Presidential Election of Sri Lanka 2015

මේ දවස් වල හැම එකාගෙම කටේ මහින්ද නැත්තම් මයිත්‍රී , මයිත්‍රී නැත්තම් මහින්ද , මහින්ද නැත්තම් මයිත්‍රී , මයිත්‍රී නැත්තම් මහින්ද
 (ඇති ඈ..)
මමත් හිතුව පොඩි මෙව්වා කෑල්ලක් දාන්න මගේ බ්ලොගේ.......


මමත් මේ අපක්ශපාතී මෙව්වා එකක් දාන්න බැලුවේ උඩ සිට යටට බැලුවේ නැත්තම් තෙරෙන්නේ නෑ.. මහින්ද කාරය කරන තරම් කුපාඩි කාලකන්නි වැඩ ඔක්කොම කරලා ඕකා දිනනව... කොහොමද අප්පේ බලය නැතුව ඒ ගං ගබරයා ඉන්නේ... අවාසනාවකට ඒක තීරණය වෙන්නේ මුලු රටෙන්ම බොහෝම සුලු කොටසකට විතරයි...!! උදාහරනයකට ගත්තොත් කොච්චර ඈස්චර්ය කියලා දැගලුවත් අඩුම තරමේ ලංකාවේ internet use කරන්නේ මුලු රටේ ප්‍රතිශතයෙන් ගත්තොත් 15% කටත් අඩු ගානක්... ඒ අතරුනුත් ජිල් බලන්න , facebook යන්න විතරක්ම එන උං අයින් කලාම ... news දැන ගන්න, රටේ විතරක් නෙවෙයි ලෝකේ විස්තර පවා දැන ගන්නේ ඊටත් බොහොම සුලුතරයක්..
ඔය ඔක්කොම බැලුවම online ජනාදිපතිවරනයක් තිබ්බොත් නම් මයිත්‍රී උඩින්ම දිනනවා....




ඒත් නිකමට බලපංකෝ මහින්දයට කඩේ යන උං දාලා තියෙන මඩ ... ඒ අර මං කිව්ව internet එක එක දේකට විතරක් use කරන උං.. මම දැක්කා දාලා තියෙනවා මයිත්‍රීගේ පුතන්ඩියගේ කාරෙක කියලා UK වලදි ගත්ත photo එකක්... උං දැකලා නෑ.... අපේ ලොකු බේබිගේ Aston Martin v8 එක ලංකාවේ වරායෙන් ගන්න photo එක... ඉතිං උං ගැන කතාකරලා වැඩක් නෑ.... මේ ලගදි news වලට ගියා.. බොහෝම අඩු පහසුකම් සහිත පව්ලක උගේ ලමයට මොක නැතත් laptop එකක් තියෙනවා .. පොර ඒකෙන් බෙල්ලේ වැල දාගන්න හැටි උගන්වන්න ගිහිං.. බුවා සිරාවටම මැරිලා .. එහෙම උං ඉතිං කොහොමත් යුද්දේ දින්නනේ කියලා ඒ වගේ උං මහින්දයා උංගේ අම්මා, අක්කා , නංගී දූෂනය කලත් ඇවිල්ලා කතිරේ හගනවා... ඒකනේ යුද්දේ විකුනන් කනකොට... ඒකම අහ අහා.. ඌ මොනවා කලත් ඌටම පිටිපස්ස හරවන්නේ... ඔහොම පොරවල්ට අර කියමනකුත් තියෙනවානේ ගොඩයන්ඩ මැජික් කියලා (no offense) .. ඔය වගේම උං ඉන්නවා එහෙන් මෙහෙන් ඉස්කෝලවලට පැනපු.. ඊට පස්සේ ටිකක් ජනප්‍රිය පොරක් ඉදලා ඌව මූ දන්නවානම්.. ආ අරූ අපේ ඉස්කෝලේ,, අපේ ගමේ කියලා හෙනනන.... කයිය... උගේ අම්මට ඇරලා ගියත් PROUD TO BE A / AN .........<උගේ ඉස්කෝලේ>...................... .. කියලා කියන්වනේ... හරි දේකට හරි කියන්න, වැරදි දේකට වැරදි කියන්න මුංට බෑනේ

මම O/L කරන කාලේ එහෙම කොල්ලෙක් හිටියා tution class එකේ... පොර මගෙන් මොකක්ද මගුලක් ඇහුවා මම කිව්වා.. "YouTube එකේ බලපං මචං....." කියලා ....... ඌ කියපි........ "ඒ...... සූ......සු...... පිස්සුද යකෝ කෑ ගහන්නේ...." මම බැලුවා මුට පිස්සුද මම කුනුහරපයක්වත් කිව්වද කියලා... පස්සේ බැලින්නම් ඒ යකා හිතලා තියෙන්නේ මම ජිල් සයිට් එකක් කිව්වා කියලා.... මම අපහාසෙකට කියනවා නෙවෙයි..! ඒත් මූ මෙහෙ tution ආවට කෑගල්ල--දීවල  (no offense) .පැත්තේ එකෙක්... අනේ ඉතිං internet එක හරියට use කරන උං හිතා ගන්න පුලුවන්නේ... උදාහරනයක් විදියට ගත්තොත් පිහියකින් කේක් පාං කපන්න පුලුවන්, ඒ වගේම සිංහල වෙදෙක් හිටියා පොරට පිහියෙන් ඇස් operation කරන්ඩ පුලුවන් කියලා තිබුනා....... ඒ වගේම එහෙම පිහියකින් මිනි මරන්න උනත් පුලුවන්... ඒ වගේම මේ අපි ලියන පෑනකින් වෙර දාල පොරකගේ ධමනියකටත් නෙලන්න පුලුවන්. ඉතිං ඔහොම උංගෙන් කොහොමද බොලව් හොද දෙයක් බලපොරොත්තු වෙන්නේ

ඒ වගේ උංට අඩුම තරමේ YouTube එක බලං ගැඩමැටික් එකක් තියා... වයර් අමුන ගන්නවා තියා.. බොහොම සරල දෙයක්වත් බෑ කොම්පීටර් කෑල්ලක.. ඒවට කොච්චරනම් help තියෙනවද internet එකේ... කටනම් පුක වගේ තියෙනවා.... ජංගිය ඇදගන්නත් තව එකෙක් ඕනේ එහෙම උංට... ගං කබරයෝම තමයි... !!

බලපංකෝ බැනර් තොගේ අඩියෙන් අඩිය ගහලා තියෙන්නේ... කතාවක් තියෙනවා "රූපය දිරයි, නාමය නොදිරයි" කියලා... ඔය ඉශාක් බෙග් ගේ සිංදුවකත් තියෙන්නේ... ඉතිං මොන ලබ්බකට දිරන රූපෙ promote කරනවාද .. මේ බෝක්කු පාලං .. ලයිට් කනු අස්සේ…

බොලාලට කියන්න..... මේකම තමයි අපිටත් වෙලා තීන්නේ... ප්‍රාදේශීය සභාවක් ඉස්සරහම බොල අපි ඉන්නේ... ඒ මදිවට ගේට්‍ටුව ලඟම ලයිට් කනුවක්... ඒකෙනම් තාම මහින්ද මාමි එල්ලිලා නෑ.... ඒත් අපේ තාප්පේ උන්ගේ තාප්ප වගේ පොස්ටර් ගහලා... මහින්දා මාමිගේ... ඒවම තමයි... අද වෙන එකක්, හෙට වෙන එකක්, අනිද්දා තව එකක්.... ඔක්කොම මාමිමේ... ඈශ්චර්ය ඈ....

මාමිගේ විතරක්නම් බැරියෑ...  UNP කාලෙත් එහෙම තමා... අපේ ඉඩමේ.. 1900 බරගන්න් වල මැටි වලින් හදපු ගේ කෑල්ලක් තම්යි ඉස්සරහම තියෙන්නේ... ඒකේ උලු අර රවුම් වෙච්ච සිංහල උලු... මට මතකයි ඒ දවස් වල ඒ හැම උලු කැටයක් අස්සෙම UNP කොඩි ගහලා තිබුනා.. ඉතිං මම ගිය school van එකේ උංගේ ඉදලා , පාරේ යන බස් වල මිනිස්සු පවා හිතුවේ... මුං මාර කැපුවත් කොල උං කියලා.....

ඒ වගේම අපේ gate එක ඉස්සර කොළ පාටයි... හත්තිලව්වේ ඒ අපේ පක්ශයක ලබ්බේ පාටක් නෙවෙයි.. නිකං ගාපු පාටක්... මට මතකයි..!! "රවිද්ද රන්දෙනිය" කියලා සුදු පාටිං අලි අකුරු වලින්ම මේ... අපේ තාත්තලා අම්මලා හම්බ කරපු දේපල වල මුං හගලා තිබ්බනේ...!! ඔය වගේ සම්පූර්න කොල තාප්පයක් තිබුන ගෙයක් තිබුනා රාගම Hospital එක කිට්ටිව.. ඒකෙත් මුං අලි අකුරෙන් ගහලා

එතකොට JVP..... ඔය කාලෙනම් අපි ඉපදිලාවත් නෑ.... ඒත් අහල පහල අයගේ තොරතුරු වලට අනුවනම්... ඔය ප්‍රාදේශිය සභාවේ ඒ කාලේ මිනිස්සුන්ව ටයර් වල දාල පුච්චලත් තියෙනවා... දැං රස්සාවල් කරන, ඒ කාලේ ඉස්කෝලේ පොඩි පන්තිවල හිටිය අයියලා, අක්කලා ඔය දේවල් අපිත් එක්ක කියනවා..!! උදේ පාන්දර පිච්චෙන මිනි වල කලු දුම ..දැක දැක නේ... ඒ මිනිස්සු ඉගෙන ගෙන තියෙන්නේ..

ලංකාවේ දේශපානය කියන්නේ... දේශපාලුවක්..!! මොකා ආවත් අපිට ආදරේකට එන්නේ නෑ...!! ඉතිං මොකාටවත් cheer කරලනම් වැඩක් නෑ.. හැබැයි එහෙම කියලා ඡන්දේ දාන කොට ඒකේ බලියක් ඇදලා වැඩකුත් නෑ..! මොකද අවලංගු ඡන්ද අයින් කරලයි සම්ස්තය ගනන් කරන්නේ...  කාටත්ම දෙන්න කැමති නැත්තම් හොදම වැඩේ තමයි.. කවදාවත් එන්නේ නෑ කියලා හිතෙන ඕනම පක්ශෙක ඕනම එකෙක්ට කතිරේ ගහන එක... උදාහරනයක් විදියට මේ 2015 ජනාදුපතිවරනයේදී ප්‍රධාන අපේක්ශකයො දෙන්නගෙන් එක්කෙනයිනේ දිනන්නේ..! ඒත් කවදාවත් දැකලා නැති උන් පවා නාම යෝජනා දීලානේ...  ඔන්න දෙනවනම් එහෙම එකෙක්ට දීලා අරින්න තියෙන්නේ... මොකද එහෙම එකෙක් කවදාවත් එන්නේ නෑනේ.. කොහොමද ටිකිරි මොලේ ආසයි නේ......................!!

ඒත් ගොඩක්ම හොද යුගයට ගැලපෙන පක්ශෙට කතිරේ ගහන එක... ඒත් වෙන රට වල මිනිස්සුන්ගේ නැති පොල් බූරු, මී හරක් ආකල්ප තියෙන මැටි මෝල්ලු ටිකක් ඉන්නවනේ, ඡන්ද දායකයෝ කියා ගත්තු..
කැපුවත් නිල්, කැපුවත් කොල, කැපුවත් රතු... උන්නම් ඉතිං ............. කියන්න වචන එන්නේම නෑ..................!!

ධම්ම පදයේ "අතත වගග" යේ තියෙන ගාතා 10 න් එකක් වන

අතතා හි අතතනෝ නාථො
කොහි නාථො පරො සියා?
අතතනා සුදනෙතන
නාථං ලභති දුලලභං


තමාට පිහිට වන්නේ තමාමය
අන්‍ය වූ පිහිට වන්නෙක් කොහින්ද?
මනා සේ හික්මවා ගත් තමා කරණකොට,
දුර්ලභ්හ වූ පිහිට හෙවත් නිවණ ලබයි

Oneself, indeed, is one's saviour,
for what other saviour would there be?
With oneself well controlled one obtains a saviour difficult to find


අන්තිමට මතක තියා ගන්න.... මේ එකෙක්වත් එන්නේ අපිට ආදරේකට නෙවෙයි... තමාගේ පිහිට තමාම පමනයි...!

Share this

Related Posts

Previous
Next Post »