ඉහත ප්‍රකාශය සිදු කර තිබෙන්නේ අප නිතැතින්ම හඳුනන විදුලි බුබුලේ නිර්මාතෘ විසිනි. වර්ථමානයේ බිල් ගේට්ස් වැන්නවුන්ද මෙසේ ප්‍රකාශ කර ඇත.
"I failed in some subjects in exam, but my friend passed in all. Now he is an engineer in Microsoft and I am the owner of Microsoft"
ඒ වගේම ... තවත් බොහෝ රට දිනූ, ලොව දිනූ ලෝක පූජිත මිනිස්සු... තමන්ගේ ජීවිත දිනුවේ රෝස මල් පිරුනු යහනාවක ඉඳලා නෙමෙයි... ඇල්බට් අයිස්ටයින්ලා වගේ.. ලෝකේ හොල්ලපු මගා මොලකාරයෝ ලෝකේ දිනුවේ විභාග පාස් කරලවත් නෙමෙයි.... ඇල්බට් අයිස්ටයින්, අල්වා එඩිසන්.. වගේ.. මිනිස්සු ඉස්කෝල වලිනුත් පන්නපු මිනිස්සු.. ඒ ජීචිත කතා වල තියෙන්නේ එහෙම්යි....
ඔය දැන් කාලේ ඉන්න බිල් ගේට්ලා, ස්ටීව් ජොබ්ස්ලා (මෑතකදී මිය ගිය) පොරවල් උනත් .. පිලිවෙලකට ඉගෙන ගත්ත මිනිස්සු නෙමෙයි... අපේ.. ලංකාවේ ගොං භාෂාවෙන් කියනවනම්.. ඔය ඔක්කොම අමු මෝඩයො.... මොකද අපේ මිනිස්සු දක්ෂ කම තීරනය කරන්නේ විභාග වලින් කියල අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. නේද ?
අනේ... වසනාවන්.. උං එකෙක්වත් ලංකාවේ ඉපදුනේ නෑ... එහෙම උනානම්.. තාමත් ලෝකේ.. ගල් යුගයම තමයි.... දැං කියහල්ලකෝ අපි දේෂද්රෝහියෝ කියලා...!!
මේකනේ.... නිකං හරි අපි හිතමු ලංකාවේ සාම්ප්‍රදායිකව හිතන.. කෝපි කාලේ.. අංකල් හරි ආන්ටි කෙනෙක්ට හරි. ඔය දැං ඉන්න බිල් ගේට්ස් හරි ඒ කාලේ හිටපු... අයින්ස්ටයින් හරි තොමස්ලා වගේ කෙනෙක් දැකගන්න පුලුවන් උනා.. කියලා...
-- අපේ එකා ගත් කටටම අහයි... "මචං.. උබ .. අහවල් විභාගේ පාස් ද?" කියලා... එතකොට ... අර ලොකයක් දිනපු පොර කියයි.. "අනේ.. නෑනේ... මචං" කියලා....
-------------- එතකොට අපේ ගොනා දෙන උත්තරේ හිතාගත්තහැකිද...??
ඌ කියයි.. "ආපෝ.. එහෙනම් උබෙන් වැඩක් නෑ.... උබ මහ මෝඩයෙක්" කියලා.....
සමහරක්, මීහරක්.. මේ වගේ එවුන් වැඩි හරියක්... අපේ රටේ දැනුත් ඉන්නවා.... ඒ කාලේ ඔය කලින් කියපු අයිස්ටයින්ලට, තෝමස්ලා කාලේ හිටපු එවුන්ගේන් මහා අබූත ප්‍රශ්න අනං මනං මගුල ආවා.... ඔය ගැලීලියෝ ගැලලු.. දුර දක්නය හදපු කාලේ... මෑන්ව හිරේ දන්නත් හැදුවලුනේ... දෙයියන්ගේ අඩවිය හොරෙන් බලන්න හදනවා කියලා....
හැබැයි පස්සේ කාලෙදි ලෝකේ එහෙම ගොං විදියට හිතපු මිනිස්සු නැති උනා....
විභාග පාස් උන එවුන් පොරවල් කියලා හිතපු එවුනුත් ඒ එක්කම වාගේ... නැති උනා... එයාලා තෙරුම් ගත්තා සහජ හැකියාවයි... විභාගයි කියන්නේ දෙකක් කියලා...
ඒත් අනේ.. කරුමෙට වගේ... අපේ ලංකාවේ ඔය එකක්වත් තෙරුම් ගත්තේ නැති... අමු ගොං රැලක් තාමත් ඉන්නවා.... උං දන්නේ විභාග විතරයි.... විභාගේ පාස් වෙලා.. උඩින්ම ඉන්න මිනිස්සුත් පොරවල් තමයි... කාටවත් එහෙම නෑ කියන්න බෑ.. ඒත් මිනිහෙක් සාර්ථක වෙන්න විභාග පාස් වීම අනිවාර්යෙන් ඕනේ කියනවනම් ඌ අමු ගොනෙක් !!
මනුස්සයෙක් සාර්ථක වෙන්න විභාග ඕනේ වෙන්නේ නෑ... අපි විභාග ඉහලින්ම පාස් වෙන අයට ඉහලින්ම ප්‍රසංසා කරන අතර.. එහෙම නැති අයවා... පාගලා දානවා ඕල තමයි අපෙ එවුන් කරන ලොකුම වැරැද්ද....!!
මොකා මොන බයිලා ගැහුවත්.. ජාත්‍යන්තර වර්ගීකරනයන්ට අනුව අපේ රට... තුන්වෙනි ලෝකේ.. රටක් ... ආර්ථික වර්ධනය ඉහලයි කියලා කබ්බරාල් කාරයි.. ජයසුන්දරයයි තරඟෙට කෑගැහුවට ඕක තමයි ඇත්ත...!!
මොකද... Colombo, විතරද ලංකාව කියන්නේ.. Western Province විතරද ලංකාව.....
මේවට අපේ හාල් පාරු දේස පාලුවොත් වග කියන්න ඕනේ...! අපේ.. එවුන් විභාග ගැන මගුලක් කතා කරනවා... පාර්ලිමේන්තුවේ කීයෙන් කී දෙනාදා... ඉගෙනගත්ත එවුන් ඉන්නේ......
විභාග පාස් වෙලා... මාර මොලකාරයෝ කියලා හිතන් ඉන්න අපේ අධ්‍යාපන ඇමති බන්දුවා... පේන්නේ නැද්ද... උසස් අධ්‍යාපන ඇමැතිය උනත් ඇත්තටම හොඳට ඉගෙන ගත්ත degree ගහපු එකෙක්නේ....
උං ගුරුවරු විදියටම හිටියනම් තාමත් මිනිස්සු ගරු කරනවා....
දැන් උංගේ මොලෙත් හිස්නේ.... ඕක තමා ලංකාවේ මී හරක් දේෂපාලනේ...
රටක තියෙනවා අවශ්‍ය සහ අත්‍යවශ්‍යය කියලා දෙකක්.. වෙන්න ඕනේ... අත්‍යවශ්‍යය දේයි...! ඉතියෝපියාව කියන්නේ කෑමට ආහාරක් වත් නැති රටක්.. ඒවගේ රටකට අපේ රනිල් බුවා අපිට දෙන්න හදපු බ්රෙස්ල්ලට්, මාල දෙනවා කියලා එහේ දේසපාලකයෙක් කිව්වොත් කොහෝම හිටීද ඈ.... ඌ එහෙනම් එතනම මරයි....
-- තාමනම් අපි ඉතියෝපියාව වේලා නෑ.....
ඒත් අපේ රටෙත් වෙනස් වෙන්න ඕනේ ලොකුම දේ තමයි "ආකල්ප" ඉන්දියාවෙන් ශාරුක් කන්නංගරලා, විවේකයෙන් ඉන්න ඔබරෝයිලා, බිපාශා බාස්සුන්නැහේලා, ප්‍රීතියෙන් ඉන්න සින්ටලා ගෙන්නන සල්ලි වලින් අපේ.. ආඩම්බර කාර තාත්තා... අපේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කොරන්ඩ ඇහැකි එවුන් මොන ඒරොප්පෙන් ගෙන්නුවත් පාඩු නෑ....
මොන පාටින් මොන පක්ශේ ආවත් බඩගෝස්තර දෙසපාලුවන් ඉන්නකං.. අපේ රට වෙනස් කරන්න බෑ.....
හැබැයි... බඩගෝස්තර දේසපාලුවොයි,, ගොං විදියට හිතන කෝපි කාලේ අංකල්ලයි, ආන්ටිලයි නැති බංගස්ථාන උන දවසට....
අපේ රටෙනුත් ලෝකේම හොල්ලන්න පුලුවන්.. සාර්ථක මිනිස්සු බිහිවෙයි.... එහෙම පොරවල් දැං හිටියට උංට නැගිටින්න දෙන්නේ නෑ.. අර සමහරක්, මී හරක් …
---පාරවල් පාලං හැදුවට වෙන සංවර්ධනයක් නෑ බොලව්.... ගොං විදියට , සාම්ප්‍රදායිකව හිතන මිනිස්සු නැති බංගස්තාන වෙලා යන්න ඕනේ...
නැත්තම් වෙන්න ඕනේ එකම දේ.... අපේ ගොං පොරවල්ගේ ""ආකල්ප"" වෙනස් වෙන්න ඕනේ.... අන්න ඒකට කොච්චර සල්ලී දැම්මත් කිසිම අව්ලක් නෑ...!!
ආකල්ප වෙනස් කරන්න වියදම් කරනවනම්... අන්න ඒක හොඳ ආයෝජනයක් වෙයි..!!---