Showing posts with label Tech Stories. Show all posts
Showing posts with label Tech Stories. Show all posts

MrMobile [Michael Fisher]


Michael Fisher එහ්මත් නැත්තම් industry එකේදී බුවාවා හදුන්වන්නේ Mr. Mobile කියලයි...!

අවුරුදු ගානක් තිස්සේ තමන්ගේ සුපිරි දායකත්වය PocketNow කියන tech channel එකට දීපු reviewer කෙනෙක් තමයි මේ Michael Fisher ! මෙයා මේ ලගදී Pocketnow වලදී අයින් උනා.... ඒත් ඒ වෙනුවට තමන්ගේම channel එකකින් ආයෙම මයිකල් අය්යා මෙන්න වැඩ පටන් අරන් ( https://www.youtube.com/c/themrmobile ) video සුලු ගානක් තවමත් තියෙන මේ channel එක තාම verify වෙලාවත් නැතත් tech enthusiastලා දන්නවා බුවා කව්ද කියලා.... තාම තමන්ගේ කියලා වැඩ පටන් ගත්තත් Michael Fisher  කියන්නේ technology industry එකේ සුපිරිම පොරක්... ඒ වගෙම අපි වගේ සාමාන්‍ය එදිනෙදා gadget use කරන උංට නියම support එකක් දෙන මනුස්සයෙක් Mobile Nations එක්කත් සහයෝගයෙන් වැඩ පෙන්නන Michael වගේ පොරවල් ඉන්න එකනම් ලොකු දෙයක්........

Brand වෙනුවෙන් පස්ස පැත්ත උනත් පූජා කරන සුපිරි කබ්බන්ගේ ආතල් කුඩු කරන්න ඉන්න මේ Michael Fisher එහ්මත් නැත්තම් Mr. Mobile ඔන්න ආයෙමත් ඇවිල්ල ඉන්නවා.... එක පක්ශයක්, එක පාටක්, එක දේසපාලුවෙක් බදාගෙන ඉන්න හරක් පැටව් වගේම උංටම ගැලපෙන brand වෙනුවෙන් කඩේ යන අයියලාගෙන් පිරුන රටක .... ඕනැම දෙයක් ස්වාධීනව සහ මධ්‍යස්තව දකින්න පුලුවන් අය වෙනුවෙන් මධ්‍යස්තව review කරන  MKBHD, TLD, Austin Evans, Unbox Therapy, Tech Source අතරටම Michael Fisherත් අලුත්ම මුහුනුවරකින් ඔන්න් ඇවිල්ල ඉන්නවා........

--- බුවාව subscribe පාරක් දාලා එහෙම උඩට ගන්න එක... අපිටම භාරයි ඕං ඈ...... මම මෙහෙම post දානවා කියලා ඌ මට සත පහක්වත් නොදුන්නත් නියම third party reviews බලන්න කැමති සහ අලුත්ම mobile phone වගෙම mobile phone නොවන gadget බලන්න කැමති අය වෙනුවෙන්ම මේ post එක ඈ.........

Xiaomi YI Sports Action Camera

Action Cameras ගැන දාපු post එක කියවන්න ඇති කියලා හිතනවා. කියෙව්වේ නැත්තම් කියවන්න.. එහෙම නැතත් අවුලක් නෑ ඉතින්, මේ post එකෙන් කියන්න යන්නේ...  Xiaomi YI Sports Action Camera එකක් මිලදී ගන්න එක ගැන.. ලංකාවේ ගොඩක්ම shops වල නැතත් ලෝකයේ ජනප්‍රියම GoPro Alternative එක වන Xiaomi YI Sports Action Camera එක.. online store වලින් ගොඩක් අඩුවට ගන්න පුලුවන්.

online ගන්න කලින් පොඩි research එකක් තියෙනව පුලුවන්නම් කරලා බලන්න.... එච්චර ලොකුවට ඕනේ නෑ, ඔය camera items, mobile phone shops වගේ දෙක තුනක.. විශේශයෙන් බම්බ පැත්තේ Unity Plaza , Majestic City වගේ.. තව කො‍ටුවේ 1st Cross Street , 2nd Cross Street වල වගේ.... ඒ shops වල තිබිලත් මේ Xiaomi YI Sports Action Camera එක රුපියක් 15000 කට වඩා සතයක් හරි වැඩිනම් තේරුමක් නෑ ගන්න එපා./.. මොකද අපේ අයියලා මේ වගේ items ලොකු ලාභ තියං විකුනන්නේ.. Shops විතරක්ම නෙවෙයි තව තියෙනවනේ ලංකාවේ online shops නම් කියන්න ඕනෙ නෑනේ.. ඒවා එතකොට online බඩු විකුනන අයියලා... ඒ අය මේ action camera එක ගිනි ගනං වලට විකුනන්නේ..

මම රුපියල් 15000 ට වැඩිනම් ගන්න එපා කිව්වේ.. eBay වගේ online site වල ඕවා හෙන අඩු නිසා... මේ Xiaomi YI Sports Action Camera එක ජනප්‍රිය වෙන්න ලොකුම කාරණයක් තමයි මිල අඩු බව.. එහෙම තියෙද්දි ලංකාවේ වැඩි ගනං වලට විකුනනවා කියන්නේ තේරුමක් නෑනේ... කොහොම උනත් 15000 ට අඩුවෙනුත් හොයා ගන්න බැරි කමක්ම නෑ ලංකාව ඇතුලෙත්... ඒත් මම හොයනකොට එහෙම තිබ්බේ නෑ.... ගත්තට පස්සෙනම් තැන් දෙකක වගේ තිබුනා. කොහොම උනත් මේ post කියන්න යන්නේ online  ගන්න විදිය ගැන තමයි....








Banggood කියලා Chinese online store එකක් තියෙනවා... මේක eBay තරම්ම ජනප්‍රිය නැතත්.. මේ site එකෙනුත් බඩු ගෙන්නන අය මෙහේ ඕනෙ තරම් ඉන්නවා.. මොකද Banggood කියන්නෙත් හොද trusted site එකක් !! PayPal certificate කරපු security අතින් උනත් සුපිරිම site එකක්. මේකේ eBay වලටත් වඩා තියෙන ලොකුම වාසිය තමයි අපිට shipping methods ‍තෝරගන්න site එකෙන්ම procedure එක තියෙනවා... උදාහරනයක් විදියට courier service එකකින් ගෙන්න ගන්න ඕනෙනම් අපිට තියෙන්නේ shipping method එක select කරන එක විතරයි. eBay එකේ එහෙම කරනවානම් ඉතින් seller ට message එකක් යවලා.. seller ගේ කැමැත්තක් තිබ්බොත් විතරයිනේ ගෙන්න ගන්න පුලුවන්. ඒ අතින් මේ Banggood site එක ගොඩක් පහසුයි.
මේ screen shot එක පස්සේ ගත්තු එකක්. මම ගන්නකොට මේකේ ගාන මීට වඩා අඩුයි USD 64 ක් වගේ



Xiaomi YI Sports Action Camera එක release කරපු කාලේ ඉදලා YouTube reviews බලල blogs කියවලා තිබ්බත්... ලංකාවේ එතකොටම බඩු තිබුනේ නැති නිසාත්... online ගෙනාවොත් අපේ ලංකාවේ චාරර් postal එක ගැන සත පහක විශ්වාසයක් නැති නිසාත් මට ඕක අඩුම තරමේ ගෙන්න ගන්නවත් හිතුනේ නෑ... ඔය අතරේ තමයි. Facebook වල තියෙන --android '''''වැඩකරයො'''''--- group එකෙන් එක්කෙන් අහල තිබ්බේ... ඉතිං ඒකට reply කරපු තවත් බුවෙක් කියලා තිබ්බ Banggod site එක ගැන... ඔය site එක ගැනත් ගොඩක් කල් ඉදලම දැනගෙන හිටියත්.. එච්චර sure එකක් තිබ්බේ නෑ PayPal වලින් register වෙන්න තරම්... ... !! AdBlocker එකක් නැත්තම් එන ads වලින් ගොඩක් එන්නෙම Banggood site එකේ deals අනං මනං... ඒත් ඒ ගැන කොහොමත් sure එකක් තිබ්බේම නෑ...

කොහොමහරි ඒ post එක දැකලා.. මසයක් එකහමාරක් වගේ ගියාට පස්සේ ආයේ හිතුනා පොඩ්ඩක් site එකට ගිහිං බලන්න... site එකේ ඒ වෙනකොට register වෙලා තිබුනේ නැතත්... අර කිව්වා වගේ මාස එකහමාරක් ගියාට පස්සේ register උනා.... ඕන මගුලක් වෙච්චාවේ කියලා item එක order කලා... මෙක online ගන්නකොට ගොඩක් මිල අඩුයි.. ඒ වගේම Free Shipping එහෙමත් තියෙනවා.. ඒත් මම eBay වලින් උනත් බඩු ගෙනට ගෙන්නලා තිබුනත්, මෙච්චර එකක් ගෙන්නලා තිබුනේ නෑ.. අනිත් එක postal එකේ ඉන්නේ හොරු කියලා කට කතා නෙවෙයි ඇත්තටම දන්න නිසා උං ගැනත් විශ්වාසයක් තිබ්බෙම නෑ.... ඉතිං අන්තිමේදී හිතුවා courier service එකක් හරහා ගෙන්නවා කියලා. මේ site එකේ courier service කියල select කරන්න විතරයි පුලුවන් මොන courier service එකෙන්ද කියලා බෑ... කොහොමහරි ඒකට තව USD 20 -25 වගේ ඉල්ලලා තිබ්බා...
පස්සේ ගත්තු screen shot එකක් නිසා මෙකෙන්ත් shipping price එක ටිකක් විතර වැඩී.

එහෙම ගත්තත් ගනං අඩු නිසා... ඒකටම තව add කලා silicon case එකකුයි, lens cover, එකයි තව UV filter එකකුයි.. පොඩි පොඩි ගනං වලට තිබ්බ ඔය set එකටමත් ගියේ USD 10 කටත් වඩා අඩු ගානක්.. ඒ වගේම හැම එකම එක්කලා මුලු package එකටම shipping chargers එක්කම ගියෙත් ලංකාවේ සල්ලි වලින් 14දසස් ගානක්. ඉතිං compare කලහම ගොඩක්ම අඩු නිසා order කලා....





DHL වලින් තමයි අන්තිමට බඩු ආවේ... Order කරලා පැය 24 කට කලින් එහෙන් දානවා.. ඒ දාලා දවස් තුනයි, ඔක්කොම දවස් හතරයි DHL එකෙන් ඇවිල්ලා package එක දුන්නා... tax එකක් වැදුනා හරියටම Rs 253/=  ඒක DHL එකෙන් ආවම ඒ අයට cash වලින් දුන්නා... වැඩේ ඉවරයි. Track කරන්නත් පුලුවන් නිසා  sure !



මේ තියෙන්නේ package එක ආපු විදිය... හොදට pack කරලා තියෙනවා. මේ ටික දාන්නේ දන්නේ නැති අයට බලා ගන්න.. ඒ නිසා දන්න ඈයො කලබල වෙන්න එපා මැජික්ද කියලා හැමෝම හැම දෙයක්ම දන්නෙත් නෑනේ... ඒ ඇරත් online site එකකින් මම ගෙන්නපු වැඩිම වටිනාකමින් යුතු item එක තමයි මේ.....

<PROF IMAGES>




බොහොම minimalistic presentation එකකින් එන මේ Xiaomi YI Sports Action Camera  එකත් එක්ක එන්නේ short USB cable එකයි , removable battery එකයි. හතරට පහට නවපු Chinese User Manual එකයි.. English Version එක ඕනෙනම්. Camera එකට තියෙන official site එකෙන් PDF එක download කර ගන්න පුලුවන්




Xiaomi YI Sports Action Camera  එකේ තියෙන features ගැන මම දාල තියෙනවා Action Cameras  ගැන ලියපු post එකේනම් ඒත් කෙ‍ටුයෙන් පොඩ්ඩක් මතක් කර ගත්තොත් මේ ටික තමයි....



Key Features

  • 16MP backside-illuminated Sony Exmor R CMOS sensor for enhanced low-light  performance Records 1080p video up to 60fps and 720p video up to 120 fps
  • 155° ultra-wide lens with glass optics
  • LED back-lit record button on front of camera
  • Built-in Wi-Fi for transferring files to phone
  • Remote control over Bluetooth using smartphone and Yi Camera app
  • Micro-HDMI output
  • Micro-USB interface (USB cable included)
  • microSD card slot
  • Rechargeable 3.7V 1010mAh battery
  • Weighs only 2.5 oz
  • ABS polycarbonate body
  • Wide range of optional mounting accessories










Action Cameras

Action Camera  ගැන දන්න අය වගේම නොදන්න අයත් ඉන්නවානේ.. ඉතින් කෙටියෙන්ම කිව්වොත් action camera එකක් කියන්නේ...! එදිනෙදා කරන action වැඩ කෑලි වෙනමම record කරන්න හදපු කැමරාවක්. cycling, ice skating , skiing  වගේ දේවල් කරන අයට එලකිරි fun එකක් ගන්න පුලුවන් action camera එකක් තියෙනවානම්. ඊටත් අමතරම aerial videography වගේ කරන්න use කරන්නේම action camera... තව කිව්වොත් මේ action camera වර්ග වාහනයක dashboard එකේ හයිකරගෙන යන dash cam එකක් විදියටත් use  කරන්න පුලුවන්.





Photocopy


Photocopy කියල දැම්මට මේ කියන්න යන්නේ android app එකක් ගැන… අපේ ගොඩක් අයියලා , මල්ලිලා , අංකල්ලා , සීයලා විතරක් නෙවෙයි සමහරක් අක්කලා, නංගිලා, ආන්ටිලා , ආච්චිලත් smartphones තියං ඉන්නේ ඇඩ් එකටනේ … දුකයි ඈ… !! එක්කෝ වැල් බල චීයා .කක්කා…

කොහොම උනත් ඇඩ් එකට තියං ඉන්න අය අතරේ  වැඩක් කර ගන්නම use කරන අය නැත්තෙම නෑනෙ... ඒ අය මේ කියන්න යන app  එක ගැන දැනටමත් දන්නවනම් සද්ද නැතුව හිටපල්ලා ඈ.. හැමෝම දන්නේ නැති නිසා වගේම ඇඩ් එකටයි, වැල විතරක් phone තියං ඉන්න අයටයි තමයි මේක ගැන පොඩ්ඩක් කියන්නේ... ඕනෙ එකක් බලාපල්ල ඉතිං... මොකෝ ඉතිං මොකාවත් රහත් වෙලා යැ


කොටින්ම කිව්වොත් මේක ඇවිල්ලා Portable Scanner එකක්... ඒ කිව්වේ app එකට ඈ,,, නැතුව ආයෙ වෙනම ගැජට් එකක් නෙවෙයි... එක එක නම් වලින් එහෙම apps අම්බානෙක ගානක් Android PlayStore එකේ විතරක් නෙවෙයි. Apple Store / Windows Store  වලත් මදිනොකියන්නම තියෙනවා... මේ කියන්න යන app එක Android වගේම Apple වලටත්  compatibility එකක්... ඒවගේම මේවගේ apps දෙක තුනක්ම මම use කලත් මේක ටිකක් අල්ලලා ගියා..

මේකේ Speed , Accurate , වගේ දේවල් සැලකිය යුතු මට්ටමක තියෙනවා…





මෙකෙන් photocopy එහෙම නැත්තම් මේ app එකේ තියෙන විදියට scan කරන්නනම් 5MP camera එකක් උනත් ඇති,... ඒත් 8MP වලට වඩා උඩ එකක් තියෙනවනම් ගොඩක් හොදයි මොකද එහෙම උනහම color detection එහෙම සුපිරියට වෙනවා.. අනිත් එක අතිශ්‍යයෝක්තියද මොකක්ද මංදා නෙවෙයි.. සිරාවටම මේකේන් ගන්න output එකේ පට්ට quality එකක් තියෙනවා!  Scan කරපු document එකක් වගේම....

අනිත් එක නිකං Apps නැතුව document scan කරනවා වගේ නෙවෙයි... මේකෙන් කරද්දි අපේ අතින් ඇද වුනොත් එහෙම ඒ alignments ඇද හොකර ඇරලා ලස්සනට process වෙනවා වගේන කලින් කිව්වා වගේ ඒකට යන time එකත් ගොඩක්ම අඩුයි...!

ඉගෙන ගන්න බුවාලට එහෙම පට්ට ප්‍රයෝජනයක් තියෙන App එකක්....




-------
උදාගරනයක් විදියට lecture එකකට ආවේ නැති උනහම, ලස්සනට ලියලා තියෙන එකෙක් අල්ලගෙන ඌව rape කොරලා, උගේ පොත් ටික උස්සලා මගුලක් කොරන්න නැතුව... ඔය නිකං නමට තියං ඉන්න phone එකෙට මෙහෙම app එකක් දැම්මා කියලා මරෙන එකක් යැ..!!

සමහර අයියලා පොත් ගෙනියපුවහම පොතත් නෑ, ඌත් නෑ... අන්තිමට පොතේ අයිතිකාරයා අනාතයි.. මෙහෙම app එකක් තියෙනවනම්.. කාගෙන් වත් පොත් ඉල්ලලා උංව අපහසුතාවයට පත් කරන්න්න, ඉල්ලලා කිච වෙන්නවත් ඕනෙ නෑ... අනිත් එක ඔබලට ඒවා PDF විදියට app එකෙන්ම convert කරන්නත් පුලුවන් නිසා... ඕනෙනම් PDF එක print  කර ගන්නත් ලේසියෙනම පුලුවන්.... නැත්තම් හදිස්සියට ඉස්කෝලේ, කැම්පස් එකේ හරි මොකක් හරි institute එකේ තියෙන bookshop එකට ගිහිල්ලා, බකං නිලං ඉන්න ඕනෙත් නෑනේ book shop එකේ එකාගේ දෙමව්පියෝ සිහි කරමින්

මෙන්න මෙතනින් අයිටම් එක ගන්න....











Subway Surfers

Subway Surfers කියන්නේ ලේසියෙන්ම addict වෙන්න පුලුවන් Smartphone users ලා අතර ජනප්‍රිය සිරා game එකක්... කොච්චර හොඳ High End Smartphone එකක් තිබුනත්, ගොඩක් අය මේ Game එක තමයි Play  කරන්නේ මොකද බස් එකේ කෝච්චියේ උනත් තනි අතින් සිංදුවක් අහන ගමන් උනත් Play කරන්න පුලුවන් නිසා...!!

කලින් කිව්වනේ මේ Game  එක ලේසියෙන් addict වෙන්න පුලුවන් එකක් කියලා... ඒත් මේ game  එක මෙච්චර ජනප්‍රිය වෙලත්.. මේක Totally Free Game එකක්..  iOS, Android , Windows phone වලට කිසි අවුලක් නෑ..! මේක free දුන්නට මේ company එකෙන් කරන කපටි වැඩක් තමයි...!! අපි මේක play කරන කොට අම්බානෙක addict වෙනවනේ.. ඊට පස්සේ පොඩි පොඩි වැඩකෑලි unlock කර ගන්න suggestions විදියට මේ ගොල්ලෝ දෙනවා එව්වා මෙව්වා... ඒවා unlock කර ගන්න නම් Play Store එක හරහා සල්ලි ගෙවන්න ඕනේ... මේ Company එක මේවා ගන්න බල කලේ නැතත්. හොදටම addict වෙච්ච කෙනෙක් මේවා සලිලි දීලා උනත් unlock කර ගන්න පෙලබෙනවා..!! ඔය එක ගැජට් එකක් නැතුව උනත් මේ Game එක play කරන්න පුලුවන් උනත්... Gadgets එක්ක play කරද්දි  පොඩි ගතියක් තියෙනවා....

ලංකාවේ අපේ අයියලා (මමත් ඇතුලුව) PC Software එකකටවත් සල්ලි ගෙවන්නේ නැති කොට, මේ game එකක gadgets ටිකක් unlock කරගන්න සල්ලි වියදම් කොරයි කියලද ඈ....

ඉතිං මේකට පොඩි steps ටිකක් තියෙනවා... ඒ ටික කරල ගත්තම.. ඔය ගැජට් ඔක්කොම නිකං..! මෙකේ තියෙන හැම gadget එකකින්ම ප්‍රධාන දෙක තමයි keys and coins මේ වැඩේ කරලා බලන්නකෝ ඒවා කොච්චර වැඩි වෙයිද කියලා...

මේ වැඩේ කරන්න කලින් පොඩි මගේ පම්පෝරිකකුත් කියන්න ඕනේ...! මේ game එක කිසිම Gadget එකක් සල්ලිවලට තියා hack කරලවත් ගන්නේ නැතුව මගේ අන්තිමට තිබ්බ High Score එක ලක්ශ 37 ත් පැන්නා...!!  අනිත් එක hack කලාට මේවා හදන උනුත් හෙන කට්ටක් කාලා තමයි මේවා හදන්නේ.. කොහොම උනත් මගේ personal මෙව්වා එකට අනුව මට මේක hack කලාම උන දේ තමයි.. මේ game එක එපා උන එක... මොකද.. හැම එකම unlock වෙලා තියෙද්දි.. එතට ගේමක් නෑනේ play කරන්න... Game එකක ගේමක් නැති උනාමත් අවුල්නේ....

එහෙනම් ඔන්න ඔහේ මේ steps ටික try කරලා බලන්නකෝ..






STEP 1

දැනට Subway Surfers නැත්තම් ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ Download කරලා install කර ගන්න එක... අලුතෙන් install කලානම් Open කරන්න ඕනේ නෑ...



*****************************************************************
*****************************************************************
*****************************************************************



STEP 2

Hack කරන වැඩේ කරන්න කලින් මෙන්න මේ Lucky Patcher කියන app එක download කර ගන්න ඕනේ... ඒ app එකෙන් කරන්න පුලුවන් එකම දේ Subway Surfers - hack කරන එකම විතරක් නෙවෙයි.. තව ගොඩක් දේවල් පුලුවන් කොහොම උනත් දැන් කියන්නේ Subway Surfers ගැන විතරක් නිසා මේක බලමු...
Lucky Patcher එක දැන් Play Store එකෙන් කෙලින්ම ගන්න බෑ ඉස්සර වගේ.. ඒ වෙනුවට තියෙන්නේ Lucky AppManager එක... ඒත් ඒක මේ වැඩේට හරියන්නේ නැති නිසා Lucky Patcher එකම download කරගන්නම වෙනවා .apk විදියට...!! මෙහෙම Download  කර ගන්න

Luck Patcher එකේ updates එක්මනින්ම එන  නිසා ඔය හැමතිස්සෙම යටින්ම තියෙන්නේ latest version එක... ඒකම ගන්න















install කරලාට පස්සේ ඔය රතු පාටින් රවුම් කරලා තියෙන්නේ Lucky Patcher එක තමයි..



*****************************************************************
*****************************************************************
*****************************************************************



STEP 3

දැන් ඔය screen shot එකේ පේන විදියටම Luck Patcher එක open කල ගමන්ම පේනවා දැනට install කරලා තියෙන හැම app එකක්ම. එතනින් Subway Surfers හොයාගෙන එතන press කරගෙනම තත්පර දෙක තුනක් ඉන්න…





*****************************************************************
*****************************************************************
*****************************************************************





STEP 4

ඒ විදියට press කරගෙන හිටියම මේ විදියේ list එකක් තියෙනවා.. එකෙන් පුලුවන් ඕන ඕන විදියට app එකට වැඩ දාන්න. ඒත් කලින් කිව්වා වගේ මෙතනදී කරන්නේ Subway Surfers එකෙ hack කරන එක විතරයි නිසා.. දැනට Custom Patch විතරක් click කලාම ඇති,....








ඒ විදියට click කරපු ගමන් ඒනවා අදාල patch එක. ඒක Apply කරන්න විතරයි තියෙන්නේ... තත්පර කීපයකින්ම වැඩේ ඉවරයි...





අන්තිමට කෙලින්ම launch button එක touch කරපු ගමන්ම game එක open වෙනවා..






*****************************************************************
*****************************************************************
*****************************************************************




STEP 5

දැන් open කරපු ගමන්ම වෙනසක් පෙනෙයි... ගිහිල්ලම බලන්නකෝ Shop කියන තැන touch කරලා... එතකොට ඔය උඩින් තියෙනවා වගේ පෙන්නනවා ... coins and keys ගනන් කර ගන්නවත් බැරි ගානක් තියෙනවා...! ඊටත් වඩා පොඩ්ඩක් බැලුවොත් පෙනෙයි මෙතනදී characters පවා වෙනස් වෙලා... තව ගොඩක් gadgets කෑලි එහෙම unlock වෙලා......






ඕන්න වැඩේ ඉවරයි...


*****************************************************************
*****************************************************************
*****************************************************************