Self Appraisal

සාමාන්‍යය ව්‍යවහාරයේදී තමන්ගේ කිසියම් ණුවනැති ක්‍රියාවක්, උසස් ක්‍රියාවක් හෝ යම් කිසි නිර්මාණයක් අගය කල යුත්තේ තමන් නොව තමන් දෙස නෙත් යොමන විවිද පිරිස්ය. තමන්ගේ ඉහත කී ගුනාංග හෝ ක්‍රියා පිළිබඳව හොඳ හෝ නරක දකින්නේ පිටස්තර පුද්ගලයින් පමනි.

තමන්ට කිසිසේත්ම තමාගේ දෙයක් පිළිබදව තමන් විසින්ම අගය කිරීමක් කල නොහැක. එසේ නොමැතිනම් ආත්ම වර්ණනාවක් කළ නොහැක. හේතුව තමා පිළිබඳව නිගමනයකට එළබ හැක්කේ විවිධ කෝන හරහා ඔබව නරබන විවිධ පිරිස් විසින්ය. තමාට කිසිසේත් තමාගේ කිසියම් දෙයක් අගය කළ හෝ ආත්ම වර්ණනාවක් කළ නොහැක්කේ, තමා සිදු කරනු ලබන සෑම දෙයක්ම පාහේ ඉතා දක්ෂ ණුවනැති ක්‍රියාවන් යැයි තමාට හැ‍ඟෙන නිසාය.

එය ඉතාමත් සාමාන්‍යය ස්වාභාවයක් බැවින් එය ඔබ විසින් සරලවම තේරුම් ගත යුතු වේ. I am the best / I am the man යනුවෙන් ඇතැම් විට ඔබට සිතුනත් You are the best / You are the man ලේබලය ඔබට සෑම විටම ලැබෙන්නේ නැත. ඔබ උත්සාහ ගත යුත්තේ එය ලබා ගැනීමටය. නමුත් එය ලබා ගැනීම පිළිබදවම සිතා ක්‍රියා කරන තාක් ඔබට නිසි ගෞරවයක් ලැබෙන්නේ නැත. සරල සාමාන්‍යය අයුරින් එම ක්‍රියාවන් සිදුකරනු ලබන විට ඔබ වෙත එය ලැබෙනු ඇත. නමුත් කිසිවෙකුටත් ඔබව විනිශ්‍ය කිරීමට ඉඩක් ලබා නොදෙන්න. කෙසේ නමුත්  You are the best / You are the man ලබා දෙන්නේ පිටස්තරයක් විසිනි.

සෑම විටම කණ්ඩායක් ක්‍රියාකාරකමකදී අප සියලු දෙනා සියලු දේ ඉවසා ක්‍රියා කල යුතුවේ. කණ්ඩායමකදී මමත්වය බැහැර කල යුතුය. කණ්ඩායමකදී මමත්වය මතු වුවහොත් ඔබ කොතරම් දක්ෂ වුවත් අනෙකුත් සාමාජිකයින් එය උසස් කොට තකන්නේ හෝ උබට යම් කිසි ගෞරවයක් හෝ දක්වන්නේ නැත. හේතුව ඔවුන්ට ඔබේ "කයිවාරුව" හිසරදයක් වන හෙයිනි. ඔබේ දක්ශ ක්‍රියාව, මමත්වයෙත් පෙළෙන ඔබව අගය කලහොත් ඔබ තව තවත් ඔබ ගැනම කයිවාරු ගසනු ඇත. මෙය සරල උදාහරනයකි.

සමාජයෙන්ම තවත් දේශපාලනික උදාහරනයක් ගතහොත් සරත් ෆොන්සේකා හිටපු යුධ හමුදාපතිතුමන් පසුගිය ජනාදිපතිවරණයේදී පොදුඅපේක්ශක ලෙසිනුත්, මෙවර 2015 ජනාධිපතිවරනයේදීත් පොදු අපේක්ශක සිරිසේන මැතිඳුන්ට සහය දක්වන්නේකු ලෙසත් දේසපාලන වේදිකාවේ සිට පැත්සුවේ "මම යුද්දේ කළා" යනුවෙනි. එමෙන්ම හිටපු ජනාධිපති රාජපක්ශ මැතිඳුන් ඔහුගේ දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ කරන ලද්දේ "මම යුද්ධේ කලා.." යනුවෙනි. අපක්ශපාතී පුරවැසියෙකු නම් ඔබට මෙය මතක ඇත. පක්ශ දෙකකට බෙදී ඔව්නොවුන් කෙතරම් කෙස්පැලෙන තර්ක ඉදිරිපත් කලද. 30 වසරක යුද්ධය නිම කිරීමට රාජපක්ශ සහ ෆොන්සේකා යන දෙදෙනා මෙන්ම ත්‍රිවිධ හමුදාවන් සහ පොලිසියේ  සියලු නිළයන්ගෙන් හෙබි රනවිරුවන් මෙන්ම. ඔවුන් දිරි ගැන්නූ පුරවැසියන්ද අදාල වේ. දේශපාලනය නැමැති ත්‍රස්ථවාදය විසින් මොවුන්ව විරසක කර ඇත, ජනතාවද දෙකඩ වී ඇත. මමත්වය යනු එවැනි බරපතල සිතුවිල්ලකි.

කණ්ඩායම් හැගීමෙන් ක්‍රියා කිරීමෙන් ඔබට සැම විටම අනෙකුත් සාමාජිකයින්ගේ උපකාරද නොමදව ලැබෙනු ඇත. එමෙන්ම ඔබ දුර්වල වූ විටක පවා ඔවුන් ඔබට උපකාර කරනු ඇත.

ඔබ අනුගමනය කල යුත්තේ කුමක්ද යන්න වග මෙයින් ඔබට ‍තෝරා ගත හැක.

Share this

Related Posts

Previous
Next Post »