White House Down


මේ 2013 අවුරුද්දේ ආපු White House Down හරි Olympus Has Fallen බලපු කවුරුහරි ඉන්නවාද....? ගොඩක් අය බලපු films දෙකක් කියලා හිතනවා... ඒ වගේම පට්ටයි කියලා කියන්න පුලුවන් ගොඩක් දේවල් ඒ film දෙකේම තිබුනා. මමනම් පොඩි කාලේ ඉඳලාම ඇමරිකාවේ ජනාතිපති වරුන්ට වැඩි කැමැත්තක් තියෙන නිසාම මේ දෙකම තෙතුන් වතාවක්ම බලලා ඇති. ඇමරිකාවේ යක්කූ මානව හිමිකම් කේස් වලට අපේ රට අල්ලගෙන .. උංගේ වැරදි වහ ගන්න හදන එකටනම් මම පට්ට විරුද්දයි. ඒත් ඇමරිකාව විදියට ගත්තම ඒ රටේ ජනාදිපති වරු තමන්ගේ රටට ගොඩක් ආදරෙයි මේ රටේ කාල කන්නි වගේ නෙවෙයි.

ඒ වගේම ඇමරිකාවේ 37 වන ජනාදිපති වරයා තමයි එක් දූශන වංචාවක් මාට්‍ටු වෙලා ඉල්ලා අස්වෙච්ච එකම ප්‍රබලයා... ලංකාවේ ජනාදිපති වරයෙක් තියා දූෂනයක් මාට්‍ටු වෙලා එක ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් ඉල්ලා අස්වෙච්ච එකක් නිකමට, ආසාවට අඩුම තරමින් විහිලුවටවත් අහලා තියෙනවද......??

හා.. හා... පුතේ කතාව වෙන පැත්තකට යනවා වගේ නේද.... !?
දැං මං මේ.. කියන්න යන කතාවට අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මට දෙහි කපයි... මොකෝ ඉතින් අපේ රටේ දේෂපාලුවෝ ඡ්න්දේ ගන්නේ එහෙම මේ ජනතාවට අමතලානේ... මෝඩයෙක්ට උනත් බුද්ධිමතා කිව්වම ඌත් ආසයිනේ දෙයියනේ... නැද්ද මං අහන්නේ...

මට අර කලින් කිව්ව films දෙකත් එක්කම කියන්න ඕනේ උනේ... අපි නිකමට වගේ හිතමුකෝ එහෙම film එකක් ලංකාවේ අපේ film director කෙනෙක් කලා කියලා... අපි නිකමට හිතමුකෝ ඒ වගේ technology එකක් අපේ film industry එකේ තිබුනා කියලා (හිනත් යනවා ඉතින්...)
දැන් ඔක්කොම හරි හැමදේම තියෙනවානේ... අපේ director ත ඔන්න හැදුවා film එකක් Temple Trees Down එහෙම නැත්තම් President House has Fallen කියලා වගේ ..

ඕක හැදුවට පස්සේ මොකක් වෙයි කියලා හිතනවාද ඕහේලා..... මුකුත් වෙන්නේ නෑ film එක relese  කරලා (release කරන්නවත් දෙයිද දන්නෑ...)  පහුවදාම director වයි film එකේ top crew එකකි අනිවාරෙන්ම සුදු වෑන් එකකින් උස්සලා මරලා දානවා... වෙන මොනවා වෙන්නද.. ඒක තමයි වෙන්නේ !!
ඊට පස්සේ....
                ඊට පස්සේ වෙන්නේ අපේ ආන්ඩුවෙන් බුද්ධිමත් ජනතාවට මාලු පාං කිරි පැකට දීලා කියනවා/// film එකට විරුද්දව උද්ගෝශන කරපියව්, නලු නිලි ‍රැම මරපියව් කොටපියව්... ඊර පස්සේ තවත් උගත් බුදිමත් ජනතාවක් උද්ගෝෂනය කරනවා අපේ රට බේරගත්ත අතිගරු ජනාදිපතිතුමන්ව මරන්න plan කලා... අපි මේක හෙලා දකිනවයි, අරවයි මේවයි හෙනනා..... කතා... මේව ලංකාවේ කරන්න බෑ... භෞමික අකන්ඩ මොකද්ද එක මෙව්වා උනා... මල මගුලයි...  White House Down ‍ෆිල්ම් එකේ ඇමරිකාවේ ජනාදිපතුව පාවා දෙන්නේ White House එකේ crew එකේ ලොක්කනේ... ඉතින් අපි හිතමු අපේ ලංකාවේ මේ ගහන film එකේ හැටියට මේ ජනාතිපතිව පාවා දෙන්නේ අපේ President House එකේ ලොක්කා කියලා... ඊට පස්සේ මොකද වෙන්නේ .. අපේ ඇත්තම President House එකේ ලොක්කා දානවා නඩුවක් .. මගේ කීර්ති නාමයට මේ film එකෙන් හානි උනා... film director දේෂද්‍රෝහියෙක්... LTTE කාරයෙක්.... ඊට පස්සේ අපේ ගූගල් විමල් ඇමති තුමත් කියනවා මේවා අදිරාජ්‍යවාදී කෘමන්ත්‍රන අරකද මේකද.... හෙන කතා....

ඇත්ම කතාව මේක film එකක් ඒත් එහෙම film එකක් ලංකාවේ ගැහුවොත් නම් වෙන්නේ මේකයි. ඊට පස්සේ මේ දේසපාලුවෝ කියන කතා අහලා අපේ ඉස්සෙල්ලා කියපි අර උගත් බුද්ධිමත් ජනතාව ෆෝම් වෙනවා උං කියන්න පටන් ගන්නවා... අර film එක හදපු director ඌ හොරෙක් දේෂද්‍රෝහියෙක් .... හැබැයි ඒ උගත් බුද්ධිමත් ජනතාව  දන්නේ නෑ ඇත්තම දේෂද්‍රෝහියෝ කව්ද කියලා ,film එකේදි නෙවේ සැබෑ ජීවිතේදී රටේ සල්ලි නාස්ති කරන Bus Halt එකක් හදන්න ලක්ෂ 20ක් විතර වියදම් කරන.... මහජන මුදලින් සැප විදින, අනුන්ගේ ඉඩම් කොල්ල කන... මහ දවල් හොරකම් කරන.. මිනී මරන ,දේසපාලුවන් ගැන මේ කිව්ව ජනතාවට තේරුමක් නෑ... අනේ අපේ ඇමති තුමා දේෂප්‍රේමියා කියලා කතිරේ ගහන්න තමයි... ඒ ජනතාව දන්නේ///

එතිං මේ ම්චංලා.... කවදාවත් මේ රටෙන් ඒ වගේ film එකක් බලාපොරොත්තු වෙන්න එපා...!! අපේ හරක් පැටව්ගේ ආකල්ප වෙනස් කරන්න සක්‍රයටවත් බෑ බෝල්ව්....!!



Share this

Related Posts

First

2 comments

comments