දැං ගොඩක් බයියලා මහින්දට කැමති , මොකද කිව්වොත් පොර ලමයි වඩා ගන්න විදියට, ආච්චිල ඌව ඉබින විදියට , මාර කික් එකක් එනවා උංට. අනිත් එක තමයි මේ යුද්දේ දින්නයි, සංවර්ධනයයි කියන එක...
යුද්දේ දිනපු ගමන් මහින්ද ආපු පලවෙනිම ඡන්දෙන් පොර දින්නා... ඒ අවංකව ලබා ගත්ත ගෞරවය, ආදරයත් එක්කම,.. ඒ කාලෙදි මෙහෙම වියදම් කලේ නෑ වගේම කරන්න ඕනෙත් නෑ... හොද දේවල් කලොත් , ඕනෙම එකෙක් මිනිස්සුන්ගේ හිත්වල ඉන්නවා... ඇස් වලට පේන දේට වඩා ඒක පට්ට powerful .. ඒකමනේ ඔය කියන්නේ "රූපය දිරයි, නාමය නොදිරයි" කියලා...
----
අනිත් එක ගොඩක් බයියලා නොදන්නවා උනාට, යුද්දේ උතුරේ මිනිස්සු වගේම කොලබ හා අවට හිටපු උං දුක් වින්දා .... සතියකට දෙක තුනක්වත් බෝම්බ පිපිරුනා, අපේ උබලගේ , හැමෝගෙම මේ හැමෝගෙම , කොළබ රස්සාවල් කරන අම්මලා, තාත්තලා ගෙදර එනකම් sure නැති කාලයක් තිබුනා.... මම මේ record එක කලිනුත් දාලා තියෙනවා.... කොලබ ඉස්කෝල වල ගිය අපි , උබලා, වගේ primary class වල හිටපු උං ගෙදර එනකම් අම්මලා, බය වෙලා බලං හිටිය කාලක් තිබුනා.... බෝම්බයක් පිපිරුනා කියලා දැන ගත්ත ගමන්, එකාට එකා call කරගෙන, අරයා ඉන්නවද, මෙයා ඉන්නවද කියලා හැම තත්පරයකදීම හොයලා බලපු කාලය් තිබුනා.......
====
ඉතින් මේ යුද්දය කිසිම භාහිර බලපෑමකට යටත් නැතුව ඉවර කරන්න නායකත්වය දුන්න සේනාධිනායක උනේ මහින්ද රාජපක්ශ. ඒත් ඒ දේ මූ තනියම කලේ නෑ.... දේශපාලු වේදිකාවේදී සරත් ෆොන්සේකා උනත් මම යුද්දේ කලා කියලා කෑ ගැහුවට.. මහින්ද තනියෙමවත්, ෆොන්සේකා තනියමවත් යුද්දේ කලේ නෑ කියලා මේ අපේ බයියලා ටික තේරුම් ගන්න ඕනේ... උං දෙන්නා වෙන වෙනම, යුද්ධ දෙකක් කලේ නෑ......!!
------------
------------
------------
------------
මේක team effort එකක පට්ටම output එකක් කියලා මේ මහින්දට දෙකට නැවෙන උං දැන ගන්න ඕනේ.... මොකද සරත් ෆොන්සේකා උනත් ඌ තනියම කලා වගේ කෑ ගැහුවට , ඒකට හොඳ දේෂපාලට නායකත්වයක් නැත්තම් වැඩක් නෑ... ඒ වගේම එහෙම එකක් තිබුනත්... හමුදාවේ ලොක්කා පිම්පියෙක් නම් ඒ වැඩකුත් නෑ.. ඉතින් මුං දෙන්නම ඒ අතින් සුපිරිම නායකයෝ දෙන්නේක්.. එහෙම බැලුවත් මුං දෙන්නා විතරක් යුද්දේ කලේ නෑනේ....!! දේශපාලන වේදිල්කාවල නැග්ගේ නැති, කාටවත් මලු අරංම කඩේ නොගිය Navy, Air Force, Police වල වගේ හැම forces වලම ලොක්කෝ ඉදලා සාමානය සෙබල දක්වාම. මේ යුද්දය ඉවර කරපු කොටස් කාරයෝ....
. . . . . . . . . . . . . . . . .. .
. . . . . . . . . .. . . . . . . . ..
. . . . . . .. . . . . . . . . . . . . . . . ..
ඒ විතරක් නෙවේ .. මේ ඔක්කොම යුද්දේ කරද්දි , පක්ෂ පාට භේදයකින් තොරව හදවතින්ම සුබ පතපු, යුද්දේ ඉවර උන වෙලාවෙම වෙඩි පත්තු කරලා, ජාතික කොඩිය උස්සගෙන සංතෝසෙන් කෑගහපු මිනිස්සු.. සාමාන්‍ය ජනතාව වගේම, රණවිරුවන් වෙනිවෙන් සිංදු ල්කියපු, ලියපු හැම එකෙක්මත් මේ යුද්දේ වෙනුවෙන් දායකත්වය දීපු මිනිස්සු.....
<youtube>
ඉතිං මේ මහින්දයටම කඩේ යන , ඌටම දෙන උං මේ ටික දැන ගන්න ඕනේ... අනිත් එක බොහොම ප්‍රසිද්ද කතාවක්නේ People change with time කියන්නේ... ඉතිං මේ දේත් මේ බයියලා දැන ගන්න ඕනේ.. අද මෙහෙම ඉන්න අපි උබලා පවා කවදා කොයි විදියට ඉදීද කියලා ,අඩුම තරමේ අපිටවත් හිතාගන්න බෑ.... සමහර විට ඒ දේවල් ගොඩක් හොද විදියට හෝ නරකම විදියට වෙනස් වෙන්න පුලුවන්... !! ඉතිං මේ බයියලා ඒ දේ ගොඩක් හොදින් හිතලා බලන්න
.. මොකද "වෙනස් නොවෙන එකම දේ "වෙනස් වෙනවා" කියන වචනය චිතයි"
ඉතිං මහින්දයටත් තිබුනා හොද විදියට වෙනස් වෙන්න, යුද්දේ ඉවරවෙලා... ඒකට නිකං ඌට පඩියක් ඕනේ වගේ රටේ මිනිස්සුන්ගේ සල්ලි සුනාමි ආධාර වංචාව වගේ වලින් පටන් ගෙන , මහා පරිමාන ජාවාරං කරන්නේ නැතුව.. එහෙම හොරකං කරන උන ආරක්ෂා කරන්නේ නැතුව, උංගේ file ඌ ගාව තියාගන්නේ නැතුව ඌට ඉන්න තිබුනා... !! එහෙම හිටියනම් එක විදියට මිනිස්සු තාමත් ආදරේ කරනවා... ගමේ බයියලානම් දැනටත් මූට ලව්නේ . උංගේ අම්මලට කෙලලා ගියත්.,... ඒක මේකට අදාල වෙන්නේ නෑ... මෝඩ කමට අදරය කරන එක ගරු කරන එක අතරෙයි, අවංකව අදරය කරන එක ගරු කරන එක අතරෙයි තියෙන්නේ අහසට , පොලව වෙනසක්...
අනික සංවර්ධනය කියලා කරන්නෙම මාටිය ගැහිල්ලමනේ .. O/L කරන පොඩි එකෙක් උනත් දන්නවා sustainable development කියන්නේ මොකක්ද කියලා.... මුං කරන සංවර්දනේ sustainability තියෙනවා නම්... කවදාවද් පාරක් හදලා මාස දෙක තුනක් යද්දි.. ඒක දිගට දවස් දෙක තුනක් වහිනකොට පාර ගැලවෙනවනම්.. ඒක සංවර්ධනයක්ද... එතකොට වේලක්වත් කන්න නැති උං ඉන්න මේ රටේ/.//.. දේශපාලුවන්ට විතරක් ඈශ්චර්ය උන රටේ ... මේ දේවල් වලට කලින් කරන්න කොච්චර දේවල් තියෙනවද....!! අනික කොහොමත් හොරකං කරන එකේ ලංකාවේ දේශපාලුවොයි උංට ආවඩන , කඩේ යන , හැම එකාගෙම definition එක තමයි සංවර්ධනය කියන්නේ... ඒක මේ ගොං ජනතාවට තේරෙන්නේ නෑ...
දැන් බලපං අර කොටුවේ තියෙන මගී පාලමද මොකක්ද එක.. ඒක මම දන්න විදියට හදලා තියෙන්නේ UNP කාලේ... මොකා හැදුවත් , මොන ආන්ඩුව ආවත් අපේ රටේ කරුමෙටම පත්ත්වෙන ගොඩක් ආන්ඩු මුල් කාලේ වගේ නෑ... මොකක් හරි මෝල් වැඩක් කරලා හැමදාමත් කෙලින එක තමා කලේ... තවමත් සිරිමාවෝලට, බන්ඩාරනායකලා, D.S ලා වහේ උංට පස්සේ රට ගැන හිතන උං ආවද කියන එක ගැනනම් කිසිම අදහසක් නෑ...
දැන් මේ සංවර්ධන ලබ්බක්ම කියවන බයියලට... අර උබ කිව්වත් වගේ එහෙනම් සුද්දත් රට සංවර්ධනය කලානේ.. මට මතක විදියට ලාල් කාන්තත් ඔය කතාව කිව්වා... එහෙම බැලුවම උං තමයි නියම sustainable development එක සිරාවටම කරලා තියෙන්නේ... උං නැත්තම් අපේ ලංකාවේ railway එකක් නම් තියෙන්නේ නෑ කියන එක ආයේ කිසි සැකයක් නැතුවම sure...! සුද්දට පස්සේ හදපු ආන්ඩු රේල් පාරවල් දාලා අලුත් railway stations හැදුවට මුලුන් සුද්ධා පටන් ගත්තේ නැත්තම් , මොන කතාද අදටත් ලංකාවේ signal system එක අවුරුදු 60 ක් පරනයි, ටිකට් එකට ඕනේ කරන cardboard එක අවුරුදු 100 වඩා ඉදල ගෙන්වන්නේ වෙන රටකින් ... මේවා අපි කියන දේවල් නෙවෙයි, රජයේම source වල ම .. ඒ නිළධාරීන්ම කියපුවා... උං කියන්න ඕනෙත් නෑ... පොඩ්ඩක් බැලුවොත් මරදානේ Railway station එක .. පරනම එක... ඕක අවුරුදු 106 - 107 වගේ පරණයි. ඒත් තවමත් නිකමට හිතලා බලන්න ඒක තියෙනවා කිසි අවුලක් නැතුව... සමහර තැන් අවුරුදු ගානකින් repair කරලත් නෑ... ඇයි ඉතිං මුංට ඒකත් හොරකම් කරන්නම ඕනෙනෙ..... ඒ වෙලත් ඒක තාමත් ශක්තිමත්ව හදලා තියෙන්නේ සංවර්ධනය කියලා උං මාටියා ගහපු නැති නිසා.....!! ඒත් මරදානේ station එකේ මේ මෑතකදී මහින්දගේ රජය හදපි පඩි පෙල දිහා ගියේ නැතත් .. නිකමට බලන්න සුද්දා හදපුවත් එක්ක කිට්‍ටුවෙන්වත් තියන්න පුලුවන්ද, ක්‍රමවත් නැති, සිමෙන්ති එහෙන්, මෙහෙම් ඉලිප්පිලා පේන, amano sheet කෑලි දාලා අටවපු වහල දාපු, නිකං දෙකයි පනහේ විදියට හදලා තියෙන්නේ... ඉතිං ඕවා කොච්චර කල්නම් තියෙයිද....
අනිත් එක මෙච්චර අවශ්‍යතා තියෙන රටේ බත්තරමුල්ලේ හැදුවානේ ලක්ශ 20 කට කිට්‍ටුවෙන් හදපු Bus Halt එකක්... ඔය ගානෙක් ලංකාවේ bust halt අඩුම ගානේ තෙමෙන්නේ නැති වෙන්න කීයක් හදන්න තිබුනද././ මොකද ඔය ලක්ශ 20 කට කිට්‍ටුවෙන් හදපු එකේ ඉන්නකොට වැස්සක් වැස්සොත් ඕකේ ඇති වැඩක් නෑනේ... ඒ මදිවට ඔය හරියෙන් ලගදි හදපූ පාලම නිසා.. ඒ bus halt එක පැත්තට මනුස්සයෙකුට යන්න බෑ.... ඒතකොට මුං තවත් බර ගානක් වියදම් කරලා foundation එක පිටින්ම ගලවලා ගිහින් වෙන තැනක හිටෙව්වා.. කොච්චරනම් විනාස කරනවද මුං.....
හැම තිස්සෙම මතක තියා ගන්න ඕනේ .. ඔය මයිත්‍රී මාමා ආවත් තව කාටත් සහතික දීල උඩ තියා ගන්න ඕනෙ නැති බව... ඔය දේවල් කලොත් හැමදාමත් මිනිස්සුන්ගේ හිත් වල ඉන්න පුලුවන්. මහින්දටත් එහෙම පුලුවන් කම තියෙද්දී තමා තන්නහාවට ගිහින් දැං මරු විඋකල්ලෙන් වගේ රැස්වීම් වල කතා කරන්නේ.... පන්සල් වල, toilet, වල පවා poster අලවන්නේ... ඉතිං බයියලා ඡන්දේ දෙන්න කලින් නිකමටවත් හිතන්න ඕනේ ඇයි මේකා මෙච්චර දගලන්නේ කියලා... අර සහන් පුතා කිව්වත් වගේ අම්මා තාත්තා කියා ගන්න බැරි පොඩි එකා... මූට ජයවේවා කිව්වනම්... ඕන පොඩි එකෙක් මූව දන්නවනේ... ඉතිං මොන එහෙකටත යුද්දේ තනියෙම කලා කිය කිය පම්පෝරි ගහලා තව poster අලවලා යුධ්දෙම market කරන්න්නේ,.,,..
අනිත් එක පලි ගැනිල්ල, මහින්දයට විරුද්දව චන්දේ කලා කියලා, ෆොන්සේකට මඩ ගහලා හිරේ දැම්මා..., ඌගේ පවුලෙන්ම පලි ගත්තා,.. එහෙම කියලා මූ කියනවා "අපේ හාමුදුරුවනේ...., මම කාගෙන්වත් පලිගන්නේ නෑ......" කියලා..!!
මූට ලැජ්ජ නෑනෙ,... ඒ වගෙම මූට රෙද්ඩ උස්සලා කතිරේ ආයෙත් ගහලා උඩින් තියන්න හිතන් ඉන්න බයියලටවත් මේ simple case එක තේරෙන්නේ නෑනේ...... යුද්දේ කලේ තනියෙම නම්.. Navy , Air Force වගේ උං .. ඒ කාලේ පොල් ලෙලි ගැහුවද... වසන්ත කරන්නාගොඩ, රොශාන් ගුනතිලක..... මේ නම් .. ඔය මහින්දට දෙන උං අහලත් නැතුව ඇති...!! ඇයි ඉතින් ඌ එක තුවක්කුවෙන් තනියම යුද්දේ කලානේ... වෙන මොකෙක්වත් නැතුව..!
මූට ලැජ්ජ නෑනෙ,... ඒ වගෙම මූට රෙද්ඩ උස්සලා කතිරේ ආයෙත් ගහලා උඩින් තියන්න හිතන් ඉන්න බයියලටවත් මේ simple case එක තේරෙන්නේ නෑනේ...... යුද්දේ කලේ තනියෙම නම්.. Navy , Air Force වගේ උං .. ඒ කාලේ පොල් ලෙලි ගැහුවද... වසන්ත කරන්නාගොඩ, රොශාන් ගුනතිලක..... මේ නම් .. ඔය මහින්දට දෙන උං අහලත් නැතුව ඇති...!! ඇයි ඉතින් ඌ එක තුවක්කුවෙන් තනියම යුද්දේ කලානේ... වෙන මොකෙක්වත් නැතුව..!
දේශපාලුවන්ට මේක ආශ්චර්‍ය තමයි.. උංට පේන්නේ උංගේ සැපනේ....! මයිත්‍රී ආවත්, මහින්ද ආවත් වෙන මොකෙක් ආවත් වැඩක් නෑ.... මේ වගේ ගොං විදියට හිතන පතන ආකල්ප තියෙන උං නැති බංගස්ථාන වෙනකම් මේ හැදිලි බොරු...!! එක්කෝ යුද්දේ දුන්නා කියලා... එක්කෝ මහින්දට , නැත්තම් ෆොන්සේකට දෙනවා, නැත්තම් අපේ./.. ආච්චි , සීරා , මුත්තා , කැරපොත්තා දුන්නා කියලා, කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියලා කියාගන්න හැම එකෙක්ම නැති වෙලා යන්න ඕනේ.. එහෙම නැත්තම් ආයෙත් පත්වෙන ඕනෙම ආන්ඩුවක් මේ වගේ මොට්ට මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුලුවන් ක්‍රම ගේන්න ඕනේ... ඒවා වෙනුවෙන් වියදම් කලත් අවුලක් නෑ... රටක සාමාන්‍ය දැනූමක් නැතු , එක්කෝ පොතට විතරක් වැඩ්ඩෝ ඉන්න එකෙන් කිසිම තේරුමක් නෑ... පොතට සීමා නොවුන practical පොරවල් හිටියත් උං ලංකාවේ ඉන්නේ නැත්තේ මේ ලස්සන රටට හෙනයක් උන දේශපාලුවෝ ඉන්න නිසාම තමයි....!!
අනික කිසි සැකයක් නෑ , මොන රජයක් ආවත් මේ දේ.. මේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරයි කියලා හිතන්න අමාරුයි... මුංටම දෙන මැටි රැලක් ඉන්න එක.. අපේ හැම රජයකටම වාසී, මොකද අපේ දේශපාලුවෝ මේ ගොන්නුන්ට "බුද්ධිමත් ජනතාව" කිව්වම මැට්ටෙක් උනත් කැමතී, මොකද ඌනුත් ආසයිනේ එහෙම කියනවට,... ඉතිං UNP කාලේ උනත් උං කැමති එහෙම උංට...
දේශපාලනය කියන්නේ බලය කියන එකට, ඒක මිනිස්සු අතර විතරක් නෙවෙයි, සත්තු අතරත් තියෙන දෙයක් , ඉතිං මේ වගේ සරලවත් තේරුම් ගන්න බෑ අපේ උංට..!!
වෙන රටවල මිනිස්සුන්ට ඒ දේවල් ගැන ලොකු අවභෝදයක් තියෙනවා අපේ උංට නැති. උංගේ නෑ අපේ උංගේ වගේ කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියන උං.... ඒ වගේම රටේ පාලකයාගේ හොඳ ඒ විදියට දකින්නත්, වැරදි ඒ විදියට දකින්නත් උංට මොලයක් තියෙනවා.. අපේ බයියලට නැති........!! දේසපාලුවෝ උනත් මේ විදියට දෙපැත්තට මඩ ගහගන්නේ නෑ... YouTube එකේ තියෙනවා ඕන තරම් වෙන රට වල political debates ඒවා බලලා අපේ උංගේ ජෝගි debates බලද්දි පිස්සු හැදෙනවා... උංගේ ඉවසීම, උගත්කම, මෙහේ ඉන්න එකෙකුටවත් සමාන නෑ.... එහෙම සමාන කරන්න පුලුවන් උන් ඉන්නවානම්, හිටියානම් උපරිම විස්සක් ඇති...!
1948 නිසහස් ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායකයා වෙන්නේ අගමැති D.S සේනානායක. එතකොට පලවෙනි විධායක ජනාදිපති J R ජයවර්ධන, ඊට කලින් සිරිමාවෝ රාජ්‍ය නායකයා වෙලා හිටපු කාලේ ජනාදිපති විලියම් ගොපල්ලව... මහින්ද අයිති වෙන්නේ ලංකාවේ 6 වන විධායක ජනාදිපති විදියට, රාජ්‍ය නායකයෝ විදියට ගත්තොත් ස්ථානය අතින් 10 වගේ... මොකද අගමැතිවරු මුල් කාලෙයේ රාජ්‍ය නායකයෝ උන නිසා..!
ඇමරිකාව ගත්තොත් අපිට කලින් නිදහස 1776 ජූලි 4 , ලංකාවට නිදහස ලැබුනේ ඊට අවුරුදු 172 කට පස්සේ .. මේ දෙක මම සමාන කරන්නේ නෑ... මම කියන්න යන්නේ ලංකාවේ දේසපාලුවෝ .. එහෙම නැත්තම් හැම පක්ශෙකම ආපු රාජ්‍ය නායකයෝ ගත්තොත් උපරිම 5 - 6 ක් වගේ තමයි.. රටට ආදරය කලේ .. ඒ අතරින් හැම පක්ශෙකම දේසපාලුවෝ ගත්තොත් උපරිම කලින් කිව්වා වගේම 20 ක් ඇති....
ඒත් ඇමරිකාවේ හැම දේශපාලකයෙකුම අමතක කරලා අද වෙනකම්ම ඉන්න ජනාධිපති වරු 44 දෙනාම ගත්තත් දූශිත් චෝදනා තියෙන්නේ කීප දෙනෙක්ටම විතරයි, හැබැයි ඒ කරල තියෙන හොරක්ම් , අඩුම තරමේ ලංකාවේ නාගරික මන්ත්‍රී කෙනෙක් හොරකම් කරලා තියෙන සල්ලි කන්දරාවකටවත් සමාන කරන්න බෑ...! ඇමරිකාවේ බොහෝම තදට හිටපු ආවේගශීලි ජනාධිපතිවරයෙක් තමයි Republican පක්ශයෙන් ආපු රිචර්ඩ් නික්සන්. දැනටත් ඒතුමාගේ speech එහෙම YouTube එකේ බැලුවොත් බලාගන්න පුලුවන්... ඒත් ඒ එකක්වත් ලංකාවේ දේසපාලුවෙකුට සමාන කරන්න බෑ... අපේ උං කුනුහරුපත් කියන නිසා.. ඒත් අපේ මැටි මෝල් හරක් , බයියලට උංටත් කතිරේ ගහනවනේ... කොහොම උනත් දූශණ වංචාවකට අහුවෙලා ඉල්ලා අස්වුන ජනාදිපති කෙනෙක් තමා රිචඩ් නික්සන් කියන්නේ... අපේ රටේ අඩුම තරමේ නාගරික මන්ත්‍රී කෙනෙක්වත් එහෙම මාට්‍ටු උන වෙලාවක ඌ ඉල්ලා අස්වෙන සීන් එකක් ගැන නිකමටවත් ,අඩුගානෙ විහිලුවකටවත් අහලා තියෙනවද... මොකද මහින්දයා වගේ ලොක්කෝ ඉන්නවානේ උංව රකින්න , උංගේ file රකින්න... එතකොට අපේ උනුත් ඡන්දෙම දෙනවනේ...
රිචඩ් නික්සන් Republican පක්ශයෙන් මුලින්ම ඡන්දේ ඉල්ලන්න එනකොට එතුමාගේ ප්‍රතිවාදියා උනේ මුලු ලෝකයම දන්න , අදටත් ගරු කරන ජෝන් එෆ්. කෙනඩි. එහෙම නැත්තම් JFK කියලා ලේසියෙන්ම කියන්න පුලුවන් කොහොම උනත් ඒ කාලේ කෙනඩි තමයි නික්සන්ව පරද්දලා ජනාදිපති උනේ. කෙනඩි කොච්චර රටට වැඩ කලත් , එතුමා පෞද්ගලික ජීවිතයේ සල්ලාලයෙක් කියලා පසු කාල වලදී එතුමාගේ wife පවා කියලා තියෙනවා Marilyn Monroe එක්ක තිබුනා කියන එක තමයි ප්‍රසිද්දම affair එක... ඒ වගේම JFK ගේ wife ජැකොලින් කෙනඩිගේ හොදම මිතුරිය සමග, White House Staff එකේ ඇහැට කනට පේන කෙල්ලෝ එක්ක පවා.. එව්වා මෙව්වා තිබිලා තියෙනවා... පස්සේ කාලෙකදී ජැකොලින් කෙනඩිම කියපු දේවල් තමයි
ඒත් ඒ දේවල් පෞද්ගලික වගේම ඒ රටේ සංකෘතියට උනත් මහා දේවල් නෙවෙයි. ඊට වඩ වැදගත් උසස් සංකෘතියක් අපිට තිබුනත් ඒකත් විනාශ කරලා තියෙන්නේ හැම පක්ශෙකම හිටපු , ඉන්න දේසපාලුවොම තමයි... ඒත් මහින්ද තරම් ඒකත් විනාශම කරපු දේසපලුවෙක් නැතුව ඇතු... යුද්දේට සිරා දේශපාලන නායකත්වය දුන්න එක අපි මොන පාටක උනත්, මොන පාටකට අයිති නැතු උනත් පිලිගන්න ඕනේ... ඒ ත් ඒ capacity එකම තියෙන හානියකුත් මේ යකා කරලා තියෙන බවා... විශේෂයෙන්ම බයියලා පිලි ගන්න ඕනේ...
කෙනෙඩිගේ පෞද්ගලික දේවල් වැඩක් නෑ කිව්වට, ඒ දේවල් මහින්දට අදාල නෑ... ඌ ගෑනුත් එක්ක විතරක් ආතල් ගන්නවනම් ප්‍රශ්නයක් නෑ... බදු පිට බදු ගහලා කරන මහා පරිමාන හොරකම්, උගේ පුතාට Aston Martin , Rolls Royce ගේනකොට, මරුටි, ටාටා නැනෝ වලට පවා tax ගහනකොට... ලැබ්බොගිනි වලට taxt අඩු කරනකොට .. ඒ මහජනයගේ සල්ලි හොරා කනකොට , හොරා කන උනව ආරක්ශා කරලා , හංගලා තියා ගන්නකොට , කුඩු කන්ටේනර් ගනන් ගේනකොට් සද්ද නැතුව ඉන්න එකට කියන්නේ පෞද්ගලික දේවල් කියලා නෙවෙයි... ඒ දේවල් පෞද්ගලිකප පරිහරනය කරන්නේ, රටේ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන රුපියලේ ඉදලා බදු ගහලයි. මුලු රටේම මිනිස්සුන්ගේන් බදු අරගෙන්, එතනිනුත් තවතින්නේ නැතුව... මේ බයියලා කතා කරන සංවර්ධන මුවාවෙන පව්ලක් සහ වටෙ ඉන්න උංට ගසා කන්න සලස්වනවනම් .. ඒක පෞද්ගලික දෙයක්වත්, නියම සංවර්දනයක්වත් නෙවෙයි... වෙසක් කූඩුවකට සව්කොල අලවනවා වගේ සීන් එකක්... සුද්දෝ හදපු සංවර්ධනය, ඒ දාපු හදපු building අවුරුදු 100 ගනන් පහුවෙලත් තියෙනවා, ඒත් මහින්දයා ඇතුලු උගේ පක්ශේ උන් වගේම , අනෙක් පක්ශ වල උනත් ඔය කරන දේවල් නියම සංවර්ධනය වෙන්නේ නෑ.... ඒත් අපේ මැටි හරක් ඡන්දේ දෙන්නෙම එහෙම හොරුන්ට .. එහෙමනම් ඊට වඩා කල් පවතින්න අවුරුදු 100 ගනන් පහු වෙලත් හොදම තත්වයේ තියෙන සුද්දන්ට ඡන්දේ දෙන්නේ නැත්තේ මොකද.... එතකොට කියන්නේ උං තමයි අපිට අරක්කු බෝතලේ හදුන්වා දුන්නේ... අපේ සංස්කෘතිය විනාශ කලේ... ඔව් ඒ ශිශ්ට මිනිස්සුන්ව සුද්දෝ විනාශ කලා... නැති කරලා දැම්මා.... සමගිය නැති කලා...!! ඉංග්‍රීසි කතා කලොත් විතරක් posh කියනා ආකල්ප දුන්නා...
ඒත් ඒ කාලේ පහුවෙලා... නිදහසෙන් පස්සේ වැදගත් අවංක දේශපාලකයෝ අපේ රට ගොඩ ගත්තා.... ඒත් මේ මරාගේ පාලනයේදී සුද්දා විනාශ කලාට වඩා වැඩියෙන් මුං අපේ රට කෑවා. මහින්ද සග උංගේ පිරිසම විතරක් නෙවේ.. මේක කලේ හැම පක්ශෙකින්ම ආපු තමන්ගේ බඩ හදාගෙන පුම්බගන්න ආපු උං මේ රට සුද්දන්ට වඩා කෑවා... ඒ කාලත් සංස්කෘතිය, යුද්දය අදටත් market කරනවා.. ඒකට මුං දක්ශයි. අදටත් බයියලා උඔගේ එකම බොරුවට රැවටෙන්නේ ඒ නිසයි. මේක නිකං හරියට rape කරන්න ගිය ගෑනියෙක්ව බේරගෙන.. බේර ගත්ත එකා ආයේ ඒ ගෑනිවම rape කරනවා වගේ දෙයක්.
මහින්දයා ප්‍රසිද්ධියේම කියනවා පලිගන්නේ නෑ කියලා, ඒත් ප්‍රසිද්ධියේම පලි ගන්නවා. එතකොට මම කලින් කිව්ව නික්සන් - කෙනඩි case එකේදි ඉස්සෙල්ලම ජනාදිපති වෙන්නේ ජෝන් එෆ්. කෙනඩි එතුමා ගාථනයට ලක්වෙනවානේ කෙටි කාලෙකින්ම.. ඒත් ඒක කෙරෙව්වේ නික්සන්නම් නෙවෙයි... මොකද ඒ ලංකාව නෙවෙයිනේ ... ඒ කොහොම උනත් කෙනඩි 35 වන ඇමරිකානු ජනාදිපති විදියට වැඩ කලේ පොඩි කාලයක්. ඒ කියන්නේ 1961 - 1963 වෙනකම් විතරයි. උප ජනපති උන ලින්ඩන් බී. ජොන්සන් ව්‍යවස්ථාව අනුව ජනාදිපති වෙලා, ආයෙත් ජනාදිපති ඡන්දයකින්ම පත් උනේ 36 වෙනි ජනාදිපති විදියට. පස්සේ තමයි Democratic පක්ශයේ විරුද්දවාදියා උන Republican පක්ශයේ රිචඩ් නික්සන් 37 වන ජනාධිපති විදියට පත්වෙන්නේ ... එතුමගේ කාලේ තමයි ප්‍රථම හඳ ගමන ගියේ... හඳ තරනය ගැන එක එක මත තිබුනත්, මොන දේ උනත්. හඳ ගමනට මුලින්ම මූලිකත්වය දුන්නේ ජෝන් එෆ්. කෙනඩි. ඉතිං නික්සන්ගේ ප්‍රථිවාදියා උනත් නික්සන් ඒ සම්පූර්ණ ගෞරවය කෙනඩිට දීලා ඒ වෙනුවෙන් කෙනඩි නමින් අභ්‍යවකාෂ පර්යේශන ආයතන පවා හැදුවා. නික්සන්ලා වගේ වගේ මිනිස්සු කවදාවත් මහින්දයා වගේ යුද්දේ තනියම කෙරුවා කියනවා වගේ තනියෙම credit එක ගත්තේ නෑ.... ඒකත් team effort එකක්... ඔහු ඒ වෙනුවෙන් හැමෝටම ගෞරවය දුන්නා... තමන්ගේ විරුද්ධ මතධාරියෙක් උනත් කෙනඩිට ඒ ගෞරවය දුන්නා...
නිකමට හිතලා බලන්න අපේ දැං ඉන්න පාලකයා.... ඒත් දැං ඉන්න පාලකයා කිව්වම මේ මහින්දයාම විතරක් නෙවේ මීට කලින් හිටපු බණ්ඩාරනායකලා, (චන්ද්‍රිකා නෙවෙයි) සේනානයකලා වගේ අය ඇරුනම හැම එකාම තමන්ගේ නම ගහ ගන්නම වැඩ කලා මිසක් රටට ආදරේකට කලා නෙවෙයි.. තමන්ගේ නම තමයි හැම තැනදිම උලුප්පන්න ඕනේ උනේ... ඒ අතරිනුත් වැඩියෙන්ම , වියරුවෙන් ඉන්නේ මහින්ද කියන එක කිසිම පක්ශයකට කඩේ යන්නේ නැති, තමාට තමා විතරයි කියන ඇත්ත පිලිගන්න උන්ට ලේසියෙන්ම තේරෙන බොහෝම සරල දෙයක්.
ඉස්සෙල්ලා ඇමරිකාව ගැන අම්බානෙක දේවල් මම කිව්වම, මහින්දගේ බයියලා ඇතුලු, පඩයක් ගියත් ජාත්‍යන්තර කෘමන්ත්‍රන කියන උං, මටත් කියයි ... "මේ යකත් LTTE කාරයෙක්ද දන්නෑ....." කියලා... මම කිව්වේ ඇමරිකාවේ දේශපාලකයෝ ගැන උං මොන පක්ශෙන් ඉල්ලුවත් එක එකාට මඩ ගහගන්නේ නැතුව , තමන්ගේ රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු... ඒ වගේම ඇමරිකාවේ ජනාදිපතිව ලෝකය දන්නේ "ලෝක බලවතා" එහෙමත් නැත්තම් "ලෝකයේ පොලිස් කාරයා" කියලා...! එහෙම උනත් ඇමරිකාවේ ව්‍යවස්ථාවේ ජනාදිපතිගේ ධූර කාලය මගේ දැනීමේ හැටියට අවුරුදි 100කටත් වඩා පරනයි. ධූර කාල දෙකක්, එක ධූර කාලයක් අවුරුදු 4 ක් ,,, දෙකම ඉන්න පුලුවන් උනොත් අවුරුදු 8 යි.. ඊට පස්සේ ගෙදර .... අපේ උන්ගේ ව්‍යවස්තාවෙත් තියෙන්නේ ධූර කාල දෙකයි.. ඒත් එක ධූර කාලයක් අවුරුදු 6 යි... දෙකම දිනුවොත් 12... එගෙන වෙලත්,.... අපේ දැන් මේ මහින්දයාගේ 18 වන සංශෝධනයෙන් මූ මැරෙනකම්ම ජන්දේ ඉල්ලලා ඉන්න පුලුවන් විදියට වෙනස් කරලානේ.. අච්චර බලවත් ඇමරිකාවේ කිසිම ජනාදිපති කෙනෙක්වත් ඔය වගේ ගොං පාට් දාලා නෑනේ...
ඇමරිකාවම උදාහරණයට ගත්තා වැඩී වගේ... ඇමරිකාව කොහොම උනත් මුලු ලෝකෙටම හිසරදයක් උන රටක්.. වෙන රටවල් වල අභ්‍යන්තර ප්‍රශ්න වලට හොට දාන, ඒවා අවුල් කරන, බෙදලා දාන, වගේම රටක දෙපැත්තක් කොටවන්න වගේම.. ශේප් එකේ දෙපැත්තටම ආයුධ දීලා විනාස කරලා රටවල් අවුල් කරන රටක්... එහෙම එපා කරපු රටක් තමයි ඇමරිකාව. මොකද මෙහේ යුද්දේ ඉවර උනාම උං පාරම් බෑවෙම යුධ අධිකරනයකට ගෙනියන්න...
ඒ හැමදේම ආත්මාර්ථකාමී විදියට ඇමරිකන් කාරයෝ කලත්, උං උංගේ රටට පක්ශ, පාට, ආගම් භේදයක් නැතුවම ආදරෙයි... ඒ රටවලත් බරටම සුදු - කලු භේදය තිබුනත් දැන් වෙද්දි එහෙම දෙයක් ඇත්තෙම නෑ... ඒ මිනිස්සු අඩුගානේ වෙන රටවලට කෙලියත්. තමන්ගේ රට වෙනුවෙන්, තමන්ගේ රට රැක ගන්න ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි. ඒත් ලංකාවේ අපේ දේසපාලුවෝ කරන්නේ තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගන්න , බලය වැඩි කරගන්න. රටම හරි විකුනලා බඩ වඩා ගන්න එක. උංට ඕනේ නෑ රටට හෙන ගැහුවත්, ජාති , ආගම් , කුල භේද ඇති කරලා.. රටම විනාශ වෙන්න poster ගහලා හරි බලයට එන්න තමයි දඟලන්නේ...!
ඉතිං ඒවාගේ උංටම ඡන්දේ දෙන්නම ඉන්න ගොං බූරු ජනතාවක් රටේ ඉන්න එක උංට ලොකුම හයියක්...! ඇත්ත හරියට දන්නේ මිනිස්සු රටේම බැලුවොත් ඉන්නේ බොහෝම සුලුතරයක් විතරයි. උදාහරනයක් විදියට internet use කරන උං රටෙන්ම ඉන්නේ 10% - 15% අතර ගානක් එකෙන්.. facebook ඇවිල්ලා මොංගල් වැඩ විතරක් කරන උංවයි, වැලම බලන්න විතරක් ආපු උංවයි... පවතින රජයකට කඩේ යන website, online newspapers බලන උං ටික අයින් කලාම .. ඊටත් බොහෝම පොඩි ගානක් තමයි හරි දේ දන්නේ.. හරි දේ හොයන්නේ... මොකද සමහර website වල උනත් මඩ ගහන ඒවාමයි තියෙන්නේ... සමහර විට රජය හොඳ දෙයක් කලත් ඒක වැරදී කියලා promote කරන... වැරදි දෙයක් කිව්වම ඒක නිවැරදි කරන්න දඟලන උංගේ web sites පවා තියෙනවා... ඒවා තෝර බේරගෙන බලන්න මොලයක් තියෙන්නෙත් බොහෝම අඩු පිරිසකටම විතරයි. ඒකනේ ඔය facebook එකේ උනත් මහින්දයට ආවඩන උංගේ අඩුවක් නැත්තේ.
දැන්නම් මහින්දට දෙන උං දෙන්නේ හේතු කාරනා කීපයකට විතරයි.. ඒක්කෝ එහෙම දෙන උංට මහින්දගෙන් පෞද්ගලික වාසි තියෙනවා..., බත් පැකට එකට අරක්කු කාලට දෙන උං, නැත්තම් ගමේ බයියෝ ටික අර ලමයි වඩා ගන්නකොට, ආච්චිලව ඉබිනකොට කික් එකක් එන උං.. එතනිනුත් වැඩිපුරම දකුනේ ඉන්න ඔය ගිරිවාපත්තුව, තංගල්ල, හම්බන්තොට වගේ පැතිවල උං... ! එහෙමත් නැත්තම් යුද්දේ කලා , සංවර්දනය කලා කියලා මහින්දයා කරන හැම කුපාඩිඔ වැඩක්ම අමතක කරලා ඌටම ඡන්දේ දෙන මන්ද බුධ්දික ජනතාව.
දැනට ලංකාවේ ලියාපදිංචි පක්ෂ 60 කට වැඩි ,, එතකොට ලියාපදිංචි නොකල ගානත් එකතු උනාම කොච්චරක්ද... මේ පොඩි රටකට.. දේසපාලුවන්ට විතරක් උංට ලැබෙන සැප නිසාම ඈස්චර්යක් උන රටේ මෙච්චර පක්ශ මොකටද...? මුං හැම එකෙක්ම අපිට කොරනවයි කියලා ආවට මේ බයියලාට හිතන්න බැරිද ඇත්තටම වැඩක් කරන්නේ කව්ද කියලා.. ලෝකේ දියුනු, වගේම බලවත් රටවලවත් මෙච්චර පක්ශ තොගයක් නෑ... නිකමට නෙවෙයි කියන්නේ, කටට ආවට , හිතන ආවට නෙවෙයි කියන්න.. හරියට internet එක use කරලා බලන්න.. WikiPedia වල.. එහෙම නැත්තම් ඔය රටවල websites වල.. ඕනෙ තරම් හොයා ගන්න පුලුවන්.
ඩෙන්මාක් වගේ රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බයිසිකලයෙන් යනකොට.. ඕස්ට්‍රේලියාවේ අගමැති ටෝනි ඇබර්ට්ලා පයින්ම තමන්ගේ lunch එක ගන්න එලියට යනකොට, අපේ ප්‍රාදේශීය සභාවල උනුත් යන්නේ මොන්ටේරෝ, ප්‍රාඩෝවල, ... සාමාන්‍ය මිනිස්සු මහ පාරේ හිගා කනවා...!!
දැන් ඔය චන්ද්‍රිකාලා උනත් පත්තිනි අම්මලා වෙන්න හැදුවට එයා.. එයාගේ අම්මා, තාත්තා ලගින්වත් තියන්න බැරි ගෑනියෙක්නේ...! සිංහලයෙක් කියන්නත් ලැජ්ජයි කියලා වැඩේ වරද්ද ගත්තු එකියක්නේ...! එයත් ජනාධිපති කාලේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කොච්චර ආතල් ගත්ත, විසිකි බ්‍රැන්ඩි වලට අම්බානෙක වියදම් කරපු ගෑනියක්නේ...
මටත් මීට අවුරුදු කීපයකට කලින් කියවන්න හම්බ උනා වික්ටර් අයිවන්ගේ "චෞර රැජින" printed version එක ... ඒකේ තියෙන ඒවා දැක්කම ඉතිං කතා කරලා වැඩක් නෑ...
ඒ වගේම තව දෙයක්.. මේ පොත ලොයපු "වික්ටර් අයිවන්" උන්නැහේ උනත් ඒ තරම්, හිතන තරම් සුදනෙක් වෙන්නේ නෑ.. මොකද මේ වගේ උං තමයි චන්ද්‍රිකාලව බලයට ගේන්න පොරකාපු උං... දෙපැත්තට කතා කරන පොරවල්
දැන් ඔය යටිගිරියෙන් කෑ ගහන රාජිතලා වගේ උං උනත් දෙපැත්තට ..එක දිගටම පැන පැන සෙල්ලම් කරන්නේ රටට ආදරේටමට කියලා මොලයක් තියෙන මිනිහෙකුට හිතෙන සාධාරන ප්‍රශ්නයක්නේ.... ඔය විඩියෝ එක YouTube එකෙන් ගත්තේ.. පොඩ්ඩක් බැලුවම තේරෙයි......
ඔය video එකේම ඉන්න අස්වර් කාරයා... දැන් බැලුවොත් ආන්ඩුවට කඩේ යන්නේ නැති channel වල බැලුවොත් තේරෙයි මූ මේ කියන කතා.. දැන් කියනවා තියා, 2005 ජනාධිපතිවරණයේදී කිව්වද කියලා මතක නැතුව ඇති. මූ මහින්දයටයි.. උගේ පව්ලටයි කඩේ යන විදියට.
මට මතකයි ලාවට වගේ එක පාර්ලිමේන්තු විවාධයකතී විපක්ශයේ එකෙක්... රජතුමාගේ පුතාගේ හපන් කම් ගැන කියද්දි... මූට ඒකට මල පැනලා කෑගහගෙන පනිනවා "මේ ඉරිසියාවට කියන කතා... මෙයාට නැති නිසා එහෙම කියනවා..." අනං මනං බයිලා...!! කොල්ලෙක් උනාම, කෙල්ල්ක් උනාම ඒ ඒ කාලවලට අපි උනත් ගන්න ආතල් තියෙනවා... ඒත් මහින්දටම දෙන උං දැන ගන්න ඕනේ.. මොකද උං උනත් අපි මොකක් හරි කියද්දි අපෙන් අහන්නේ "ආ.... දැන් මහින්ද උබට මොනවා කලාටද ඔය හැටි ඌට බනින්නේ......" මහින්ද තියා මේ ලංකාව වගේ දේශපාලනය හැම පක්ශයකින්ම ගූ ගොඩක් උන රටක අපිට පෞද්ගලිකව තියා සමාජයටවත් කොන්ක්‍රීට් සංවර්ධනය ඇරුනම, මහා දෙයක් වෙලා නෑ... ඒත් මේ දේශපාලනය කරන, අපිට කොරන්ඩ දඟලන උං සහ උංගේ ලමයි ගන්න ආතල් වැඩි හරියක්ම, මොලේ ඇති එකෙකුට ලේසියෙන් තේරෙනවා මේ අපෙන් ගහන බදු වලින් කරන්නේ කියලා......!! මේ පාලකයෝ ටොපියට, කොත්තමල්ලියටත් බදු ගහනකොට .. ඒක ගහනවා කියලා හරක් වගේ ඡන්ද දායකයන්ට පේන්නේ නෑ තමයි.. ඒත් ඔය වගේ රුපියල්, සත එකතු වෙලා.. මිලියන, බිලියන ගනං එකතු වෙනවා කියලා මේ බයියලා තේරුම් ගන්න ඕනේ... අපෙන් ගියේ රුපියලයි... ඕනෙනම් සතයයි කියලා අහක බලා ගන්නකොට... මුං මිලියන, බිලියන වලින් ආතල් ගන්නේ අපිටත් දැනෙන්න වෙලාවක් වත් තියන්නේ නැතුව.
ආයෙත් කියන්න තියෙන්නේ එකම දෙයයි, මොන බේදයක්වත් නැතුව අවංකව හිතුවොත් මහින්ද රාජපක්ශ ජනාදිපති කියන්නේ, මෙතෙක් ශ්‍රී ලංකාවේ බිහි උන දක්ශතම රාජ්‍ය නායකයා. අවුරුදු තිහක් තිස්සේ ඇදී ඇදී ගිය ඒ යුද්දය ඉවරයක් කරන්න දේෂපාලන නායකත්වය කිසිම රටකටවත්, මොකෙකුටවත් නැවෙන්නේ නැතුව කලේ එතුමා විතරයි.... ඒ එක්කම තව දෙයක් ඒ දේ කලේ තනියමත් නෙවෙයි.. සරලවම කිව්වොත් කලින් කිව්ව වගේම team effort එකක්.. ඒකේ team leader තමයි. මහින්ද රාජපක්ශ. නායකයා පිම්පියෙක් නම්... කොච්චර දක්ශ ත්‍රිවිධ හමුදාවක් තිබුනත් වැඩක් නෑ වගේම... නායකයා පට්ට සිරා ඩයල් එකක් උනත්... වැඩකට නැති ත්‍රිවිධ හමුදාවක් තිබුනත් ඒ වැඩකුත් නෑ...! එතිං අපේ වාසනාවට අපිට හොද නායකයෙක් වගේම හොද ආරක්ශක අංශයකුත් තිබුනා.
කොහොම උනත් මේ team effort එක ... මහින්ද ලොක්කා දේශපාලන වේදිකාවේ අනවශ්‍ය විදියට market කරන්න ගත්තේ තමන් විතරක්ම් LTTE එකට තනියෙම ගේම දුන්න විදියට. සරත් ෆොන්සේකත් කලේ මහින්ද වගේම මමත්වයෙන් කියවපු එක.... ඕක තමයි දේශපාලනය. දේශපාලනය කියන්නේ කොහොමත් රටක මහා අජූත case එකක්.
- -- - -
මේ නූගත් මිනිස්සු පාලනය කරන රටේ, පාලකයෝ වැඩි හරියක් එදා තිබුනු මහත්මා දේශපාලන වගේ දෙයක් කරන්නේ නෑ... වගේම වැඩි හරියක් ජනතා නියෝජිතයෝ කියා ගන්නා උං කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ, ගනිකා මඩම් අයිතිකාරයෝ වගේම 8 පාස් වුන පොරවල් වෙලා ඉන්න එක පුදුමෙකුත් නෙවෙයි.
මේ ගූ ගොඩට දේශපාලනය නොකරන රටේ හොද නම දිනා ගත්තු, හැම අතින්ම උගත් මිනිස්සු ආවත්, ඒ උංගේ තියෙන quality එක නැති වෙන්නේ ඔය උඩින් කිව්ව ගොයියලා තමයි වැඩි හරියක්ම, සමහර විට 80% කට කිට්‍ටු වෙන්නම ඉන්නේ එහෙම උං , පක්ශ විපක්ශ හැම එකකම ගත්තොත්... සමහර පක්ශ වල විනයක් තිබුනත්, සමහරක් පක්ශ වල විනය පොතට වචනයට සීමා වෙලා...
ඉතිං ඔය වැදගත් මිනිස්සු රට හදන්න කියලා, පුකේ මාමයිට් ගාගත්තු, නූගත්, මංකොල්ල කාරයින් අතරට ආවම ... අච්චර්ක් මිනිස්සු පක්ශ පාට බේද නැතුව ආදරය කරපු උනුත් නන්නත්තාර වෙනවා වගේම... ඒ උගත් කමෙනුත් වැඩක් නැති වෙලා යන එක අහන්න දෙයක් නෑ...
ඔය උඩින් පේන මූනු ටික හොදට පේනවා ඇතිනේ... දේශපාලනයට එන්න කලින් මුලු රටක්ම කිසිම බේදයක් නැතුව ආදරය කරපු චරිත කීපයක් තමයි ඔය..!! නිකමට හිතලා බලන්න දැන් වෙලා තියෙන දේ මේ සෙට් එකට. මෙතන ඉන්නේ කීප දෙනෙක් විතරයි තවත් තොග ගානක් ඉන්නවා, මේ විදියට මිනිස්සුන්ගේ ආදරය ගෞරවය අඩුවක් පාඩුවක් නැතිව හම්බ වෙලා, මේ ලංකාව වගේ රටක දේශපාලනය කියන ගූ ගොඩට බැහැලා ගූ නාගත්ත සෙට් එකක්....
මේ ටික දෙනාව විතරක් ගත්තොත්.....
===================================================
බන්දුල ගුණවර්ධන
මේ මහත්තයා ගැන පොඩ්ඩක් බලන්න, කොහොම හිටපු මනුස්සයෙක්ද. උගත් මහත්තයෙක්. ගමේ ඉස්කෝලෙකින් කොළබ ඉස්කෝලෙකට ඇවිල්ලා, A/L වලින් විතරක් නෙවෙයි University එකෙන් out වෙනකොටත් හොඳම rank දාපු පොරක්. ඒ වගේම ආර්ථික විද්‍යාව ගැන මහ මෙරක් වගේ දැනුම තියෙන මනුස්සයෙක් වගේම. ඒක කිසිම කුහක කමක් නැතුව උගන්නපු, ලමයින්ගේ වීරයෙක් උන සිරා ඩයල් එකක්. මෙයාගෙන් ඉගෙන ගත්තු සිය, දහස් ගනන් ලමයි අද වෙනකොට හොද තැන්වල වැජබෙනවා. මේ මම පවා පෞද්ගලිකව මෙයාගෙන් ඉගෙන ගත්තු අය දන්නවා... ඉතිං ඒ ගෞරවය තමයි තාමත් මෙයාට තියෙන්නේ.
මේ වගේ උගත් වෙලත්, මේකා ගත්ත බූරුම තීරණය තමයි දේශපාලනයට එන එක...!! මේ ගූ ගොඩට බැස්ස එක....! රටට වැඩක් කරන්නලු... මහත්තයෝ අවංකවම ඔබ තුමා රටට, මේ රටේ ලොකු පරපුරකට සේවයක් කරපු ගුරු දෙවියෙක්. ඒත් පක්ශ දේශපාලනයට ඇවිල්ලා ගූ ගාගෙන විතරක් නෙවෙයි. ගූ ගාගත්තු 8 පාස් වුන, නූගත්, හොර දේසපාලුවන්වත් අන්තිමේදි මෙයා සුද්ද කරන්න ගත්තා. පොරට එදා ඉදලා අද වෙනකම් මිනිස්සු පලු යන්න බනින්නේ ඒක නෙවෙයිද..... 2500 කින් මාසයක් ජීවත් වෙන්න පුලුවන් කියලා මී හරක් කතා කියන්න ගත්තේ මුගේ පුතන්ඩියා කුකුලු දෙන්නා දෙන්න ගිලිනකොට....... සොච්චමකින් ඉඳිආප්ප හදන්න පුලුවන් කියලා ගොං ප්‍රකාශ කලා...
ඒත් අපේ මෝඩයෝ මේකට ඡන්දේ දෙනවා. ඒකට අපිට වැරැද්දක් කියන්න බැරි හේතුවක් තියෙනවා. ඒ තමයි මේ මහත්තයා ඇත්තටම හොඳ ගුරුවරයෙක් වෙලා හිටියා....! ඒ හේතුව නිසාම මෙයාගෙන් ඉගෙන ගත්ත අද වෙනකොට ඉහල තනතුරු දරන මිනිස්සු කළගුන සලකනවා... කළ ගුන සලකන එක බොහෝම සත් ක්‍රියාවක් උනත්.... මෙයාගේ ඒ කාලයේ ගෝලයෝ උනත් දැන ගන්න ඕනේ. මිනිස්සු කාලයත් එක්ක වෙනස් වෙනවා කියන සරලම කාරනය... ඉතිං මොන බූරු වැඩේ කලත් මේකට ඡන්දේ දෙනවා කියන්නේ කළගුන සලකන කෙහෙල්මලක් නෙවෙයි කියලා මෙයාගේ ගෝලයෝ තේරුම් ගන්න ඕනේ...
ඇත්ත අපි හැමෝම පිලිගන්නවා.... මෙයාගේ ගෝලයෝ අද මේ ඉන්න තැන් වල ඉන්නවා ඇත්තේ බන්දුල ගුනවර්ධන කියන ගුරුවරයා නිසා.... ඒත් ඒ බන්දුල ගුණවර්ධන කියන කාලෙන් කාලෙට පක්ශ මාරු කරන.. ඒක් පැත්තකින් තව පැත්තකට, තව පැත්ත්කින් වෙන පැත්තකට පනින දේසපාලුවා නිසා නෙවෙයි. ඉතිං මේකයි අර කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු කියන එකයි ... වෙනසක් නෑ.,.... මෙයා අවංකව උගන්නපු එක ඇත්ත...! ඒ කල්පනා කරලා බලන්න ඕනේ... මේ ගූ දේශපාලනයට ඇවිල්ලා.. විමල් වීරවංසලා එහෙම නැත්තම් තවත් නූගත් දේසපාලුවොත් එක්ක එකතු වෙලා... මේ උගත් මහත්තමා ඇත්තටම මොකක්ද කරන්නේ කියලා... ජීවිතය තියෙනකම්ම බන්දුල ගුණවර්ධන කියන ගුරු දෙවියා වන්දනා කරන්න.. ඒත් බන්දුල ගුණවර්ධන කියන මී හරක් දේසපාලුවා, ප්‍රතිපත්තියක් නැතුව පාට මාරු කරන මේ වගේ බොක්සර් බල්ලන්ට කතිරේ ගහලා වැඩක් නෑ කියලත් තේරුම් ගන්න
==========================================================
==========================================================
==========================================================
==========================================================
අර්ජුන රණතුංග
මේ මහත්මයා තමයි ලෝකයේම පිලිගත්ත ක්‍රිකට් වීරයා. මෙතුමා තමයි 1996 ක්‍රිකට් ලෝක කුසලානය ලංකාවට ගේන්න නායකත්වය දුන්න වීරයා.... ඒ වගේම මොන දේශපාලනේ කලත්.. මහින්ද ලොක්කා වගේ තනියෙම යුද්දේ කලා කිව්වා වගේ... World Cup එක ගෙනාවා කියලා කෑහැහුවේ නෑ...!! ඒකට අපි ගරුගරනවා වගේම. ක්‍රිකට බේරගන්න හැම තැනදිම කතාකරපු මනුස්සයෙක්.
ඒ කොහොම උනත් ඇත්තම කතාව තමයි මේ ලංකාවේ ගූ ගොඩක් උන දේශපාලනයට ආපු ගමන්ම මේ රනතුන්ග ලොක්කටත් උනේ සාමාන්‍ය දේම තමයි...
මෙයාගේ තාත්තා රෙජීරණතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ දර දිය ඇදපු මනුස්සයෙක්. දර දිය කිව්වම ඉතිං හැම දේම හොදම දේ වෙන්නේ නෑනේ... අම්මට කෙලලා කියත් දේසපාලුවන්ට ආවඩන කීපදෙනෙක් ඇරුනම මිනුවන්ගොඩ - ගම්පහ වගේ පැති වල මිනිස්සු දන්නවා රෙජී ගොයියගේ කෙරුවාවල්, චන්ඩිකම්...
රනතුංග පව්ලේ ගොඩ දෙනෙක්ම දේශපාලනේ ඉන්නේ.. හැබැයි වැඩේ තියෙන්නේ මුං එක එක, පක්ශ වල... සිරාවටම කියනවානම් මම තවම දන්නේ නෑ අපේ 96 ක්‍රිකට් වීරයාගේ පක්ශය මොකක්ද කියලා... පොරගේ චන්ඩි මලයා ප්‍රසන්න රණතුන්ග නම් සන්දානේ.. ඔය ඉන්නේ කාලා කාලා බඩ තඩියා...!! ඕක මහා එපා කරපු එකා... අර්ජුන - ප්‍රසන්නගේ මග ගෙවල් තියෙන්නේ අපේ ඉස්කෝලෙ පිටිපස්සේ, 2000 අවුරුද්දේ උං දෙන්නම ගෙදර ඉන්න වෙලාවක අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් අතින් ඒ වත්තට බෝලයක් ගිගිල්ලා.. ඒක ඉල්ලපු වෙලාවෙ... මේ යක්කු එකෙක්ට මන්නෙන් කොටලා, තව එකෙක්ගේ කන ලගින් යන්න වෙඩිල්ලක් තියලා...
ඔය case එකට අර්ජුන - ප්‍රසන්න ඩබලටම අවුරුදු ගානක් නඩු තිබිලා, අන්තිමට ඉස්කෝලෙට ලමයින්ට වන්දි ගෙවන්නත් උනා... මම මේ කියන්නේ බොරුනම් බලන්න... අර කිව්ව කන ලඟින් වෙඩිල්ලක් කාපු කොල්ලා දැන් වෙද්දි 26 - 27 ඇති.. (හරියටම වයස මතක නෑ..) ... තාමත් ඒ අයියට ක්ශෙනික කම්පනය එනවලු පාලනය කරන්න බැරි තරමට, ඒ කියන්නෙ දොස්තරලා කියන විදියට ඒක හොද කරන්න බෑ... !! ඔන්න කෙරුවාවල් ටික...
----
එතකොට ඔය නිශාන්ත රනතුංග කියන්නේ ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක කාපු උංගේ මුලිනම ඉන්න එකෙක් කියලා පොඩි එකාගේ ඉදන් දන්නවානේ..!! නොදන්න එක හරක් පැටියෙක් හරි ඉන්නවානම් කියන්නේ නිශාන්ත , අර්ජුන කියන්නෙත් එක අම්මගේ ලමයි දෙන්නෙක් ඈ....
මේ දැන් කලින් කිව්වනේ අර්ජුන රණතුංග මහත්මයා ක්‍රිකට නායකයෙක් උනා වගේම දේශපාලනයට ආවම ක්‍රිකට වෙනුවෙන් කතා කලා කියලා... හැබැයි මේකයි අවුල.. එහෙම මෙයා අද වෙනකනුත් කතා කරනවා තමයි... ඒත් ඒ වංචා වලට කෙලින්ම වග කියන්න ඕනෙ එකෙක්තමයි.. නිශාන්ත රනතුන්ග ලොක්කා...!! ඒ කියන්නේ අර්ජුන ක්‍රිකට නායකතුමාගේ සහෝදරයා...
මේ හැමෝගෙම අම්මා එකයි නේ... පුත්තු එක එක දේශපාලන ප්‍රතිපත්ති වල හිටියත්, උං ඔක්කොම එකතු වෙන තැන් වලදී එහෙම නෑලු... හරිම සමගීලු...!! දේශපාලනය තියා මොන පාලනයක් ගැනවත් කතා කරන්නේවත් නෑලු... මේ මම කියපුවා නෙවෙයි දැන් අවුරුදු කීපයකට කලින් ඉරිදා රිවිර පත්තරේකට මෙගොල්ලන්ගේම අම්ම කියපු දෙයක්.. මට දිනේ මතක නෑ... ඒත් හොදටම මතකයි.. ඒ කාලෙත් ක්‍රිකට් බෝඩ් එකේ කචල්.., තනතුර මොකක් උනත් නිශාන්ත ලොක්කත් හිටියා ඒකේ...! ප්‍රසන්න ලොක්කත් හිටියා සන්දානේ... අර්ජුන ලොක්කත් හිටියා පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට (සන්දානේ නෙවෙයි) ... එතකොටත් අර්ජුන ලොක්කා මාහා හයියෙන් පාර්ලිමෙන්තුවේ කතා කලා....
අනේ මංදා ඉතිං...!!
එක්කෝ අපි හැමදාම ආදරය කරපු ක්‍රිකට නායකයා උගේ සහනුරේ දේශපාලුවෝ උනා කියලා ඌ එන්නේ නැතුව ඉන්න ඕනේ... නැත්තම් නිකං මිනිස්සුන්ට ආතල් දිදී උංව රවට්ටන එක නවත්තන්න ඕනේ..!! මොකද මූ මොනා කිව්වත්.. මිනිස්සු නිශාන්තයට අමු බැනුම් බැන, බැන ... ඒ කටෙන්ම කියනවා අර්ජුනා මේවා රැක ගන්නවා... නියම පොරක්ලු
මුං අදටත් අවුලකුත් නෑලු, ඒත් මුං මේ කරන්නේ මොන ජාතිය
මුං අදටත් අවුලකුත් නෑලු, ඒත් මුං මේ කරන්නේ මොන ජාතියේ joke එකක්ද, රැවටිල්ලක්ද කියලා හිතා ගන්න බෑ... මේක මේ වගේ ආතල් නොදී හිටියනම් දැනට තියෙනවටත් වඩා හොද පිලිගැනීමක් තියෙන්නේ තිබුනා... දැං අද හොදම මහත්තුරු කියන්නේ සංගා - මහේලලට.. හේතුව උං දේශපාලනයට ආපු නැති නිසා... උං ඩබල නිකං හරි පක්ශේ මොකක් උනත්, පිරිසිදුද, එලද කියන පක්ශෙන් වැඩක් නෑ... චාටර් වෙන එක විතරමයි වෙන්නේ.... ඉතිං ඔය රනතුන්ගලා ගැනනම් NO IDEA
==========================================================
==========================================================
හැමදේටම පස්සේ ලංකාවේ දේශපාලනය කියන්නේ, කුනු වෙච්ච ගූ ගොඩක්. ඉතිං මේ ගූ ගොඩේ කොයි පැත්තත් එකක්.. කොහෙන් ගෑ උනත් ගෑවෙන්නේ ගූම තමයි. සාමාන්‍ය මිනිස්සු විදියට , මොලේ කළදක් හරි තියෙන, අර බොරුවර කෑ ගහන , හග මරා ගන්න මොලයක් නැති නාකි තෙල් බේරෙන ගොන්නුන්ට වඩා අපි මොලේ පාවිච්චි කරන්න ඕනේ...! අපි කරන්න ඕනේ හරක් වගේ එක පක්ශෙකට, තව පක්ල්ශෙකට බෙදිලා වාද කරගන්න එකවත්, ගහ මරා ගන්න එකවත් නෙවෙයි. මේ තාමත් තුන්වන ලෝකයේ රටක් විදියට චාටර් උන රට, තවත් චාටර් කරන්නේ නැතුව... ඉන්න එක විතරමයි...!! ලංකාව අදටත් පිං ඇති රටක්. මේ රටෙන් ඔය හැම පක්ශෙකම ඉන්න බඩ වඩා ගන්න උනුයි... අර කලින් කිව්ව මෝඩ මිනිස්සු ටිකයි නැති වෙලා ගිය දාක ලංකාව සිරාවටම ලස්සන වෙයි. ඒ වෙනකම් මොලයක් තියෙන කීප දෙනාට හරි කරන්න තියෙන්නේ... මේ ජෝගි ටික බලලා එක පැත්තකින් හිනා වෙන ගමන්, අනෙක් පැත්තේන් ඉකි ගහලා අඩන එක විතරයි...
මේ රටේ අර කලින් කිව්ව මන්ද බුධ්දික ජනතාවගේ ආකල්ප වෙනස් කරන එක... උං වැඩිම පිරිසකට මේ දේවල් තේරුම් ගත්ත දවසට, මේ සුන්දර රට ඇත්තටම සංවර්ධනය වෙයි... අපි බලං ඉමු... වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ
හැමදේකටම පස්සේ තමන්ට , තමන්ගේ පිහිටම තමයි...!!