ව උඩට ගේන්න වැඩ කලා... ඒ වගේ දශවයනව සර්ගේ දුවගේ ඉස්කෝලේ අභ්‍යන්තර වැඩ වලට පවා යෙදෙව්වා... ඒ වගේම තරමයි ඕනම වැඩකදි අපි මොකක් හරි දෙයක් හොදට කලොත් ඒ දේ අපේ ලඟටම ඇවිල්ලා අපිව අගයන්න තරම් එතුමා නිහතමානී උනා... දවසේ විඩාව කෙතරම් එතුමට තිබුනත් ඒ දේ කියන්න එතුමට පුලුවන් උනා :: ඇතැම් විට ඒ වගේ ද්වල් අපේ ගුරුවරුවත් කරන්නේ නෑ... විදුහල්පති තුමා එහෙම ශිෂ්‍යයන් අගය කරන එක ශිශ්‍යයන් විදියට අපිට ලොකු හයියක් උනා...!
= = = = == = = = = = = == =
= = ==
අසෝක විද්‍යාලයේ මුල් කාලයේ සිටම පැවතෙන primary consent එක තමයි "කුමර රැඟුම්" 2011 අවුරුද්දේ ඒක වෙනදටත් වඩා කරන්න විදුහල්පති තුමා තීරණය කලා. කොහොමහරි ඒ වැඩ වල සුවනියර් ඇතුලු, video trailers වගේ තව වැඩ කොටසක් භාර වුන පිරිසක් හිටියා.. යුතික අයිය්යා, ඇතුලු ලහිරු, රජින්ද්, බාසිත්, හශාන්, සමග මමත් මේ පිරිසේ හිටියා... ඒ දවස් වල අපි ඔය වැඩ වලදී දිගටම වගේ රෑ වෙනකම්ම කලා, සමහරු එලිවෙනකම්ම... සර්ගේ තවත් නිහතමානීකමක් කියන්නේ... අපි වැඩ කරන සමහර දවස් වලට රෑ 7 ට 8 ට වගේ... සර් අපිට තේ ටික flask එකක දාගෙන එනවා .... ඇත්තටම අධ්‍යාපන පරිපාලනයේ පලමු පංතියේ නිළධාරියෙක්ගේ නිහතමානී බවට තවත් නිදසුන් තියෙනවාද....
= = ඒ වගේම කඩවත, කිරිබත්ගොඩ ඉන්න අපිව මරදානේ ටෙක්නිකල් හංදියෙන් bus halt එකට දාන්න ඔය දවස් වල සර්ගේ වාහනෙන්ම ඇරලවනවා.. ඒ යන අතරමගදී අපේ විස්තර අගගෙන තමයි යන්නේ...
ඒ අතරේ අරවින්ද මල්ලිගෙන් මෙහෙම අහන්වා...
"ඔයාගේ මොකක්ද නම...?"
"අරවින්ද"
"ආ... අරවින්ද මගේන් ගුටි කාල තියෙනවා නේද...?"
"ඔව් සර්.........."
== = = =
... මම හිතන්නේ සර් දඩුවම් දීපු ලමයින්වත් මතකයි.... මොකද සර් ගොඩක් වෙලාවට තේරුමක් ඇතුව වැඩ කලේ....
- - - --
ඒවගේම තමයි සර් අනධ්‍ය කාර්‍ය මණ්ඩලයටත් හොදට සැලකුවා... ඒ අයටත් මම දන්න තරමින් අසාධාරණයක් වෙන්න ඉඩ තිබුනේ නෑ... එක දිනයකදී අපේ 11 වසරේ මල්ලිලා වගයක් .. සනීපාරක්ශක සේවකයෙක්ට විහිලු කරලා ඒක දැන ගත්ත විදුහල්පති තුමා, ඒ මුලු පංතියම පැයට ඉස්කෝලේ මැද්දෙම දන ගස්වලා තිබ්බා...!!
සමගර සේවකයෝ එතුමාගේන් අයුතු ප්‍රයෝජන නොගත්තත් නොවේ.. කොහොම දඩුවම් කලත් එතුමා ඒකෙන් හැම වෙලාවෙම බලාපොරොත්තු වුනේ හැමෝටම ගරු කරන ශිෂ්‍ය පිරිසක් අසෝකයෙන් බිහි කරන්න ... එතුමා ඒ අතින් සාර්ථකයි.. ඒ නිසා තමයි... උපශාන්ත විදුහල්පති තුමාගේ අඩුව දඩුවම් විදපු නොවිඳපු හැම කෙනෙක්ටම දැනෙන්නේ.... !!
= = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = = =
2012 අවුරුද්දේ ආරක්ශක ලේකම්තුමාගේ අදහසකට අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරින් විදුහල්පතිවරුන් ඇතුලුව 23 දෙනෙකුට Brevet Colonel තනතුරු දෙනවා... ඒ උපශාන්ත විදුහල්පති තුමත් ඇතුලුව.... ඔය සිද්දියට ගුරු සංගම් ඇතුලු දේශපාලුවන් කිව්වේ.. ලමයිනට සැලුට් ගහන්න වෙයි, ලමයිට වෙඩි තියයි වගේ ගොං කතා ටිකක්.... කොහොම උනත් ... සරල සාමාන්‍ය විදියට හිටපු සර් කවදාවද් තනතුරු වලට වෙනස් උනේ නෑ.... සර් හොඳට හොඳටම හොඳයි, නරකට ඒ වගේම උපරිමයි..! ගුරුවරුන්ටත් ඒ විදියමයි වෙනසක් නෑ....ඒ වගේම මේ blog post එක දැක්කොත් දෙයියන්ගේ පිහිටයි... හොදක් වුනත් මෙහෙම ලියනවට සර් කැමති නෑ...
ආරක්ශක ලේඛම් තුමන් අතින් කර්නල් තනතුර ලබා ගන්න මොහොත |
කර්නල් තනතුරු ලෑබූ විදුහල්පතිවරු හා නිළධාරීන් |
ජනාදිපති තුමන් මුණගැසුනු අවස්ථාව |
කර්නල් තනතුර ලබා අසෝකයට පැමිණි මොහොත |
අසෝක විද්‍යාලය කියන්නේ උපශාන්ත විදුහල්පති තුමාට පෙර සිටම ප්‍රධාන පාසලක් ! මුල් 20 ඇතුලත තිබුන පාසලක්. ධර්මරත්න විදුහල්පති තුමාගේ මහඟු සේවය ඉදිරියට කරගෙන යෑමට ඇතිවුනු බාධාව මග හැරුනේ 2009 දී ආ උපශාන්ත විදුහල්පති තුමාගේන්... අවංකවම නිවැරදිව කතා කරනවනම් ප්‍රධාන යන වචනයට පමණක් සීමා වූ එය යථාර්ථයක් කලේ උපශාන්ත විදුහල්පති තුමන් විසිනුයි.... ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ දෙගොල්ලන්ගේම ආකල්ප වෙනස් කිරීම එතුමන්ගේ විශාලතම සේවයයි. ....
===============================================================
අසොකයේ නිර්මාතෘ ධර්මරත්න සර් විදුහල්පති තුමන් |
එදා මහා පුරුෂයෙක් උනු අසොකයේ නිර්මාතෘ ධර්මරත්න සර් ගැන අපේම අසෝකේ අයියලා... ආඩම්බරයෙන් කතා කරනව, එතුමන් ඇහැට නොදැකපු පරම්පරාවට පවා ගෞරවයක් ඇතිවන විදියට එතුමන් සේවය කල නිසා අදටත් ඒ ගරුත්වය තියෙනවා....... ඒ වගේම අපිටත් අසෝකය නියෝජනය කරපු පරපුරක් විදියට ප්‍රසන්න උපශාන්ත විදුහල්පති තුමන් ගැන කතා කරන්න පුලුවන්.. ඒ අතින් අපිත් වාසනාවන්තයි... විද්‍යාලයේ ධර්මරත්න ගුරු පියානන්ට පස්සේ රත්තරන් අවධියක අපිත් හිටියා කියන අසෝකීය අභිමානය අපිට තියෙනවා....
========
අන්තිම ටික කියන්න තියෙන්නේ මහානාමේ සහෝදරවරුන්ටයි. අපි බොහොම විවෘතව කතා කරමු, කලිනුත් කිව්වා වගේ පොර talk නැතුවා.. හතවතින් කතා කරන මහානමේ සහෝදරයන්ට මේ පොඩි කතාව...
2013-10-26 උදේ 10 න් පස්සේ කර්නල් ප්‍රසන්න උපශාන්ත විදුහල්පති තුමා මහානමෙට අයිති සම්පතක්. මහානමෙත් අසෝකේ අපි හොඳින් දන්න වගේම රටේ ප්‍රධාන පාසලක්. මහානාමේට වසර එකහාමාරක් යනතුරු විදුහල්පති වරයෙක් සිටියේ නෑ වගේම හිටපු විදුහල්පතිපරු කීප දෙනෙක් දූශිත බව අපට දැනගන්නට ලැබී අවසන්...
-- ඔබලාට දැන් ඉන්නේ ඉතා වැදගත් විදුහල්පති වරයෙක් , මොහු බලාපොරොත්තුවේ සංකේතකක්..... මහානාමටය ආපු නායකයව ඔබලා හොදින් පිලිගන්න. එතුමාට සහයෝගය දක්වන්න ඔබගේ මාතාව නගා සිටුවන්න...
පසුගිය කාලයේ සිදුවීම් එක්ක මහානමේ විදුහල්පති වරුන්ව එපා වී ඇති බව ඔවුන් මේ දිනවල facebook සහ online newspapers වල දාපු comments වලින් පැහැදිලී... ඒ වගේම ඔවුන් එහෙම චකිතයකින් සිතන එක 100% ක් සාධාරනයි.. ඒ හැම comment එකක්ම අපි අසෝකීයන් විදියට පිලිගන්නවා...!!
කොහොම වුනත් බෞද්ධයෝ විදියට අපි දන්නවා මිනිස්සු වෙනස් වෙනවා people change with time ,, ඒ කොහොම උනත් අපි දැඩිව විශ්වාස කරනවා උපශාන්ත සර් ලොකු සේවයක් මහානාමෙට කරයි කියලා...
මහානාමෙට ජය පතනවා... ඒ වගේම ශිෂ්‍ය පිරිසටත්
කර්නල් ප්‍රසන්න උපශන්ත විදුහල්පති තුමා සමග මහානාමෙට දීර්ග ගමන්ක් යන්න අසෝකීයන් විදියට හතවතින්ම සුබපතන ගමන්ම...
අසෝක විද්‍යාලයේ ශිෂ්‍ය විධායක මණ්ඩලයේ කචීෂ කාරියවසම් සොහොයුරාගේ නිසදැසකින් අවසන් කරනවා.....!!
****
---------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------
©
Random Sithuwili -- Our Former Principal ||| Ashan Mihiranga Widyarathna. All
rights reserved.
------------------------------------------------------
1 comments:
commentsප්‍රසන්න සර්ගෙං මුලිංම කෑවේ අභිෂේක්...
Replyඒ 2010 සයන්ස් ඩේ එක දවසේ එල්ෆින්ස්ටන් බැල්කනි එකේදි...