Pujitha Jayasundera

Pujitha Jayasundera


පූජිත ජයසුන්දර ගැන සමාජජාල වෙබ් අඩවි වල බොහෝ අය සුභවාදී අසහස් පල කර තිබුනත්, ඇතැමුන්ට අනුව ඔහු තවත් පොලිස් කාරයෙක්ම පමණයි.... එසේ හැදින්වීමේද වරදක් නැත.... පලමුව ඒ සම්බන්ද ලිපියකින්ම පටන් ගත්තොත් ටිකක් විතර පැහැදිලි වෙන්න පුලුවන්…..






කොහොමත් තුට්ටු දෙකේ දෙපාර්ථමේන්තුවක් වන ලංකාවේ පොලිසිය ගැන මොන කතාද......!! මමත් පෞද්ගලිගව හිතපු දෙයක් තමයි එහෙව් පොලිසියක පොලිස් කාරයෙක්ව සමාජ ජාල වෙබ් අඩවි හරහා ඕනෑවටත් වඩා promote කිරීම කොතරම් සාධාරණ වේද යන්නයි. මොකද මේ තරු පටියාගේ ඉතිහාසයත් කියන තරම් හොද නැති නිසාත්, වර්ථමානයේ සමාජයට පේන්න රඟන නිසාත්.... අනාගතයේදී නැවතත් අර පරන ගූ පුරුදු වෙන එක වලක්වන්න හිතන එක ටිකක් අමාරු වැඩක් නිසාත් බුවා ගැන මාහා ලොකු විශ්වාසයක් තියෙන එකනම් හැටි හොදක් නොවෙයි. කොහොම උනත් තුන්වන ලෝකයේ රටක් විදියට හංවඩු ගැසිනු, දේසපාලුවන් සහ උංගේ හෙංචයියන් අතින් දූශනය වූ සුන්දර රටක අනාගතය ගැන පුරවැසියන් විදියට අපිට මහා ලොකු බලාපොරොත්තු තියා ගන්නවා කියන්නේ හීනයක් විතරයි....!

------- පේමවතී මනම්පේරි ඉදලා සහ ඊටත් එහා සහ වර්ථමානයේ සුමිත් ප්රසන්න වැනි අහිංසකයන් අමු අමුවේ මරලා දාපු වගේම ඊටත් වඩා කාලකන්නි වැඩ කරපු, අවුරිදු එකසිය හතලිස් ගානක්ම චාටර් උන "ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ" පොලිසිය ගැන අනවශය පලාපොරොත්තු තියං ඉන්න එක තරම් හොද දෙයක් නොවනු ඇත.

--- බලාපොරොත්තු අපිව ජීවත් කරන බව හැබෑව, එනමුත් මෙවන් තීරිසන් දෙපාර්තමේන්තුවක අමුනුශ්යන් විශ්වාස කරන එක ප්රශ්නාර්ථයකට පමණක් සීමා කිරීමෙන් බලාපොරොත්තු සුන් වීම් අවම කර ගත හැකි වනු ඇත....

------ අවසානයේ තබන්නට ඇත්තේ සරල සරල සටහනකි.... පූජිත මහත්මය්කු විය හැක, එසේත් නොමැතිනම් විය නොහැක... කෙසේ වෙතත් ඔබද මාද ඇතුලු සෑම මිනිසෙකුම කාලයත් සමග වෙනස් වනු ඇත.... එය සුභවාදී ලේස මෙන්ම අසුභවාදීද විය හැක.........



කෙසේ නමුත් පූජිත ජයසුන්දර...........
                   ඔබට රටට නියම ලෙස සේවක කිරීමට හැකිවේවා යන්න රට වැසියන් ලෙස අපේ පැතුමයි.........!!