Xiaomi YI Sports Action Camera

Action Cameras ගැන දාපු post එක කියවන්න ඇති කියලා හිතනවා. කියෙව්වේ නැත්තම් කියවන්න.. එහෙම නැතත් අවුලක් නෑ ඉතින්, මේ post එකෙන් කියන්න යන්නේ...  Xiaomi YI Sports Action Camera එකක් මිලදී ගන්න එක ගැන.. ලංකාවේ ගොඩක්ම shops වල නැතත් ලෝකයේ ජනප්‍රියම GoPro Alternative එක වන Xiaomi YI Sports Action Camera එක.. online store වලින් ගොඩක් අඩුවට ගන්න පුලුවන්.

online ගන්න කලින් පොඩි research එකක් තියෙනව පුලුවන්නම් කරලා බලන්න.... එච්චර ලොකුවට ඕනේ නෑ, ඔය camera items, mobile phone shops වගේ දෙක තුනක.. විශේශයෙන් බම්බ පැත්තේ Unity Plaza , Majestic City වගේ.. තව කො‍ටුවේ 1st Cross Street , 2nd Cross Street වල වගේ.... ඒ shops වල තිබිලත් මේ Xiaomi YI Sports Action Camera එක රුපියක් 15000 කට වඩා සතයක් හරි වැඩිනම් තේරුමක් නෑ ගන්න එපා./.. මොකද අපේ අයියලා මේ වගේ items ලොකු ලාභ තියං විකුනන්නේ.. Shops විතරක්ම නෙවෙයි තව තියෙනවනේ ලංකාවේ online shops නම් කියන්න ඕනෙ නෑනේ.. ඒවා එතකොට online බඩු විකුනන අයියලා... ඒ අය මේ action camera එක ගිනි ගනං වලට විකුනන්නේ..

මම රුපියල් 15000 ට වැඩිනම් ගන්න එපා කිව්වේ.. eBay වගේ online site වල ඕවා හෙන අඩු නිසා... මේ Xiaomi YI Sports Action Camera එක ජනප්‍රිය වෙන්න ලොකුම කාරණයක් තමයි මිල අඩු බව.. එහෙම තියෙද්දි ලංකාවේ වැඩි ගනං වලට විකුනනවා කියන්නේ තේරුමක් නෑනේ... කොහොම උනත් 15000 ට අඩුවෙනුත් හොයා ගන්න බැරි කමක්ම නෑ ලංකාව ඇතුලෙත්... ඒත් මම හොයනකොට එහෙම තිබ්බේ නෑ.... ගත්තට පස්සෙනම් තැන් දෙකක වගේ තිබුනා. කොහොම උනත් මේ post කියන්න යන්නේ online  ගන්න විදිය ගැන තමයි....








Banggood කියලා Chinese online store එකක් තියෙනවා... මේක eBay තරම්ම ජනප්‍රිය නැතත්.. මේ site එකෙනුත් බඩු ගෙන්නන අය මෙහේ ඕනෙ තරම් ඉන්නවා.. මොකද Banggood කියන්නෙත් හොද trusted site එකක් !! PayPal certificate කරපු security අතින් උනත් සුපිරිම site එකක්. මේකේ eBay වලටත් වඩා තියෙන ලොකුම වාසිය තමයි අපිට shipping methods ‍තෝරගන්න site එකෙන්ම procedure එක තියෙනවා... උදාහරනයක් විදියට courier service එකකින් ගෙන්න ගන්න ඕනෙනම් අපිට තියෙන්නේ shipping method එක select කරන එක විතරයි. eBay එකේ එහෙම කරනවානම් ඉතින් seller ට message එකක් යවලා.. seller ගේ කැමැත්තක් තිබ්බොත් විතරයිනේ ගෙන්න ගන්න පුලුවන්. ඒ අතින් මේ Banggood site එක ගොඩක් පහසුයි.
මේ screen shot එක පස්සේ ගත්තු එකක්. මම ගන්නකොට මේකේ ගාන මීට වඩා අඩුයි USD 64 ක් වගේ



Xiaomi YI Sports Action Camera එක release කරපු කාලේ ඉදලා YouTube reviews බලල blogs කියවලා තිබ්බත්... ලංකාවේ එතකොටම බඩු තිබුනේ නැති නිසාත්... online ගෙනාවොත් අපේ ලංකාවේ චාරර් postal එක ගැන සත පහක විශ්වාසයක් නැති නිසාත් මට ඕක අඩුම තරමේ ගෙන්න ගන්නවත් හිතුනේ නෑ... ඔය අතරේ තමයි. Facebook වල තියෙන --android '''''වැඩකරයො'''''--- group එකෙන් එක්කෙන් අහල තිබ්බේ... ඉතිං ඒකට reply කරපු තවත් බුවෙක් කියලා තිබ්බ Banggod site එක ගැන... ඔය site එක ගැනත් ගොඩක් කල් ඉදලම දැනගෙන හිටියත්.. එච්චර sure එකක් තිබ්බේ නෑ PayPal වලින් register වෙන්න තරම්... ... !! AdBlocker එකක් නැත්තම් එන ads වලින් ගොඩක් එන්නෙම Banggood site එකේ deals අනං මනං... ඒත් ඒ ගැන කොහොමත් sure එකක් තිබ්බේම නෑ...

කොහොමහරි ඒ post එක දැකලා.. මසයක් එකහමාරක් වගේ ගියාට පස්සේ ආයේ හිතුනා පොඩ්ඩක් site එකට ගිහිං බලන්න... site එකේ ඒ වෙනකොට register වෙලා තිබුනේ නැතත්... අර කිව්වා වගේ මාස එකහමාරක් ගියාට පස්සේ register උනා.... ඕන මගුලක් වෙච්චාවේ කියලා item එක order කලා... මෙක online ගන්නකොට ගොඩක් මිල අඩුයි.. ඒ වගේම Free Shipping එහෙමත් තියෙනවා.. ඒත් මම eBay වලින් උනත් බඩු ගෙනට ගෙන්නලා තිබුනත්, මෙච්චර එකක් ගෙන්නලා තිබුනේ නෑ.. අනිත් එක postal එකේ ඉන්නේ හොරු කියලා කට කතා නෙවෙයි ඇත්තටම දන්න නිසා උං ගැනත් විශ්වාසයක් තිබ්බෙම නෑ.... ඉතිං අන්තිමේදී හිතුවා courier service එකක් හරහා ගෙන්නවා කියලා. මේ site එකේ courier service කියල select කරන්න විතරයි පුලුවන් මොන courier service එකෙන්ද කියලා බෑ... කොහොමහරි ඒකට තව USD 20 -25 වගේ ඉල්ලලා තිබ්බා...
පස්සේ ගත්තු screen shot එකක් නිසා මෙකෙන්ත් shipping price එක ටිකක් විතර වැඩී.

එහෙම ගත්තත් ගනං අඩු නිසා... ඒකටම තව add කලා silicon case එකකුයි, lens cover, එකයි තව UV filter එකකුයි.. පොඩි පොඩි ගනං වලට තිබ්බ ඔය set එකටමත් ගියේ USD 10 කටත් වඩා අඩු ගානක්.. ඒ වගේම හැම එකම එක්කලා මුලු package එකටම shipping chargers එක්කම ගියෙත් ලංකාවේ සල්ලි වලින් 14දසස් ගානක්. ඉතිං compare කලහම ගොඩක්ම අඩු නිසා order කලා....





DHL වලින් තමයි අන්තිමට බඩු ආවේ... Order කරලා පැය 24 කට කලින් එහෙන් දානවා.. ඒ දාලා දවස් තුනයි, ඔක්කොම දවස් හතරයි DHL එකෙන් ඇවිල්ලා package එක දුන්නා... tax එකක් වැදුනා හරියටම Rs 253/=  ඒක DHL එකෙන් ආවම ඒ අයට cash වලින් දුන්නා... වැඩේ ඉවරයි. Track කරන්නත් පුලුවන් නිසා  sure !



මේ තියෙන්නේ package එක ආපු විදිය... හොදට pack කරලා තියෙනවා. මේ ටික දාන්නේ දන්නේ නැති අයට බලා ගන්න.. ඒ නිසා දන්න ඈයො කලබල වෙන්න එපා මැජික්ද කියලා හැමෝම හැම දෙයක්ම දන්නෙත් නෑනේ... ඒ ඇරත් online site එකකින් මම ගෙන්නපු වැඩිම වටිනාකමින් යුතු item එක තමයි මේ.....

<PROF IMAGES>




බොහොම minimalistic presentation එකකින් එන මේ Xiaomi YI Sports Action Camera  එකත් එක්ක එන්නේ short USB cable එකයි , removable battery එකයි. හතරට පහට නවපු Chinese User Manual එකයි.. English Version එක ඕනෙනම්. Camera එකට තියෙන official site එකෙන් PDF එක download කර ගන්න පුලුවන්




Xiaomi YI Sports Action Camera  එකේ තියෙන features ගැන මම දාල තියෙනවා Action Cameras  ගැන ලියපු post එකේනම් ඒත් කෙ‍ටුයෙන් පොඩ්ඩක් මතක් කර ගත්තොත් මේ ටික තමයි....



Key Features

  • 16MP backside-illuminated Sony Exmor R CMOS sensor for enhanced low-light  performance Records 1080p video up to 60fps and 720p video up to 120 fps
  • 155° ultra-wide lens with glass optics
  • LED back-lit record button on front of camera
  • Built-in Wi-Fi for transferring files to phone
  • Remote control over Bluetooth using smartphone and Yi Camera app
  • Micro-HDMI output
  • Micro-USB interface (USB cable included)
  • microSD card slot
  • Rechargeable 3.7V 1010mAh battery
  • Weighs only 2.5 oz
  • ABS polycarbonate body
  • Wide range of optional mounting accessories










Action Cameras

Action Camera  ගැන දන්න අය වගේම නොදන්න අයත් ඉන්නවානේ.. ඉතින් කෙටියෙන්ම කිව්වොත් action camera එකක් කියන්නේ...! එදිනෙදා කරන action වැඩ කෑලි වෙනමම record කරන්න හදපු කැමරාවක්. cycling, ice skating , skiing  වගේ දේවල් කරන අයට එලකිරි fun එකක් ගන්න පුලුවන් action camera එකක් තියෙනවානම්. ඊටත් අමතරම aerial videography වගේ කරන්න use කරන්නේම action camera... තව කිව්වොත් මේ action camera වර්ග වාහනයක dashboard එකේ හයිකරගෙන යන dash cam එකක් විදියටත් use  කරන්න පුලුවන්.