SIDU and Mega with poor attitudes

SIDU and Mega with poor attitudes


ඉන්යාවෙන් ගෙන්නපු කසිකබල් තුප්පහි දෙකයි පනහේ මෙගා ජාතක පේන්න බැරිඋන සහ ඒ model එකේම රටේ හැදුනු අමුම අමු චාටර් මෙගා නාට්‍ය එපා උන අපි වගේ බොහෝම සුලුතරයකට "අනේ අපොයි ලංකාව" කියන දේ පොඩ්ඩකට හරි නවත්තන්න පුලුවන් උනේ මෑතකදී මේ ආපු "සිදූ" නාට්‍යයට විතරයි. වැදගත් විදියට නියම තිරපිටපතකට අවුරුදූ ගානකින් ලස්සන සහ ආදර්ශවත් කියන දේ කට ඇරලා කියන්න පුලුවන් උනේ "සිදූ" නාට්‍යයට විතරයි. ඒ තරම් quality එකක් තමයි "සිදූ" ට තිබුනේ. අවාසනාවකට වගේම රටේ කරුමෙටත් ලංකාවේ හැදිලා ඉන්නේ සුලු තරයක් ඌ genuine audience එකක් විතරයි. රටේ බහුතරක්ම ප්‍රේක්ශකයෝ කියා ගන්නා උංට ඉන්නෙම ඉන්දියාවේ පවා හැලුනු තුට්‍ටු දෙක් මෙගා ජාතක වලටම ලොල් වෙච්ච, ලංකාවේත් ඒ model එකේම අමු චාටර් නාට්‍යයම හැදෙනවට සහා ඒවාට මුලු හතවතින්ම වශී වූ කාලකන්නිම පිරිසක්.




 චරිතයක් ආධර්ශයට ගැනීම සහ චරිත වලට ඇබ්බැහි වීම කියන්නේ අහස පොලව වගේ දෙකක් උනාට, අර කිව්ව ගොං ප්‍රේක්ශක ‍රැල හිතන්නේ දෙකම එක ක්සිතිජයක් කියලා.. ඒතිං මේ නාට්‍ය යේ උනත් චරිච කොච්චර ආදර්ශමත් උනත් වෙන්නේ ඕකයි......
තවත් හොදම උදාහරනයක් තමයි boot සිංදු. විරහ ගීත සහ boot සිංදු කියන්නේ එකම ලයින් එකේ ආවත් දෙකක්. මොකද කියනවානම් මම පෞද්ගලිකව boot සහ විරහ ගී දෙවර්ගයටම අකමැති උනත් විරහ ගීත වල ඇත්තටම ලස්සනක් සාහිත්‍යයක් වගේ දෙයක් තියෙනවා. කෙලිම "දාලා ගියා" . "මට දුකයි" කියලා හෙන හගන්නං වගේ වචන නැති නිසා ඒ විරහා ගීතවල ලස්සනක් තියෙනවා. ඇත් අපේ රටේ කදුලුම ඉල්ලන හරක් ප්‍රේක්ශකයෝ වැඩි ප්‍රමානයක් ඉන්න නිසාම බිහිවෙන්නෙම boot සිංදුමයි. මේ කදුලු කියන දේට ඒතරම් ඉල්ලුමක් මේ වැඩි හරියක් spoil වෙච්ච මී හරක් ජාතියේ ප්‍රේක්ශකයාට තියෙනවා මොකද ඔය දේ වලින් බේරිලා ඉන්න සුලු පිරිසක් සහ වැඩිම ඉල්ලුමක් තියෙන්නේ කඳුලට නිසා එලියට එන්නෙම කොල්ලෝ හො‍ටු පෙරාගෙන අඩන, පිරිමි කමටත් ලැජ්ජා, ගෙඩි පිටින්ම boot කෑවෝ...... කියාගෙන දගලන සිංදු.

මේ දේට තවත් උදාගරනයක් තමයි ලංකාවේ දේශපාලනය!!!! පාවෙන ඡ්න්ද දායකයෝ තමයි නියම ඡ්න්ද දායකයෝ විය යුත්තේ මොකද ඒ අයට තමයි වර්ථමාන තත්වය ‍තෝරාගෙන තමන්ගේ වටිනා ඡන්දය දාන්න පුලුවන් එහෙම නැතුව පරම්පරාවම කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු, කැපුවත් කහ, බැරිනම් කැපුවත් ඕනේ මගුලක් කියලා තම තමන්ගේ පාරම්පරිකව පු* දීපු පක්ශෙකටම දෙනවානම් ඒකත් මෝඩකම සහ අවාසනාවකට ලංකාවේ බහුතර ඡ්න්ද දායකයන්ගෙන් වැඩිපුර ඉන්න උංගෙන් සැලකියයුතු මට්ටමකම ඉන්නේ මෙගෙම උං, අනිත් එක එක එක දේසපාලුවන්ගේ ඇගේ ශරීර අවයව බලලා ඡ්න්දේ දෙන මී හරක් ඡ්න්ද දායකයන් සහ උංට ලොල් ඌ ඡන්ද දාකයකන්. ඔය එක කෙහෙල්මලකින් හරි රට කරවන්න ඡන්දේ දෙන්න හිතං ඉන්න සහ දීපු රටේ මහලොකු පුරවැසියෝ කියාගන්න උං තමයි රටෙන් වැඩිම පිරිසක් ඉන්නේ. එහෙම නැතුව ප්‍රතිපත්ති මත ඡ්න්ද දෙන, උංගේ ප්‍රතිපත්ති කචල් වෙලා පිස්සු කෙලිනකොට උංව හලලා දැමිය යිතුයි කියන මානසිකත්වයේ ඉන්න ඡ්න්ද දායකයෝ ප්‍රමානය රටෙන් බොහෝම සුලු පිරිසක් විතරයි.
පක්ශ පාට බලන්නේ නැතුව නියම මහත්වරු ‍තෝරාගන්න තැනට පත්වෙන්න ලංකාව වගේ තුන්වන ලෝකේ රටක මිනිස්සුන්ට තව කල්ප කාලාන්තරකක් හෝ ඇති වෙයිද කියලා Nostradamus ලා වගේ අනාගතය ගැන කියපු උන්නැහේ කෙනෙක් හීනෙන්වත් කියලා තියෙනවද කියලානම් හිතාගන්නවත් බැරි එහෙම දෙයක් පේන තෙක් මානයක් තියා සෙයියාවක් වත් හොයා ගන්න බැරි නිසා විය හැකී.



"සිදූ" සහ මෙගා ජාතක අතර කතාව ලියන්න ගිහින් මේ දේවල් කියලා මාතෘකාව පිට යන නිසා ආයෙත් මාතෘකාව පැත්තට ආවොත් සරලවම කියන්න ඕනේ දේ තරම්යි මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වල අමු මී හරක් ගතිය වගේම කවදාවත් update නොවන ගතිය. හැම අංශයකින්ම ගත්තොත් ආකල්ම කිච වෙච්ච ජනතාවක් තමයි මේ මුලු රටේන්ම වැඩි හරියක් ඉන්නේ.

ඒවැනි මිනිස්සු අතර උඩුගම් බලා පීනන්න දරන මිනිස්සු ඉන්නේ බොහෝම අඩුවෙන් සහ ඒ අයට ඒකට ඉඩක් නෑ. boot සිංදුම ඉල්ලන පිරිස වැඩි උනහම රටේ ඇතුලේ හැදෙන්නම boot සිංදු තමයි වැඩි හරියක්. රටට කෙලිනම දේසපාලුවන් මී හරක් නිර්නායක මත ‍තෝරගත්තම හැමදාම බිහිවෙන්නෙම රට විනාශ කරන දේසපාලුවන් විතරයි. මෝඩ තුට්‍ටු දෙකේ ඡන්ද දායකයා උං වෙනුවෙන් පාට පක්ශ වලින් දෙපැත්තට, තුන්පැත්තට, හතර පැත්තට බෙදිලා මරාගත්තත්. ඇතුලතින් ඔය මොන පාට දේසපාලුවත් බිහොම සහයෝගයෙන් රට කනවා කියලා අර නූගත් ඡ්න්ද දායකයන්ට ඒ හැටි තේරුමක් නෑ. ඔය විදියම තමයි රටේ ප්‍රේක්ශකයැයි කියා ගන්න මැටි හරක් මෙගා ලොල්ලෝ ඉන්නකොට. උංට නියම quality එකේ නාට්‍යයක් හෝ සිංදුවක් ආවත් උංට ඕනේ උං හැමදාම බලන විදියට මෙගා එකකම ලයින් එකක් ඒකට ගෑවිලා හරි තියෙනවානම් විතරයි. දැන් පොඩි උං බවා උංගේ අම්මා තාත්තගේ phone වලින් YouTube ඇවිත් බලන්නේම ඉන්දියාවෙන් ගෙන්නපු මෙගා නැත්තම් ඒ model එකේ ලංකාවේ හැදෙන දෙකයි පනහේ බඩු කෑලි.

බුට් සිංදුවලටම ඉල්ලුමක් දෙන, කදුලු පෙරාගෙන අඩන සිංදුම ඉල්ලන උං තමයි අපේ රටේ හතරෙන් තුනක්ම ඉන්නේ. ඒ වගෙම තමයි අන්න ඒ ජාතියේ ප්‍රේක්ශක පිරිසක් තමයි නාට්‍ය වලටත් ඉන්නේ ලංකාවේ හතරෙන් තුනකටම ඕනේ ඉන්දියාවෙන් ගෙන්නන කසි කබල් තුට්‍ටු දෙකේ මෙගා ජාතක එහෙම නැත්තම් එහෙම model එකේම ඒ විදියම ලංකාවේ හැදෙන නාට්‍ය ඉතිං.. "සිදූ" කොච්චර ලස්සන උනත්, කොච්චර ලස්සන script එකක් තිබුනත් ඔය කිව්ව ජාතියේ ප්‍රේක්ශකයන්ට මේකත් උං බලන මට්ටමේම නාට්‍යක් විතරයි... ඒත් උං හොදටම දන්නවා ඒවට වඩා මේ නාට්‍යයේ වෙනසක් තියෙනවා, හරිම ආධර්ශමත්....කොච්චරද කියනවානම් අවංකවම "සිදූ" නාට්‍යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය ආශර්ශවලින්ම පිරිච්ච චරිතරක්. බෞද්ධ ධර්ශනය උනත් නියම ආකාරයට ඒ නාට්‍ය තුලුන් පෙන්නනවා. මිත්‍යා දුශ්ඨියේ තියෙන මෝඩ පැත්ත ඔය වගේ ගොඩක්ම දේවල්. එහෙම හිතුනත් මුංට ඕනේ මේ "සිදූ" එකත් අර උං බලන මෙගා ජාතකයක් වග් දිගට දිගට ඇදිලා, මේ නාට්‍යයේ චරිත ලොකු මිනිස්සු වෙලා උංටත් මුනුබුරෝ, මිනිබිරියෝ ඉන්නකම්ම මෙ නාට්‍ය ඇදෙනවානම්...!! අන්න ඒකයි උංගේ සැපත. "සිදූ" නාටයේ YouTube upload කලහම ඒකට සමහර උං විශ්ශයෙන්ම මෙලෝ හත්තිලව්වකට නැති ගැනු දාලා තියෙන comments "අනේ...... දැම්ම ඉවර කරන්න එපා...."  , "මම දැන් අනේ බලන්න පටන් ගත්තේ මේක හරි ලස්සනයි... දැන්ම ඉවර කරන්න එපා please..." වැනි අමුම අමු ගොබ්බ comments වලින් ඔය කිව්ව බහුතර ප්‍රේක්ශකයන්ගේ ගතිය පොඩ්ඩක් දැන ගන්න පුලුවන්. ඒ වගේම නියම වින්දනයක් සහිත ප්‍රේක්ශකයෙකුගේ අදහසකට පිස්සු බල්ලෝ වගේ පස්සේන් දුවං එන මහා සිල් වත් යැයි හිතං ඉන්න ගෑනුන්ගේ සහ ගෑනුපිරිමිංගේ තත්වය බලාගන්නත් මේක අපූරු ‍තෝතැන්නක්. නාට්‍යයේ චරිත අඩනකොට අඩන, හිනාවෙනකොට හිනාවෙන තරම් ඕනෑම නාට්‍යයක් සමග අනවශ්‍ය බැදීමක් ඇති කර ගන්න ඔය කියන මානසික ලෙඩ්ඩුන්ට පුරුදු වෙලා තියෙන එකනම් ඇත්තටම රටේ කරුමයක්.,.... මේ ගොං ‍රැල වගේ එක එක අංශවලින් අන්තයටම ගිය මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් නොකර වෙන කිසිම විදියකින් මේ රට හදනවානම් බොරු. මේ හැමදේකින්ම බේරිලා ඉන්නේ සමස්ථ ජනගහනයෙන් හතරෙන් එකකටත් වඩා අඩු ගානක්...  දේසපාලුවන් වන්දනා මාන කරන රටක මේවගේ දේවල් සාමාන්‍ය දෙයක්.

කාලෙකින් ආපු ලස්සනම නාට්‍යක් උනත් දැන් දැන් "සිදූ" track පැනගෙන එන ගතියක් තමයි පෙන්නුම් කරන්නේ. ඒත් හරියටම කිව්වොත් track පනිනවාම නෙවෙයි මොකද සාප්‍රධාය වෙනස් කරන්න වගේ මෙගා නොවෙයි කියලානේ අපිත් හිතං හිටියේ ඒත් දැන් දැන් එන්නෙ mega track එකේ... ඒ විතරක් නෙවෙයි, ලංකාවේ හැම චාරර් නාට්‍යයකම තියෙන අමුම අමු කුජීත බොලද love සිද්දි පවා දැන් මේක ඇතුලට ඇවිල්ලා හද ගහගෙන එන තත්වයකට එන පාටක් තමයි තියෙන්නේ.  
ඒ වගේම තමයි ඉස්සෙල්ලම කිව්ව අර ඉන්දියන් මෙගා ජාතක වල සහ ලංකාවේ ඒ model එකේ තුට්‍ටු දෙකේ නාට්‍ය වල typical structure එක තමයි. කෙල්ලෙක් , කොල්ලෙක් ඉන්නවා සහ උං අතර දුශ්ඨයෙක් ඉන්නවා ! මොන ජාතියේ නාටයක් උනත් අනිවාරෙන්ම ඔය තුන් කට්‍ටුව ඉන්නවා... රජ කාලේ එකක්ද, ලමා ද, වැඩිහිටිද වෙනසක් නෑ.. ඔය circle එක කැරකි, කරකී තමයි මුලු නාට්‍යම දුවන්නේ. ඒ circle එක ඇතුලේ ආඩම්බර කම්, දුශ්ඨ කම්, අමුම අමු බොලද සිද්දි තොගේට තියෙනවා.
"සිදූ" නාට්‍ය එලියට ආවේ ගොඩක් දුරට ඔය structure එක අඩුවෙන් නිසා, ගොඩක් අය ලමා නාට්‍යක් විදියට මේක වැලද ගත්තා. ඒත් අතවෙනකොට පතරංග ජාතකයක් වගේ ඇදෙනවා විතරක් නෙවෙයි අර කිව්ව කාලකන්නි තුන් හුලස් ලබ්බත් එකතුවෙලා.
තුන්වන ලෝකයේ, ආකල්ප වලින් කිච වෙච්ච, කුජීත වෙච්ච මිනිස්සු අස්සන කදුලු සහ හැගීම් බර දේවල් ලේසියෙන්ම ගෙනියන්න පුලුවන්.. ඒක අද විතරක් නෙවෙයි හැමදාම උන දෙයක්. අදවෙනකම් ඒ ක්‍රමය.. ඒ structure එක, ඒ template එක වෙනස් කරන්න ඔය පොර talk දෙන කිසිම අධ්‍යක්ශවරයෙක්ටවත්, නිශ්පාදකයෙකුටවත්, තිරපිටපත් රචකයෙකුටවත් බැරි වෙලා තියෙනවා. තිලිණ බොරලැස්ස, ජානක සිරිවර්ධන, සමන් එදිරිමුනී කියන පත්තර වල article වලට පොර talk දෙන උංටවත් බැරිවෙලා තියෙනවා...
මේක අධ්‍යක්ෂනය කරන තිලිණ බොරලැස්ස, නිෂ්පාදනය කරන ජානක සිරිවර්ධන සහ රචනය කරන සමන් එදිරිමුණී කියන්නෙත් පත්තර වලට පොර talk දුන්නට නියම "greedy" පොරවල් තුන් කට්‍ටුවක් තමයි... මුංටත් පව්ල් පන්සල් නැතුව නෙවෙයිනේ... ඉතිං නමත් බේරගෙන සල්ලි හොයනනම් මේ වගේ ලස්සන කතා උනත් දිගට අදින්න ඕනේ.. අවුරුදු ගානකට පස්සේ ලස්සනම කතාවක් උන "සිදූ" කොටස් අඩු කරලා ලස්සන දෝලනයකුත් එක්කම අවසානයක් තිබුනනම් perfect කියන්නම තිබුනා... ඒත් ලස්සන නිර්මානය කරලා ඇග බේරගන්නවත් එක්කම හම්බකරන් කන්න ඕනේ නිසා දිග් ගැස්සුවහම කාටවත් නොතේරී වැඩ දෙකම වෙනවා... ඒත් ඒකෙන් ලංකාවේ සාප්‍රධායික ඉන්දියන් මේගා ජාතක ලේබල් එකෙන් ගැලවෙන්න උවමනාවක් ඔය තුන් කට්‍ටුවට නෑ... අනිත් එක මේ නාට්‍ය බලන ඉන්දියන් මෙගා වලට සහා ඒ model එකේ ලංකාවේ නාට්‍ය වලට ලොල් උන ලොල්ලන්ට මේක තවත් එක් නාට්‍යක් විතරයි. උංට මේ නාට්‍ය කොච්චර ලස්සන උනත් මේකත් මේගා ජාතකයක් වගේම ඇදෙනවානම් තමයි කැමති මොකද උංට ඒ ගැන එච්චර click එකක් නැති වෙන තරමටම ඉන්දියන් ජරාවල් වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ......!!

"ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියලා කියන්නේ කට කහනවට නෙවෙයි.!! කිච වෙලා තිබුන tele-drama industry එකට "සිදූ" කියන්නේ අලුත් පනක්. ඒක අතිශ්‍යයෝක්තියකින් නෙවෙයි. හොද script එකක් සහිත නියම නිර්මාණයක්. ඒත් අවාසනාවකට හරිහමං වින්දනය්ක් නොදන්න පේක්ශක යැයි කියාගන්න ‍රැලක් ඉන්න, අපි පොඩි කාලේ ඉදන් අදටත් තුන්වන ලෝකයේ කිච වෙච්ච රටක් විදියට හංවඩු ගැහිච්ච ලංකාවට මේක ටිකක් අවුලක්. මොකද කිව්වොත් බුට් සිංදුවලටම ඉල්ලුමක් දෙන, කදුලු පෙරාගෙන අඩන සිංදුම ඉල්ලන උං තමයි අපේ රටේ හතරෙන් තුනක්ම ඉන්නේ. ඒ වගෙම තමයි අන්න ඒ ජාතියේ ප්‍රේක්ශක පිරිසක් තමයි නාට්‍ය වලටත් ඉන්නේ ලංකාවේ හතරෙන් තුනකටම ඕනේ ඉන්දියාවෙන් ගෙන්නන කසි කබල් තුට්‍ටු දෙකේ මෙගා ජාතක එහෙම නැත්තම් එහෙම model එකේම ඒ විදියම ලංකාවේ හැදෙන නාට්‍ය .





දැන් මේ ටික කියෙව්වහම අර කිව්ව හතරෙන් තුනේ ජනතාව මෙතන දෙහි කපාගෙන එනවා සත්‍යයි මොකද.... වැඩි හරියක්ම ඉන්නේ ඒ ජාතියේ උංමනේ... උංට හරි හමන් අවබෝදයක් නෑ "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියන දේ ගැන... කොච්චර ලස්සන නාට්‍යක් උනත් මේ විදියට මෙගා ජාතකයක් වෙනවානම් ඇගට නොදැනීම අදාල නාට්‍යයේ quality එක නැති වෙනවා කියලා තේරුම් ගන්න බැරි තරමට උං මෙගා ජාතක සමග ලොල් වෙලා ඉන්නේ එහෙම නැත්තම් මෙතන උනත් "අනේ... දැන්ම ඉවර කරන්න එපා...." "මම බලන්න පටන් ගත්තා විතරයි please අධ්‍යක්ශක තුමනි තව ගෙනියන්න......" වගේ මී හරක් ඉල්ලීම් කරන්නේ නෑ.... මේ දේවල් කියද්දි රිදෙන ගොඩක් අය අපේ දෙමව්පියෝ පවා මත්ක් කරලා comment දානවා සත්‍යයි. එහෙව් නූගත් උංගෙනුත් වැඩි හරියක්ම භූමිතෙල් ගහපු ගැරඩි වගේ කුනුහරප එහම දාගෙන එන්නේ මේ නාට්‍යට comment කිරීමේ අරමුනෙන්ම YouTube එක ගැද දැනගෙන ඊයේ පෙරේදා account හදා ගත්තු උං සහ ගෑනුන්ගේ නම් වලින් fake account සාදාගත් නපුංසක හාදයෝ ටිකයි...




මේ නාට්‍යය නිර්මාණයේ ප්‍රධාන තුන් කට්‍ටුවත් සැපයුම දෙන්නේ සහ දෙන්න වෙලා තියෙන්නේ ඔය වගේ ප්‍රේක්ශක ජනතාවකටයි. ලස්සන script එකක් උනත් විනාශ වෙන්න ලොකුම සහයෝගය උං දෙගොල්ලන්ට දෙගොල්ලෝ දීගෙන ඉවරයි.... මෙගා ජාතකයක් නොකර, නියම දෝලනයල් සමග සුපිරි climax එකක් දීගන්න ඔය තුන් කට්‍ටුවටත් බැරිවීම ඉතින් අවාසනාවම තමයි.......අපේ රට අඩු ගානේ quality එකක් සහිත වින්දනය පැත්තෙනුත් අවුරුදු ගානක් නෙවෙයි, ආත්ම ගානක්ම පිටිපස්සෙන්. ඒ ගැන හිතෙද්දි ඇති වෙන්නේ දරා ගන්න බැරි දුකක්.


boot සින්දුවලට වැඩිම ඉල්ලුමක් තියෙන්නෙත්, පක්ශ පාට, කුල මල වලට බෙදිලා නූගත්ම සහ මැර දේසපාලුවන්වම රජ කරවන්නෙත් මේ කියන ආකල්ප වල මොට කම නිසා. නැත්තම් ලෝක ශේනි ගත කිරිම් වලට අනුව අවුරුදු හැටගානකට කලින් සුද්දගෙන් නිදහස ලැබුවත් තවම තුන් වෙනි ලෝකයේ රටක් විදියට චාටර් වෙන්නේ නෑනේ....









Free vs. Freedom

Free vs. Freedom

සමහර වෙලාවට හිතෙනවා මේ රට පිනට දෙන ඒවා වැඩී කියලා ..... සල්ලි දීපු පලියට degree දෙනවා කියලා හිතන් ඉන්න පිනට degree ගන්න උන්දෑලා , තමන්ගේ සල්ලි වලින් ඉගෙන ගන්න උංටත් වල කපනවා විතරක් නෙවෙයි, සාමාන්‍ය එදිනෙදා වැඩ කරන මිනිස්සුන්ගෙත් ගමන් හරස් කරනවා පාරවල් වගගෙන.... අනිත් එක පොඩි එකෙක්ට උනත් තේරේන සරලම දේ තමයි මේ ලෝකේ Free කියලා දෙයක් නෑ... Free කියන දේවල් වලටත් කවුරුහරි කෙනෙක් ගෙවනවා කියලා ඔය උන්නැදා දන්නේ නැති නිසා වෙන්ටැ පාරවල් වගගෙන උද්ගෝශන කරලා සාමාන්‍ය මිනිස්සුංවත් රස්තියාදු කරලා පිස්සු නටන්නේ....!!

ආන්ඩුවේ කැම්පස් වල ඉගෙන ගන්න උංටවත් ඉගෙන ගන්න දෙන්නේ නැතුව අන්තරේ කියන කාලකන්නි සත්තු කොට්ඨාශය අර වැදගත් විදියට ඉන්න උංගෙත් ඔලු හෝදන්නමයි try කරන්නේ.... ඉගෙනීම අයිතියක් ගැන බයිලා ගහන ඒ උදවිය , ඉගෙන ගන්න තමන්ගේම කැම්පස් එන නංගිලා, මල්ලිලාට මාරාන්තික සහ තුට්‍ටු දෙකේ ‍රැග් දෙන ගමන් ඒවා මාට්‍ටු උනහම අර කලිසං ගලවපු කැළනිය කැම්පස් එකේ නාකි අන්තරේ බඩු වෙනුවෙනුත් උත්ගෝශන කරන්න එන්නේ මිනිස්සු සිය දහස ගනන් එහා මෙහා යන මහ පාරට.....!! එක කාලෙකට CCTV එපා කියලා.... ඒවට විරුද්දවත් කෑ ගහනවා....අවුරුද්දකට කිට්‍ටු කාලයක් තිස්සේ විමල් වීරවංශගේ type එකේ උපවාසයක් රාගම තියෙනවා.. උං වැඩ කරන්නේ shift එකට... අද උං නෙවෙයි හෙට... පිං කැටයකුත් තියාගෙන හිගාකන කමන් උං ආතල් එකේ headphone කනේ ගහගෙන ෆුල් ආතල් එකේ අනං මනං හප හප ඉන්නවා අධ්‍යාපනය විකුනන්න එපා කියලා.... අන්න ඕකුංට FREE and FREEDOM ගැන අමු සිංගලෙන් මොනවහරි දෙයක් කියලා දෙන්න කාටහරි පුලුවන් නම්.. අන්න පිං අතේ වැඩක්...... එහෙව් උං අපේ අධ්‍යාපන අයිතියට ලස්සනට කෙලිනවා......

හැම රෙද්දම පිනට කන්න බලාගෙන ඉන්න පිංගුත්තර අන්තරේ ගොබිලියොයි, උංගේ ලිංග වන්දනාවේ යන, කඩේ යන හෙන්චයියෝ ටිකයි නිසා උංටත් කෙල වෙලා.. අපි හැමෝටමත් කෙල වෙලා රටටත් කෙල වෙලා යන එකයි හැමදාම වෙන්නේ...! උං පිනට හැමදේම හොයා ගන්න ... හැමදාම මිනිස්සුන්ව හූරගෙනම කන හැම පක්ශෙකම හැම පාටකම දේසපාලුවෝ හදන්න try කරද්දි... මුං මේ අධ්‍යාපන කඩ කියන තැන් Walk නැත්තම් parade ගිහිල්ලා හරි තම තමන්ගේ සල්ලි වලින් තවත් දුශ්කර පාසලකට අධාර කරද්දි ඒවටත් වල කපනවානම් මේ කුහක සත්තු ටිකට තවත් කියන්න බයිලා කොහේ තියෙනවද.........

MrMobile [Michael Fisher]


Michael Fisher එහ්මත් නැත්තම් industry එකේදී බුවාවා හදුන්වන්නේ Mr. Mobile කියලයි...!

අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ සුපිරි දායකත්වය PocketNow කියන tech channel එකට දීපු reviewer කෙනෙක් තමයි මේ Michael Fisher ! මෙයා මේ ලගදී Pocketnow වලදී අයින් උනා.... ඒත් ඒ වෙනුවට තමන්ගේම channel එකකින් ආයෙම මයිකල් අය්යා මෙන්න වැඩ පටන් අරන් ( https://www.youtube.com/c/themrmobile ) video සුලු ගානක් තවමත් තියෙන මේ channel එක තාම verify වෙලාවත් නැතත් tech enthusiastලා දන්නවා බුවා කව්ද කියලා.... තාම තමන්ගේ කියලා වැඩ පටන් ගත්තත් Michael Fisher  කියන්නේ technology industry එකේ සුපිරිම පොරක්... ඒ වගෙම අපි වගේ සාමාන්‍ය එදිනෙදා gadget use කරන උංට නියම support එකක් දෙන මනුස්සයෙක් Mobile Nations එක්කත් සහයෝගයෙන් වැඩ පෙන්නන Michael වගේ පොරවල් ඉන්න එකනම් ලොකු දෙයක්........

Brand වෙනුවෙන් පස්ස පැත්ත උනත් පූජා කරන සුපිරි කබ්බන්ගේ ආතල් කුඩු කරන්න ඉන්න මේ Michael Fisher එහ්මත් නැත්තම් Mr. Mobile ඔන්න ආයෙමත් ඇවිල්ල ඉන්නවා.... එක පක්ශයක්, එක පාටක්, එක දේසපාලුවෙක් බදාගෙන ඉන්න හරක් පැටව් වගේම උංටම ගැලපෙන brand වෙනුවෙන් කඩේ යන අයියලාගෙන් පිරුන රටක .... ඕනැම දෙයක් ස්වාධීනව සහ මධ්‍යස්තව දකින්න පුලුවන් අය වෙනුවෙන් මධ්‍යස්තව review කරන  MKBHD, TLD, Austin Evans, Unbox Therapy, Tech Source අතරටම Michael Fisherත් අලුත්ම මුහුනුවරකින් ඔන්න් ඇවිල්ල ඉන්නවා........

--- බුවාව subscribe පාරක් දාලා එහෙම උඩට ගන්න එක... අපිටම භාරයි ඕං ඈ...... මම මෙහෙම post දානවා කියලා ඌ මට සත පහක්වත් නොදුන්නත් නියම third party reviews බලන්න කැමති සහ අලුත්ම mobile phone වගෙම mobile phone නොවන gadget බලන්න කැමති අය වෙනුවෙන්ම මේ post එක ඈ.........

Pujitha Jayasundera

Pujitha Jayasundera


පූජිත ජයසුන්දර ගැන සමාජජාල වෙබ් අඩවි වල බොහෝ අය සුභවාදී අසහස් පල කර තිබුනත්, ඇතැමුන්ට අනුව ඔහු තවත් පොලිස් කාරයෙක්ම පමණයි.... එසේ හැදින්වීමේද වරදක් නැත.... පලමුව ඒ සම්බන්ද ලිපියකින්ම පටන් ගත්තොත් ටිකක් විතර පැහැදිලි වෙන්න පුලුවන්…..






කොහොමත් තුට්ටු දෙකේ දෙපාර්ථමේන්තුවක් වන ලංකාවේ පොලිසිය ගැන මොන කතාද......!! මමත් පෞද්ගලිගව හිතපු දෙයක් තමයි එහෙව් පොලිසියක පොලිස් කාරයෙක්ව සමාජ ජාල වෙබ් අඩවි හරහා ඕනෑවටත් වඩා promote කිරීම කොතරම් සාධාරණ වේද යන්නයි. මොකද මේ තරු පටියාගේ ඉතිහාසයත් කියන තරම් හොද නැති නිසාත්, වර්ථමානයේ සමාජයට පේන්න රඟන නිසාත්.... අනාගතයේදී නැවතත් අර පරන ගූ පුරුදු වෙන එක වලක්වන්න හිතන එක ටිකක් අමාරු වැඩක් නිසාත් බුවා ගැන මාහා ලොකු විශ්වාසයක් තියෙන එකනම් හැටි හොදක් නොවෙයි. කොහොම උනත් තුන්වන ලෝකයේ රටක් විදියට හංවඩු ගැසිනු, දේසපාලුවන් සහ උංගේ හෙංචයියන් අතින් දූශනය වූ සුන්දර රටක අනාගතය ගැන පුරවැසියන් විදියට අපිට මහා ලොකු බලාපොරොත්තු තියා ගන්නවා කියන්නේ හීනයක් විතරයි....!

------- පේමවතී මනම්පේරි ඉදලා සහ ඊටත් එහා සහ වර්ථමානයේ සුමිත් ප්රසන්න වැනි අහිංසකයන් අමු අමුවේ මරලා දාපු වගේම ඊටත් වඩා කාලකන්නි වැඩ කරපු, අවුරිදු එකසිය හතලිස් ගානක්ම චාටර් උන "ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ" පොලිසිය ගැන අනවශය පලාපොරොත්තු තියං ඉන්න එක තරම් හොද දෙයක් නොවනු ඇත.

--- බලාපොරොත්තු අපිව ජීවත් කරන බව හැබෑව, එනමුත් මෙවන් තීරිසන් දෙපාර්තමේන්තුවක අමුනුශ්යන් විශ්වාස කරන එක ප්රශ්නාර්ථයකට පමණක් සීමා කිරීමෙන් බලාපොරොත්තු සුන් වීම් අවම කර ගත හැකි වනු ඇත....

------ අවසානයේ තබන්නට ඇත්තේ සරල සරල සටහනකි.... පූජිත මහත්මය්කු විය හැක, එසේත් නොමැතිනම් විය නොහැක... කෙසේ වෙතත් ඔබද මාද ඇතුලු සෑම මිනිසෙකුම කාලයත් සමග වෙනස් වනු ඇත.... එය සුභවාදී ලේස මෙන්ම අසුභවාදීද විය හැක.........



කෙසේ නමුත් පූජිත ජයසුන්දර...........
                   ඔබට රටට නියම ලෙස සේවක කිරීමට හැකිවේවා යන්න රට වැසියන් ලෙස අපේ පැතුමයි.........!!






Xiaomi YI Sports Action Camera

Action Cameras ගැන දාපු post එක කියවන්න ඇති කියලා හිතනවා. කියෙව්වේ නැත්තම් කියවන්න.. එහෙම නැතත් අවුලක් නෑ ඉතින්, මේ post එකෙන් කියන්න යන්නේ...  Xiaomi YI Sports Action Camera එකක් මිලදී ගන්න එක ගැන.. ලංකාවේ ගොඩක්ම shops වල නැතත් ලෝකයේ ජනප්‍රියම GoPro Alternative එක වන Xiaomi YI Sports Action Camera එක.. online store වලින් ගොඩක් අඩුවට ගන්න පුලුවන්.

online ගන්න කලින් පොඩි research එකක් තියෙනව පුලුවන්නම් කරලා බලන්න.... එච්චර ලොකුවට ඕනේ නෑ, ඔය camera items, mobile phone shops වගේ දෙක තුනක.. විශේශයෙන් බම්බ පැත්තේ Unity Plaza , Majestic City වගේ.. තව කො‍ටුවේ 1st Cross Street , 2nd Cross Street වල වගේ.... ඒ shops වල තිබිලත් මේ Xiaomi YI Sports Action Camera එක රුපියක් 15000 කට වඩා සතයක් හරි වැඩිනම් තේරුමක් නෑ ගන්න එපා./.. මොකද අපේ අයියලා මේ වගේ items ලොකු ලාභ තියං විකුනන්නේ.. Shops විතරක්ම නෙවෙයි තව තියෙනවනේ ලංකාවේ online shops නම් කියන්න ඕනෙ නෑනේ.. ඒවා එතකොට online බඩු විකුනන අයියලා... ඒ අය මේ action camera එක ගිනි ගනං වලට විකුනන්නේ..

මම රුපියල් 15000 ට වැඩිනම් ගන්න එපා කිව්වේ.. eBay වගේ online site වල ඕවා හෙන අඩු නිසා... මේ Xiaomi YI Sports Action Camera එක ජනප්‍රිය වෙන්න ලොකුම කාරණයක් තමයි මිල අඩු බව.. එහෙම තියෙද්දි ලංකාවේ වැඩි ගනං වලට විකුනනවා කියන්නේ තේරුමක් නෑනේ... කොහොම උනත් 15000 ට අඩුවෙනුත් හොයා ගන්න බැරි කමක්ම නෑ ලංකාව ඇතුලෙත්... ඒත් මම හොයනකොට එහෙම තිබ්බේ නෑ.... ගත්තට පස්සෙනම් තැන් දෙකක වගේ තිබුනා. කොහොම උනත් මේ post කියන්න යන්නේ online  ගන්න විදිය ගැන තමයි....








Banggood කියලා Chinese online store එකක් තියෙනවා... මේක eBay තරම්ම ජනප්‍රිය නැතත්.. මේ site එකෙනුත් බඩු ගෙන්නන අය මෙහේ ඕනෙ තරම් ඉන්නවා.. මොකද Banggood කියන්නෙත් හොද trusted site එකක් !! PayPal certificate කරපු security අතින් උනත් සුපිරිම site එකක්. මේකේ eBay වලටත් වඩා තියෙන ලොකුම වාසිය තමයි අපිට shipping methods ‍තෝරගන්න site එකෙන්ම procedure එක තියෙනවා... උදාහරනයක් විදියට courier service එකකින් ගෙන්න ගන්න ඕනෙනම් අපිට තියෙන්නේ shipping method එක select කරන එක විතරයි. eBay එකේ එහෙම කරනවානම් ඉතින් seller ට message එකක් යවලා.. seller ගේ කැමැත්තක් තිබ්බොත් විතරයිනේ ගෙන්න ගන්න පුලුවන්. ඒ අතින් මේ Banggood site එක ගොඩක් පහසුයි.
මේ screen shot එක පස්සේ ගත්තු එකක්. මම ගන්නකොට මේකේ ගාන මීට වඩා අඩුයි USD 64 ක් වගේ



Xiaomi YI Sports Action Camera එක release කරපු කාලේ ඉදලා YouTube reviews බලල blogs කියවලා තිබ්බත්... ලංකාවේ එතකොටම බඩු තිබුනේ නැති නිසාත්... online ගෙනාවොත් අපේ ලංකාවේ චාරර් postal එක ගැන සත පහක විශ්වාසයක් නැති නිසාත් මට ඕක අඩුම තරමේ ගෙන්න ගන්නවත් හිතුනේ නෑ... ඔය අතරේ තමයි. Facebook වල තියෙන --android '''''වැඩකරයො'''''--- group එකෙන් එක්කෙන් අහල තිබ්බේ... ඉතිං ඒකට reply කරපු තවත් බුවෙක් කියලා තිබ්බ Banggod site එක ගැන... ඔය site එක ගැනත් ගොඩක් කල් ඉදලම දැනගෙන හිටියත්.. එච්චර sure එකක් තිබ්බේ නෑ PayPal වලින් register වෙන්න තරම්... ... !! AdBlocker එකක් නැත්තම් එන ads වලින් ගොඩක් එන්නෙම Banggood site එකේ deals අනං මනං... ඒත් ඒ ගැන කොහොමත් sure එකක් තිබ්බේම නෑ...

කොහොමහරි ඒ post එක දැකලා.. මසයක් එකහමාරක් වගේ ගියාට පස්සේ ආයේ හිතුනා පොඩ්ඩක් site එකට ගිහිං බලන්න... site එකේ ඒ වෙනකොට register වෙලා තිබුනේ නැතත්... අර කිව්වා වගේ මාස එකහමාරක් ගියාට පස්සේ register උනා.... ඕන මගුලක් වෙච්චාවේ කියලා item එක order කලා... මෙක online ගන්නකොට ගොඩක් මිල අඩුයි.. ඒ වගේම Free Shipping එහෙමත් තියෙනවා.. ඒත් මම eBay වලින් උනත් බඩු ගෙනට ගෙන්නලා තිබුනත්, මෙච්චර එකක් ගෙන්නලා තිබුනේ නෑ.. අනිත් එක postal එකේ ඉන්නේ හොරු කියලා කට කතා නෙවෙයි ඇත්තටම දන්න නිසා උං ගැනත් විශ්වාසයක් තිබ්බෙම නෑ.... ඉතිං අන්තිමේදී හිතුවා courier service එකක් හරහා ගෙන්නවා කියලා. මේ site එකේ courier service කියල select කරන්න විතරයි පුලුවන් මොන courier service එකෙන්ද කියලා බෑ... කොහොමහරි ඒකට තව USD 20 -25 වගේ ඉල්ලලා තිබ්බා...
පස්සේ ගත්තු screen shot එකක් නිසා මෙකෙන්ත් shipping price එක ටිකක් විතර වැඩී.

එහෙම ගත්තත් ගනං අඩු නිසා... ඒකටම තව add කලා silicon case එකකුයි, lens cover, එකයි තව UV filter එකකුයි.. පොඩි පොඩි ගනං වලට තිබ්බ ඔය set එකටමත් ගියේ USD 10 කටත් වඩා අඩු ගානක්.. ඒ වගේම හැම එකම එක්කලා මුලු package එකටම shipping chargers එක්කම ගියෙත් ලංකාවේ සල්ලි වලින් 14දසස් ගානක්. ඉතිං compare කලහම ගොඩක්ම අඩු නිසා order කලා....





DHL වලින් තමයි අන්තිමට බඩු ආවේ... Order කරලා පැය 24 කට කලින් එහෙන් දානවා.. ඒ දාලා දවස් තුනයි, ඔක්කොම දවස් හතරයි DHL එකෙන් ඇවිල්ලා package එක දුන්නා... tax එකක් වැදුනා හරියටම Rs 253/=  ඒක DHL එකෙන් ආවම ඒ අයට cash වලින් දුන්නා... වැඩේ ඉවරයි. Track කරන්නත් පුලුවන් නිසා  sure !



මේ තියෙන්නේ package එක ආපු විදිය... හොදට pack කරලා තියෙනවා. මේ ටික දාන්නේ දන්නේ නැති අයට බලා ගන්න.. ඒ නිසා දන්න ඈයො කලබල වෙන්න එපා මැජික්ද කියලා හැමෝම හැම දෙයක්ම දන්නෙත් නෑනේ... ඒ ඇරත් online site එකකින් මම ගෙන්නපු වැඩිම වටිනාකමින් යුතු item එක තමයි මේ.....

<PROF IMAGES>




බොහොම minimalistic presentation එකකින් එන මේ Xiaomi YI Sports Action Camera  එකත් එක්ක එන්නේ short USB cable එකයි , removable battery එකයි. හතරට පහට නවපු Chinese User Manual එකයි.. English Version එක ඕනෙනම්. Camera එකට තියෙන official site එකෙන් PDF එක download කර ගන්න පුලුවන්




Xiaomi YI Sports Action Camera  එකේ තියෙන features ගැන මම දාල තියෙනවා Action Cameras  ගැන ලියපු post එකේනම් ඒත් කෙ‍ටුයෙන් පොඩ්ඩක් මතක් කර ගත්තොත් මේ ටික තමයි....



Key Features

  • 16MP backside-illuminated Sony Exmor R CMOS sensor for enhanced low-light  performance Records 1080p video up to 60fps and 720p video up to 120 fps
  • 155° ultra-wide lens with glass optics
  • LED back-lit record button on front of camera
  • Built-in Wi-Fi for transferring files to phone
  • Remote control over Bluetooth using smartphone and Yi Camera app
  • Micro-HDMI output
  • Micro-USB interface (USB cable included)
  • microSD card slot
  • Rechargeable 3.7V 1010mAh battery
  • Weighs only 2.5 oz
  • ABS polycarbonate body
  • Wide range of optional mounting accessories