Self Appraisal

Self Appraisal

සාමාන්‍යය ව්‍යවහාරයේදී තමන්ගේ කිසියම් ණුවනැති ක්‍රියාවක්, උසස් ක්‍රියාවක් හෝ යම් කිසි නිර්මාණයක් අගය කල යුත්තේ තමන් නොව තමන් දෙස නෙත් යොමන විවිද පිරිස්ය. තමන්ගේ ඉහත කී ගුනාංග හෝ ක්‍රියා පිළිබඳව හොඳ හෝ නරක දකින්නේ පිටස්තර පුද්ගලයින් පමනි.

තමන්ට කිසිසේත්ම තමාගේ දෙයක් පිළිබදව තමන් විසින්ම අගය කිරීමක් කල නොහැක. එසේ නොමැතිනම් ආත්ම වර්ණනාවක් කළ නොහැක. හේතුව තමා පිළිබඳව නිගමනයකට එළබ හැක්කේ විවිධ කෝන හරහා ඔබව නරබන විවිධ පිරිස් විසින්ය. තමාට කිසිසේත් තමාගේ කිසියම් දෙයක් අගය කළ හෝ ආත්ම වර්ණනාවක් කළ නොහැක්කේ, තමා සිදු කරනු ලබන සෑම දෙයක්ම පාහේ ඉතා දක්ෂ ණුවනැති ක්‍රියාවන් යැයි තමාට හැ‍ඟෙන නිසාය.