Genius





ඉහත ප්‍රකාශය සිදු කර තිබෙන්නේ අප නිතැතින්ම හඳුනන විදුලි බුබුලේ නිර්මාතෘ විසිනි. වර්ථමානයේ බිල් ගේට්ස් වැන්නවුන්ද මෙසේ ප්‍රකාශ කර ඇත.
"I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft"
ඒ වගේම ... තවත් බොහෝ රට දිනූ, ලොව දිනූ ලෝක පූජිත මිනිස්සු... තමන්ගේ ජීවිත දිනුවේ රෝස මල් පිරුනු යහනාවක ඉඳලා නෙමෙයි... ඇල්බට් අයිස්ටයින්ලා වගේ.. ලෝකේ හොල්ලපු මගා මොලකාරයෝ ලෝකේ දිනුවේ විභාග පාස් කරලවත් නෙමෙයි.... ඇල්බට් අයිස්ටයින්, ‍ අල්වා එඩිසන්.. වගේ.. මිනිස්සු ඉස්කෝල වලිනුත් පන්නපු මිනිස්සු.. ඒ ජීචිත කතා වල තියෙන්නේ එහෙම්යි....
ඔය දැන් කාලේ ඉන්න බිල් ගේට්ලා, ස්ටීව් ජොබ්ස්ලා (මෑතකදී මිය ගිය) පොරවල් උනත් .. පිලිවෙලකට ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයි... අපේ.. ලංකාවේ ගොං භාෂාවෙන් කියනවනම්.. ඔය ඔක්කොම අමු මෝඩයො.... මොකද අපේ මිනිස්සු දක්ෂ කම තීරනය කරන්නේ විභාග වලින් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. නේද ?

අනේ... වසනාවන්.. උං එකෙක්වත් ලංකාවේ ඉපදුනේ නෑ... එහෙම උනානම්.. තාමත් ලෝකේ.. ගල් යුගයම තමයි.... දැං කියහල්ලකෝ අපි දේෂද්‍රෝහියෝ කියලා...!!
මේකනේ.... නිකං හරි අපි හිතමු ලංකාවේ සාම්ප්‍රදායිකව හිතන.. කෝපි කාලේ.. අංකල් හරි ආන්ටි කෙනෙක්ට හරි. ඔය දැං ඉන්න බිල් ගේට්ස් හරි ඒ කාලේ හිටපු... අයින්ස්ටයින් හරි තොමස්ලා වගේ කෙනෙක් දැකගන්න පුලුවන් උනා.. කියලා...
-- අපේ එකා ගත් කටටම අහයි... "මචං.. උබ .. අහවල් විභාගේ පාස් ද?" කියලා... එතකොට ... අර ලොකයක් දිනපු පොර කියයි.. "අනේ.. නෑනේ... මචං" කියලා....
-------------- එතකොට අපේ ගොනා දෙන උත්තරේ හිතාගත්තහැකිද...??
ඌ කියයි.. "ආපෝ.. එහෙනම් උබෙන් වැඩක් නෑ.... උබ මහ මෝඩයෙක්" කියලා.....
සමහරක්, මීහරක්.. මේ වගේ එවුන් වැඩි හරියක්... අපේ රටේ දැනුත් ඉන්නවා.... ඒ කාලේ ඔය කලින් කියපු අයිස්ටයින්ලට, ‍ ‍ ‍තෝමස්ලා කාලේ හිටපු එවුන්ගේන් මහා අබූත ප්‍රශ්න අනං මනං මගුල ආවා.... ඔය ගැලීලියෝ ගැලලු.. දුර දක්නය හදපු කාලේ... මෑන්ව හිරේ දන්නත් හැදුවලුනේ... දෙයියන්ගේ අඩවිය හොරෙන් බලන්න හදනවා කියලා....

හැබැයි පස්සේ කාලෙදි ලෝකේ එහෙම ගොං විදියට හිතපු මිනිස්සු නැති උනා....
විභාග පාස් උන එවුන් පොරවල් කියලා හිතපු එවුනුත් ඒ එක්කම වාගේ... නැති උනා... එයාලා තෙරුම් ගත්තා සහජ හැකියාවයි... විභාගයි කියන්නේ දෙකක් කියලා...

ඒත් අනේ.. කරුමෙට වගේ... අපේ ලංකාවේ ඔය එකක්වත් තෙරුම් ගත්තේ නැති... අමු ගොං ‍ රැලක් තාමත් ඉන්නවා.... උං දන්නේ විභාග විතරයි.... විභාගේ පාස් වෙලා.. උඩින්ම ඉන්න මිනිස්සුත් පොරවල් තමයි... කාටවත් එහෙම නෑ කියන්න බෑ.. ඒත් මිනිහෙක් සාර්ථක වෙන්න විභාග පාස් වීම අනිවාර්‍යෙන් ඕනේ කියනවනම් ඌ අමු ගොනෙක් !!
මනුස්සයෙක් සාර්ථක වෙන්න විභාග ඕනේ වෙන්නේ නෑ... අපි විභාග ඉහලින්ම පාස් වෙන අයට ඉහලින්ම ප්‍රසංසා කරන අතර.. එහෙම නැති අයවා... පාගලා දානවා ඕල තමයි අපෙ එවුන් කරන ලොකුම වැ‍රැද්ද....!!

මොකා මොන බයිලා ගැහුවත්.. ජාත්‍යන්තර වර්ගීකරනයන්ට අනුව අපේ රට... තුන්වෙනි ලෝකේ.. රටක් ... ආර්ථික වර්ධනය ඉහලයි කියලා කබ්බරාල් කාරයි.. ජයසුන්දරයයි තර‍ඟෙට කෑගැහුවට ඕක තමයි ඇත්ත...!!
මොකද... Colombo, විතරද ලංකාව කියන්නේ.. Western Province විතරද ලංකාව.....
මේවට අපේ හාල් පාරු දේස පාලුවොත් වග කියන්න ඕනේ...! අපේ.. එවුන් විභාග ගැන මගුලක් කතා කරනවා... පාර්ලිමේන්තුවේ කීයෙන් කී දෙනාදා... ඉගෙනගත්ත එවුන් ඉන්නේ......
විභාග පාස් වෙලා... මාර මොලකාරයෝ කියලා හිතන් ඉන්න අපේ අධ්‍යාපන ඇමති බන්දුවා... පේන්නේ නැද්ද... උසස් අධ්‍යාපන ඇමැතිය උනත් ඇත්තටම හොඳට ඉගෙන ගත්ත degree ගහපු එකෙක්නේ....
උං ගුරුවරු විදියටම හිටියනම් තාමත් මිනිස්සු ගරු කරනවා....
දැන් උංගේ මොලෙත් හිස්නේ.... ඕක තමා ලංකාවේ මී හරක් දේෂපාලනේ...

රටක තියෙනවා අවශ්‍ය සහ අත්‍යවශ්‍යය කියලා දෙකක්.. වෙන්න ඕනේ... අත්‍යවශ්‍යය දේයි...! ඉතියෝපියාව කියන්නේ කෑමට ආහාරක් වත් නැති රටක්.. ඒවගේ රටකට අපේ රනිල් බුවා අපිට දෙන්න හදපු බ්‍රෙස්ල්ලට්, මාල දෙනවා කියලා එහේ දේසපාලකයෙක් කිව්වොත් කොහෝම හිටීද ඈ.... ඌ එහෙනම් එතනම මරයි....
-- තාමනම් අපි ඉතියෝපියාව වේලා නෑ.....
ඒත් අපේ රටෙත් වෙනස් වෙන්න ඕනේ ලොකුම දේ තමයි "ආකල්ප" ඉන්දියාවෙන් ශාරුක් කන්නංගරලා, විවේකයෙන් ඉන්න ඔබරෝයිලා, බිපාශා බාස්සුන්නැහේලා, ප්‍රීතියෙන් ඉන්න සින්ටලා ගෙන්නන සල්ලි වලින් අපේ.. ආඩම්බර කාර තාත්තා... අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කොරන්ඩ ඇහැකි එවුන් මොන ඒරොප්පෙන් ගෙන්නුවත් පාඩු නෑ....
මොන පාටින් මොන පක්ශේ ආවත් බඩගෝස්තර දෙසපාලුවන් ඉන්නකං.. අපේ රට වෙනස් කරන්න බෑ.....

හැබැයි... බඩගෝස්තර දේසපාලුවොයි,, ගොං විදියට හිතන කෝපි කාලේ අංකල්ලයි, ආන්ටිලයි නැති බංගස්ථාන උන දවසට....
අපේ රටෙනුත් ලෝකේම හොල්ලන්න පුලුවන්.. සාර්ථක මිනිස්සු බිහිවෙයි.... එහෙම පොරවල් දැං හිටියට උංට නැගිටින්න දෙන්නේ නෑ.. අර සමහරක්, මී හරක් ‍…

---පාරවල් පාලං හැදුවට වෙන සංවර්ධනයක් නෑ බොලව්.... ගොං විදියට , සාම්ප්‍රදායිකව හිතන මිනිස්සු නැති බංගස්තාන වෙලා යන්න ඕනේ...
නැත්තම් වෙන්න ඕනේ එකම දේ.... අපේ ගොං පොරවල්ගේ ""ආකල්ප"" වෙනස් වෙන්න ඕනේ.... අන්න ඒකට කොච්චර සල්ලී දැම්මත් කිසිම අව්ලක් නෑ...!!
ආකල්ප වෙනස් කරන්න වියදම් කරනවනම්... අන්න ඒක හොඳ ආයෝජනයක් වෙයි..!!---
ණයට කහින people

ණයට කහින people

If two or more people get angry!!........................,,,,
After the case we can find more than ණයට කහින people around us !! ණයට කහින people have no idea what happened and even they have no idea what is the truth is.
We all have to realize any problem has two parts or two teams. But that ණයට කහින people only get one side and listen only for them. They only know about one thing!!! So how they get to know about reality………..?

ඔහුට හෝ ඇයට කැස්ස තිබේනම්, ඔබ වෙනුවෙන් කැස්ස පිට කල යුතු නැත.
ඔහු හෝ ඇය මා සමග විරසක වී ඇත්නම්, ඔබ මා සමග විරසක වීම අවශ් නැත.

ඔහු හෝ ඇය වරදක් සිදු කලේනම්, එම වැරැද්ද ඔබ විසින් පිළිගැනීම්වෙහි පලක් නැත

Our Former Principal



පාසලක විදුහල්පතිවරයෙක් කියන්නේ , පාසලේ සුක්කානම කිව්වට වරදක් නෑ.. ! පාසල් කාලයේදී බය හිතෙන වචනයක් තමයි principal කියන්නේ... විදුහල්පතිට කියන කාලයක ඉඳලාම පැවත ගෙන එන පොදු නම ගැන කියන්න ඕනේ නැනේ.. කොහොමත්  සුරංගනා ලෝකේක නැතුව , පොර talk නැතුව විවුර්ථව මේක ලියන්න මම හිතන්වා.

හැම පාසලකම සිසු සිසුවියන් කැමති තමන්ගේ පාසලට උගත් වගේම ප්‍රථාපවත් විදුහල්පති වරයෙක් එනවට, තමන්ගේ විදුහල්පති වරයා සුදුසුකම් සහිත කෙනෙක් වනවා කියන්නේ.. ඒ පාසලට අදාල සෑම අභ්‍යන්තර පාර්ෂවයකටම අපේ වචනයෙන්ම කියනවානම් ගැම්මක් එනවා කියන එකයි. හැබැයි මොන තරම් සුදුසුකම් තිබුනත් අදාල විදුහල්පති වරයා අපේ පාසලට වැඩක් කලේ නැත්තම් ඒ සුදුසුකම් වලින් සත පහක වැඩක් නෑ... මම කලිනුත් කිව්වා වගේ විවුර්ථව කියන්න ඕනේ... උපශාන්ත විදුහල්පති වරයාට කලින් ... සිටිට එවැනි විදුහල්පති වරයෙක් හිටියා, එතුමට සුදුසුකම් නම් තිබුනා, වසර 10 කට වඩා පාසල පාලනයත් කලා... නමුත් පාසලට වැඩක් උනේ නෑ.... ඉතින් දැං විශ්‍රාම සුවයෙන් පසුවන එතුමා ඒවාට හිතින් විඳවනවා ඇති... කොහොම නමුත් විදුහල්පති වරයෙක් උනාම සුදුසුකම් වගේම පාසලට දැනෙන්න සේවයක් කරන්නත් ඕනේ....

මම අර කලින් කිව්ව දැං විශ්‍රාම සුවයෙන් පසුවන විදුහල්පති තුමා වසර 10 කටම නොකරපු අති විශාල සේවයක්.... 2009 යේදී පාසලට ආපු ප්‍රසන්න උපශාන්ත විදුහල්පති තුමා අරබනවා. කාලයක් තිස්සේ පාසලට විශාල අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩාංගනයක් අසෝකීයන්ට හිමිවන්නේ මෙතුමනේ පැමිනි මුල් කාලයත් සමගයි. පාසලෙන් දුරක පැවතියත් පාසලටම අයිති දේපලක් ලෙස එම ක්‍රීඩාංගනය හඳුන්වන්න පුලුවන්. රෑ , දිවා පුහුනුවීම් කල හැකි Indoor Cricket Net එකක් සමග, කාර්‍යලයක්, සනීපාරක්ශක කටයුතු සදහා ඇතුලු, බොහෝ අංගයන්ගේන් සමන්විත ක්‍රීඩාංගනයක් අප සතු වුනේ උපශාන්ත විදුහල්පති තුමන්ගේ පැමිනීම නිසයි. අද වන විට එය දිවයිනේ පාසල් ක්‍රීඩාංගන අතර මුල් 10 - 15 අතර පවතී.













මෙතුමා හිටිය අවුරුදු 4 ඇතුලේ අවුරුදු දහයක වැඩ කලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙවෙයි. සර් නිහතමානී චරිතයක් වැඩි සෝබන තිබුනේ නෑ.. අපේම සමහර ගුරුවරු වගේ ආඩම්බරකම් තිබුනේ නෑ. සර්ගේ පෞද්ගලික ජීවිතේ ගත්තොත් සර් ගමේ හැදුන මනුස්සයෙක් නිසා සරලව හිතන කෙනෙක්. සර් ඉගෙන ගෙන තිබුනේ කෑගල්ල්ගේ සුන්දර පරිසරයක් අගනුවර වගේ සද්ධ බද්ද නැති.. ප්‍රධාන පාසලක් උන "කෑගලු විද්‍යාලයේයි" විවාද තරඟාවලියක් සඳහා කෑගලු විද්‍යාලයට ගිය දිනයකදී අපිට එය දැන ගන්න ලැබුනා. ඒවගේම අපේ පාසලේම ශිෂ්‍යයෙක්ගේ පියෙක් එම විද්‍යාලයේම , උපශාන්ත විදුහල්පති තුමාගේ පහල පන්තිකල ඉදලා තියෙනවා, ඔහුට අනුව ඒ කාලේ කෑගලු විද්‍යාලය සහ ශාන්ත මේරි විද්‍යාලය අතර පවතින big match එක තමන්ගේ පාසල දිනපුවාම , සාම්ප්‍රධායිකව ඔවුන්ගේ කොඩිය උතුවන්කන්දේ ගහන්නේ උපශාන්ත සර්ලු.

ඔය හැම දෙයක්ම අතරේ සර්ට පුතෙක් සහ දුවෙක් ඉන්න නිසා ඒ වයසේ ලමයි ගැන .. විශේෂයෙන් කොල්ලෝ ගැන සර්ට හොඳ දැනීමක් අපේ පාසලේ විදුහල්පති ලෙස හිටිය කාලේ තිබුනා. අපේ වචනයෙන් කියන්වනම් සර්ගේ කනෙන් රිංගන වැඩේ හිතන තරම්ම ලේසි වෙන්නේ නෑ වගේම, එහෙම දෙයක් අහුවොනොත් කොල්ලට දෙයියන්ගේම පිහිටයි.
දඩුවම් කරන්න ගියාහමත් සර් දරුනු වෙනවා.. එක්තරා දවසක , ඉස්කෝලෙට එනකොට ලමයෙක්ගේ report එක check කලේ නෑ කියලා සර් සුපිරි කනේ පාරක් දෙනෝදාහක් මැද්දේ prefect කෙනෙක්ට දීලා තිබුනා... school van නවත්තලා බලන්න තරම් ඒක වේගවත් පහරක් උනා... හැබැයි ඊට පැයකට විතර පස්සේ ඒ prefect ට සර් බොහොම සංසුන්ව කතා කරලා තිබුනා... ඔය වගේ කතා ගොඩක් මේ පසුගිය අවුරුදු 4 ටම උනාට... කවුරුත් මානව හිමිකම් යන්න තරම් මෝඩ උනේ නෑ.... අද සර් අසෝකයට අයිති නෑ.. ඒත් එදා ඒ ගුටි කාපු අපේ අසෝකේ කොල්ලන්ට අහැට කදුලක් එන ව්දියට සර්ගේ පාසලට නැති අඩුව දැනෙනවා....

අධ්‍යාපාන පරිපාලන, විදුහල්පති කියන ලොකු තනතුරු අමතක කලොත් මෙතුමත් අයිතිවන්නේ ගුරුවරයෙක් විදියට.. ගුරුවරු කියන්නේ දෙවිවරු රටේ නායකයොත් ගුරුවරුන්ට වන්දනාමාන කරනවා. හැබැයි ඉස්සෙල්ලා කිව්වා වගේ සුරංගනා කතා වලින් බැහැර වුනොත්, ඇත්තම කතාව තමයි හැම ශිෂ්‍යයෙක්ම හැම ගුරුවරයෙක්ටම ගරු කරන්නේ නෑ... ගුරුවරයාගේ සතුට ලමයිගේ සාර්ථකත්වය වගේම ඔවුන්ගේන් ලැබෙන ගරු බූහුමන්.. මේවා ලබන්න හැම ගුරුවරයෙම වාසනාවන්ත නෑ. Degree පිට degree තියාගෙන හැම සුදුසුකමක්ම තිබුනත් ලමයි ගරු කරන්නේ නැත්තම් ඒ ගුරු කමෙන් වැඩක් නෑ...! ඒ අතින් අපේ ප්‍රසන්න උපශාන්ත විදුහල්පති තුමා වාසනාවන්තයි. සමහර පාසල්වල අවුරුදු ගනන් පාලනය කරලා කිසි වැඩකට නැති විදුහලපති වරු අතරේ වසර 4 ක් අසෝකයේ වූනු මෙතුමාට කෙතරම් ශිෂ්‍ය පිරිසක් ගරු කරන්වාද.. ඒ මෙතුමන් කල සේවය නිසයි. තුන්වන ලෝකේ රටක් ලෙස හංවඩු ගැසී සිටින දේශපාලුවන්ට විතරක් ආශ්චර්යක් වූ ලංකාව තුල කිසිදු දේශපාලුවෙක් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න සහයෝගයක් දීලා නෑ...  ඒත් අපේ විදුහල්පති තුමා අසෝකීයන්ව හැම අතිනම දිරිමත් කලා වගේම අපේ මැලවුන හැගීම් වලට පන දීලා අපේ ආකල්ප වෙනස් කරන්න කටයුතු කලා.... ඒ ආකල්ප හරහා අපේ පාසලේ භෞතික සම්පත වගේම, මානව සම්පතත් දියුනු කලා. කලින් වසර වලට වඩා ශිශ්‍යත්වයේ , සා.පේ. උ.පේ සෑම විභාගයකම ලකුනු ඉහල නංවන්න කටයුතු කලා....
---

අධ්‍යාපනය වගේම බාහිර ක්‍රියාකාරමක් වලටත් සර් ලොකූ support එකක් දුන්න.. එතුමා හිටපු කාලේ මම පෞද්ගලිකව හොදින්ම දන්නවා Media Unit එකට විතරය්ක් ලක්ශ ගානක මුදල් යෙදෙව්වා.. work shop තියලා ඉස්කෝලේ ඉන්න සුපිරි වැඩ කාරයන්ව උඩට ගේන්න වැඩ කලා... ඒ වගේ දශවයනව සර්ගේ දුවගේ ඉස්කෝලේ අභ්‍යන්තර වැඩ වලට පවා යෙදෙව්වා...  ඒ වගේම තරමයි ඕනම වැඩකදි අපි මොකක් හරි දෙයක් හොදට කලොත් ඒ දේ අපේ ලඟටම ඇවිල්ලා අපිව අගයන්න තරම් එතුමා නිහතමානී උනා...  දවසේ විඩාව කෙතරම් එතුමට තිබුනත් ඒ දේ කියන්න එතුමට පුලුවන් උනා :: ඇතැම් විට ඒ වගේ ද්වල් අපේ ගුරුවරුවත් කරන්නේ නෑ... විදුහල්පති තුමා එහෙම ශිෂ්‍යයන් අගය කරන එක ශිශ්‍යයන් විදියට අපිට ලොකු හයියක් උනා...!



= = = = == = = = = = = ==  =


 = = ==



අසෝක විද්‍යාලයේ මුල් කාලයේ සිටම පැවතෙන primary consent එක තමයි "කුමර ‍රැඟුම්" 2011 අවුරුද්දේ ඒක වෙනදටත් වඩා කරන්න විදුහල්පති තුමා තීරණය කලා. කොහොමහරි ඒ වැඩ වල සුවනියර් ඇතුලු, video trailers වගේ තව වැඩ කොටසක් භාර වුන පිරිසක් හිටියා.. යුතික අයිය්යා, ඇතුලු ලහිරු, රජින්ද්, බාසිත්, හශාන්, සමග මමත් මේ පිරිසේ හිටියා... ඒ දවස් වල අපි ඔය වැඩ වලදී දිගටම වගේ රෑ වෙනකම්ම කලා, සමහරු එලිවෙනකම්ම...  සර්ගේ තවත් නිහතමානීකමක් කියන්නේ... අපි වැඩ කරන සමහර දවස් වලට රෑ 7 ට 8 ට වගේ... සර් අපිට තේ ටික flask එකක දාගෙන එනවා .... ඇත්තටම අධ්‍යාපන පරිපාලනයේ පලමු පංතියේ නිළධාරියෙක්ගේ නිහතමානී බවට තවත් නිදසුන් තියෙනවාද....
= = ඒ වගේම කඩවත, කිරිබත්ගොඩ ඉන්න අපිව මරදානේ ටෙක්නිකල් හංදියෙන් bus halt එකට දාන්න ඔය දවස් වල සර්ගේ වාහනෙන්ම ඇරලවනවා.. ඒ යන අතරමගදී අපේ විස්තර අගගෙන තමයි යන්නේ...
ඒ අතරේ අරවින්ද මල්ලිගෙන් මෙහෙම අහන්වා...

"ඔයාගේ මොකක්ද නම...?"

"අරවින්ද"

"ආ... අරවින්ද මගේන් ගුටි කාල තියෙනවා නේද...?"

"ඔව් සර්.........."
 ==  = = =
... මම හිතන්නේ සර් දඩුවම් දීපු ලමයින්වත් මතකයි.... මොකද සර් ගොඩක් වෙලාවට තේරුමක් ඇතුව වැඩ කලේ....

 - - - --
ඒවගේම තමයි සර් අනධ්‍ය කාර්‍ය මණ්ඩලයටත් හොදට සැලකුවා... ඒ අයටත් මම දන්න තරමින් අසාධාරණයක් වෙන්න ඉඩ තිබුනේ නෑ... එක දිනයකදී අපේ 11 වසරේ මල්ලිලා වගයක් .. සනීපාරක්ශක සේවකයෙක්ට විහිලු කරලා ඒක දැන ගත්ත විදුහල්පති තුමා, ඒ මුලු පංතියම පැයට ඉස්කෝලේ මැද්දෙම දන ගස්වලා තිබ්බා...!!
සමගර සේවකයෝ එතුමාගේන් අයුතු ප්‍රයෝජන නොගත්තත් නොවේ.. කොහොම දඩුවම් කලත් එතුමා ඒකෙන් හැම වෙලාවෙම බලාපොරොත්තු වුනේ හැමෝටම ගරු කරන ශිෂ්‍ය පිරිසක් අසෝකයෙන් බිහි කරන්න ... එතුමා ඒ අතින් සාර්ථකයි.. ඒ නිසා තමයි... උපශාන්ත විදුහල්පති තුමාගේ අඩුව දඩුවම් විදපු නොවිඳපු හැම කෙනෙක්ටම දැනෙන්නේ.... !!


 = = = = =  = = = = = = = = = = = = = =  = = = = = = = = = = = = =  = = = = = = = = = =
2012 අවුරුද්දේ ආරක්ශක ලේකම්තුමාගේ අදහසකට අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිළධාරින් විදුහල්පතිවරුන් ඇතුලුව 23 දෙනෙකුට Brevet Colonel තනතුරු දෙනවා... ඒ උපශාන්ත විදුහල්පති තුමත් ඇතුලුව.... ඔය සිද්දියට ගුරු සංගම් ඇතුලු දේශපාලුවන් කිව්වේ.. ලමයිනට සැලුට් ගහන්න වෙයි, ලමයිට වෙඩි තියයි වගේ ගොං කතා ටිකක්.... කොහොම උනත් ... සරල සාමාන්‍ය විදියට හිටපු සර් කවදාවද් තනතුරු වලට වෙනස් උනේ නෑ.... සර් හොඳට හොඳටම හොඳයි, නරකට  ඒ වගේම උපරිමයි..! ගුරුවරුන්ටත් ඒ විදියමයි වෙනසක් නෑ....
ඒ වගේම මේ blog post එක දැක්කොත් දෙයියන්ගේ පිහිටයි... හොදක් වුනත් මෙහෙම ලියනවට සර් කැමති නෑ...

ආරක්ශක ලේඛම් තුමන් අතින් කර්නල් තනතුර ලබා ගන්න මොහොත
කර්නල් තනතුරු ලෑබූ විදුහල්පතිවරු හා නිළධාරීන්
ජනාදිපති තුමන් මුණගැසුනු අවස්ථාව

කර්නල් තනතුර ලබා අසෝකයට පැමිණි මොහොත








අසෝක විද්‍යාලය කියන්නේ උපශාන්ත විදුහල්පති තුමාට පෙර සිටම ප්‍රධාන පාසලක් ! මුල් 20 ඇතුලත තිබුන පාසලක්. ධර්මරත්න විදුහල්පති තුමාගේ මහඟු සේවය ඉදිරියට කරගෙන යෑමට ඇතිවුනු බාධාව මග හැරුනේ 2009 දී ආ උපශාන්ත විදුහල්පති තුමාගේන්... අවංකවම නිවැරදිව කතා කරනවනම් ප්‍රධාන යන වචනයට පමණක් සීමා වූ එය යථාර්ථයක් කලේ උපශාන්ත විදුහල්පති තුමන් විසිනුයි....  ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ දෙගොල්ලන්ගේම ආකල්ප වෙනස් කිරීම එතුමන්ගේ විශාලතම සේවයයි. ....


===============================================================


අසොකයේ නිර්මාතෘ ධර්මරත්න සර් විදුහල්පති තුමන්

එදා මහා පුරුෂයෙක් උනු අසොකයේ නිර්මාතෘ ධර්මරත්න සර් ගැන අපේම අසෝකේ අයියලා... ආඩම්බරයෙන් කතා කරනව, එතුමන් ඇහැට නොදැකපු පරම්පරාවට පවා ගෞරවයක් ඇතිවන විදියට එතුමන් සේවය කල නිසා අදටත් ඒ ගරුත්වය තියෙනවා....... ඒ වගේම අපිටත් අසෝකය නියෝජනය කරපු පරපුරක් විදියට ප්‍රසන්න උපශාන්ත විදුහල්පති තුමන් ගැන කතා කරන්න පුලුවන්.. ඒ අතින් අපිත් වාසනාවන්තයි... විද්‍යාලයේ ධර්මරත්න ගුරු පියානන්ට පස්සේ රත්තරන් අවධියක අපිත් හිටියා කියන අසෝකීය අභිමානය අපිට තියෙනවා....






========



අන්තිම ටික කියන්න තියෙන්නේ මහානාමේ සහෝදරවරුන්ටයි. අපි බොහොම විවෘතව කතා කරමු, කලිනුත් කිව්වා වගේ පොර talk නැතුවා.. හතවතින් කතා කරන මහානමේ සහෝදරයන්ට මේ පොඩි කතාව...
2013-10-26 උදේ 10 න් පස්සේ කර්නල් ප්‍රසන්න උපශාන්ත විදුහල්පති තුමා මහානමෙට අයිති සම්පතක්. මහානමෙත් අසෝකේ අපි හොඳින් දන්න වගේම රටේ ප්‍රධාන පාසලක්. මහානාමේට වසර එකහාමාරක් යනතුරු විදුහල්පති වරයෙක් සිටියේ නෑ වගේම හිටපු විදුහල්පතිපරු කීප දෙනෙක් දූශිත බව අපට දැනගන්නට ලැබී අවසන්...
-- ඔබලාට දැන් ඉන්නේ ඉතා වැදගත් විදුහල්පති වරයෙක් , මොහු බලාපොරොත්තුවේ සංකේතකක්..... මහානාමටය ආපු නායකයව ඔබලා හොදින් පිලිගන්න. එතුමාට සහයෝගය දක්වන්න ඔබගේ මාතාව නගා සි‍ටුවන්න...

පසුගිය කාලයේ සිදුවීම් එක්ක මහානමේ විදුහල්පති වරුන්ව එපා වී ඇති බව ඔවුන් මේ දිනවල facebook සහ online newspapers වල දාපු comments වලින් පැහැදිලී... ඒ වගේම ඔවුන් එහෙම චකිතයකින් සිතන එක 100% ක් සාධාරනයි.. ඒ හැම comment එකක්ම අපි අසෝකීයන් විදියට පිලිගන්නවා...!!

කොහොම වුනත් බෞද්ධයෝ විදියට අපි දන්නවා මිනිස්සු වෙනස් වෙනවා people change with time ,, ඒ කොහොම උනත් අපි දැඩිව විශ්වාස කරනවා උපශාන්ත සර් ලොකු සේවයක් මහානාමෙට කරයි කියලා...
මහානාමෙට ජය පතනවා... ඒ වගේම ශිෂ්‍ය පිරිසටත්
කර්නල් ප්‍රසන්න උපශන්ත විදුහල්පති තුමා සමග මහානාමෙට දීර්ග ගමන්ක් යන්න අසෝකීයන් විදියට හතවතින්ම සුබපතන ගමන්ම...
අසෝක විද්‍යාලයේ ශිෂ්‍ය විධායක මණ්ඩලයේ කචීෂ කාරියවසම් සොහොයුරාගේ නිසදැසකින් අවසන් කරනවා.....!!

****
---------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------


© Random Sithuwili -- Our Former Principal ||| Ashan Mihiranga Widyarathna. All rights reserved.

------------------------------------------------------


Hiru TV Mega Bite

           Hiru TV ජනප්‍රිය කිරීමේ අරමුනින් පටන්ගත්ත කාලකන්නි වැඩසටහනක් තමයි Mega Bite කියන්නේ.... මුල් වැඩසටහන් කීපය හොඳයි යැයි ප්‍රේක්ශකයන්ට සිතුනත් ඊට පස්සේ දාපුවා දැක්කම හැමෝටම තේරුනා මහා කාලකන්නි වැඩසටහනක් කියලා...

මේ රටේ මහා බක පන්ඩිත කලා කරුවොත් ඉන්නවා... ඒත් ඒ අතරේ උගත් නිහතමානී කලා කැරුවොත් ඉන්නවා ඒ වගේ මිනිස්සුන්ව bite කරලා මේ නපුංසක ‍රැල ගන්න ගොං ආතල් එක මොකක්ද.....?





ඕක පටන් ගත්ත කාලෙම අපිත් හිතුවා වැඩි කල් ඕක කරන්න හම්බවෙන එකක් නෑ කියලා... හිරු එකේ මේ සෙට් එකම මහම මහා කාලකන්නිම හැත්තක්.. මිනිස්සුන්ගේ සමහර මනුස්ස ගති එක්ක සෙල්ලම් කරනවා... මහා බලු වැඩ අනිවාරෙං මේ කාලකන්නිංව හිරේම යවන්න ඕනේ... !! දුමින්දයාගේ අයියගේ channel එක නිසා එහෙම වෙයිද විශ්වාසෙකුත් නෑ... කලා කාරයන්ව බයිට් කරලා මේක කරන නපුන්සකයෝ ගොං ආතල් එකක් ගන්නවා..!! එක කලාකාරයෙක් මේකට ඇවිත් කිව්වා.. කවදාහරි මේ වැඩේට විරුද්දව කලා කාරයින් එකට සෙට් වෙයි... එදාට හිරු එකේ කිසිම event එකකට කලා කාරයෝ හොයා ගන්න අමාරු වෙයි කියලා... අනිවාරෙන්ම එහෙම වෙන්න ඕනේ.... අපිට ලංකාවේ නීතිය ගැන සත පහක විශ්වාසයක් නෑ... ඒ නිසා අඩුම තරමේ කලා කරයෝ ටික හිරු එක වර්ජනය කරන්න ඕනේ....!!

ඒ වගේම තව දෙයක් අවුරුදු ගානකින් ආන්ඩුවට කඩේම යන ITN එක සිරා කතාවක් දාලා.. මේ news එක යද්දී නම් මොකෙක්වත් TV එකෙන් දකින්න නැතුව ඇති !! ඒත් YouTube / / Facebook වලින් තොග ගානක් බලන්න ඇති...!!





White House Down


මේ 2013 අවුරුද්දේ ආපු White House Down හරි Olympus Has Fallen බලපු කවුරුහරි ඉන්නවාද....? ගොඩක් අය බලපු films දෙකක් කියලා හිතනවා... ඒ වගේම පට්ටයි කියලා කියන්න පුලුවන් ගොඩක් දේවල් ඒ film දෙකේම තිබුනා. මමනම් පොඩි කාලේ ඉඳලාම ඇමරිකාවේ ජනාතිපති වරුන්ට වැඩි කැමැත්තක් තියෙන නිසාම මේ දෙකම තෙතුන් වතාවක්ම බලලා ඇති. ඇමරිකාවේ යක්කූ මානව හිමිකම් කේස් වලට අපේ රට අල්ලගෙන .. උංගේ වැරදි වහ ගන්න හදන එකටනම් මම පට්ට විරුද්දයි. ඒත් ඇමරිකාව විදියට ගත්තම ඒ රටේ ජනාදිපති වරු තමන්ගේ රටට ගොඩක් ආදරෙයි මේ රටේ කාල කන්නි වගේ නෙවෙයි.

ඒ වගේම ඇමරිකාවේ 37 වන ජනාදිපති වරයා තමයි එක් දූශන වංචාවක් මාට්‍ටු වෙලා ඉල්ලා අස්වෙච්ච එකම ප්‍රබලයා... ලංකාවේ ජනාදිපති වරයෙක් තියා දූෂනයක් මාට්‍ටු වෙලා එක ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් ඉල්ලා අස්වෙච්ච එකක් නිකමට, ආසාවට අඩුම තරමින් විහිලුවටවත් අහලා තියෙනවද......??

හා.. හා... පුතේ කතාව වෙන පැත්තකට යනවා වගේ නේද.... !?
දැං මං මේ.. කියන්න යන කතාවට අපේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මට දෙහි කපයි... මොකෝ ඉතින් අපේ රටේ දේෂපාලුවෝ ඡ්න්දේ ගන්නේ එහෙම මේ ජනතාවට අමතලානේ... මෝඩයෙක්ට උනත් බුද්ධිමතා කිව්වම ඌත් ආසයිනේ දෙයියනේ... නැද්ද මං අහන්නේ...

මට අර කලින් කිව්ව films දෙකත් එක්කම කියන්න ඕනේ උනේ... අපි නිකමට වගේ හිතමුකෝ එහෙම film එකක් ලංකාවේ අපේ film director කෙනෙක් කලා කියලා... අපි නිකමට හිතමුකෝ ඒ වගේ technology එකක් අපේ film industry එකේ තිබුනා කියලා (හිනත් යනවා ඉතින්...)
දැන් ඔක්කොම හරි හැමදේම තියෙනවානේ... අපේ director ත ඔන්න හැදුවා film එකක් Temple Trees Down එහෙම නැත්තම් President House has Fallen කියලා වගේ ..

ඕක හැදුවට පස්සේ මොකක් වෙයි කියලා හිතනවාද ඕහේලා..... මුකුත් වෙන්නේ නෑ film එක relese  කරලා (release කරන්නවත් දෙයිද දන්නෑ...)  පහුවදාම director වයි film එකේ top crew එකකි අනිවාරෙන්ම සුදු වෑන් එකකින් උස්සලා මරලා දානවා... වෙන මොනවා වෙන්නද.. ඒක තමයි වෙන්නේ !!
ඊට පස්සේ....
                ඊට පස්සේ වෙන්නේ අපේ ආන්ඩුවෙන් බුද්ධිමත් ජනතාවට මාලු පාං කිරි පැකට දීලා කියනවා/// film එකට විරුද්දව උද්ගෝශන කරපියව්, නලු නිලි ‍රැම මරපියව් කොටපියව්... ඊර පස්සේ තවත් උගත් බුදිමත් ජනතාවක් උද්ගෝෂනය කරනවා අපේ රට බේරගත්ත අතිගරු ජනාදිපතිතුමන්ව මරන්න plan කලා... අපි මේක හෙලා දකිනවයි, අරවයි මේවයි හෙනනා..... කතා... මේව ලංකාවේ කරන්න බෑ... භෞමික අකන්ඩ මොකද්ද එක මෙව්වා උනා... මල මගුලයි...  White House Down ‍ෆිල්ම් එකේ ඇමරිකාවේ ජනාදිපතුව පාවා දෙන්නේ White House එකේ crew එකේ ලොක්කනේ... ඉතින් අපි හිතමු අපේ ලංකාවේ මේ ගහන film එකේ හැටියට මේ ජනාතිපතිව පාවා දෙන්නේ අපේ President House එකේ ලොක්කා කියලා... ඊට පස්සේ මොකද වෙන්නේ .. අපේ ඇත්තම President House එකේ ලොක්කා දානවා නඩුවක් .. මගේ කීර්ති නාමයට මේ film එකෙන් හානි උනා... film director දේෂද්‍රෝහියෙක්... LTTE කාරයෙක්.... ඊට පස්සේ අපේ ගූගල් විමල් ඇමති තුමත් කියනවා මේවා අදිරාජ්‍යවාදී කෘමන්ත්‍රන අරකද මේකද.... හෙන කතා....

ඇත්ම කතාව මේක film එකක් ඒත් එහෙම film එකක් ලංකාවේ ගැහුවොත් නම් වෙන්නේ මේකයි. ඊට පස්සේ මේ දේසපාලුවෝ කියන කතා අහලා අපේ ඉස්සෙල්ලා කියපි අර උගත් බුද්ධිමත් ජනතාව ෆෝම් වෙනවා උං කියන්න පටන් ගන්නවා... අර film එක හදපු director ඌ හොරෙක් දේෂද්‍රෝහියෙක් .... හැබැයි ඒ උගත් බුද්ධිමත් ජනතාව  දන්නේ නෑ ඇත්තම දේෂද්‍රෝහියෝ කව්ද කියලා ,film එකේදි නෙවේ සැබෑ ජීවිතේදී රටේ සල්ලි නාස්ති කරන Bus Halt එකක් හදන්න ලක්ෂ 20ක් විතර වියදම් කරන.... මහජන මුදලින් සැප විදින, අනුන්ගේ ඉඩම් කොල්ල කන... මහ දවල් හොරකම් කරන.. මිනී මරන ,දේසපාලුවන් ගැන මේ කිව්ව ජනතාවට තේරුමක් නෑ... අනේ අපේ ඇමති තුමා දේෂප්‍රේමියා කියලා කතිරේ ගහන්න තමයි... ඒ ජනතාව දන්නේ///

එතිං මේ ම්චංලා.... කවදාවත් මේ රටෙන් ඒ වගේ film එකක් බලාපොරොත්තු වෙන්න එපා...!! අපේ හරක් පැටව්ගේ ආකල්ප වෙනස් කරන්න සක්‍රයටවත් බෑ බෝල්ව්....!!