මහින්ද රාජපක්ශ කියන්නේ ලංකාවේ එතෙක් මෙතෙක් බිහිඋන කොන්ද කෙලින් තියාගෙන වැඩ කරපු එකම රාජ්‍ය නායකතුමා කියන එක අපි පක්ශ , පාට , ආගම් භේදයක් නැතුවම පිලිගන්න ඕනේ කාරනයක්. රට රට වලින් යුද්ධය වලක්වන්න අවවශ්‍ය බලපෑම් එනකොට ඒ කිසි දෙයකට නැමෙන්නේ නැතුව කෙලින් වැඩ කරපු මහත්මයෙක්. දේශපාලන නායකත්වයක් නැතුව රටක යුද්දයක් තිය මොන මගුලක්වත් කරන්න බෑ.. ඒකට හොදම නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ශ විතරයි.
ඒත් එහෙම කියලා රාජපක්ශට සමූහ දූශනයකට ලක්වෙන ගෑනියෙක්ව බේරගෙන ආයෙ ඌම දූශනය කලා වගේ. රට නිදහස් කරගෙන ඒ power එකෙන්. රටේ තියෙන හැම දෙයක්ම හූරගෙන කන්න බලයක් ලැබෙන්නේ නෑ. මොකද ශ්‍රී ලංකාව කියන්නේ රාජපක්ශවරුන්ගේ තනි බූදලයක් නෙවෙයි... පහුගිය ටිකේ අම්බානෙක මහින්දට කඩේ ගිය පොරවල් ටිකට ඒක පොඩ්ඩක් මතක් කරන්න ඕනේ...!!
----
ඒ වගේම මහින්දව පොඩ්ඩක් හරි සාධාරණව විවේශනය කලාම "ඔබට මොනවහරි උනාද...." , "උබේ අම්මට, තාත්තට මොනවහරි උනාද" , "උබේ අතින් මිටින් යනවද අහපු" බූරු පැටව් ටිකටත් ඒ ටිකම තමයි කියන්නේ වෙන්නේ...!! ඒ එකෙක්වත් දන්නේ නැතුව ඇති මූ මේ unlimited ආතල් ගන්නේ දුප්පත් මිනිහගේ බඩට ගහලා ටොපියේ ඉදලා ගහන බදු වලින් කියලා...!! මේ type කරන මමත් අද හොදට කාල බීලා ඉන්නවා මගේ අම්මට තාත්තට පිංසිද්ද වෙන්න වගේය... අර විඩියට ගොං කතා කියන සෙට් එකත් එහෙමයි... ඒත් දේස පාලුවන්ට විතරක් ඈශ්චර්ය උන , ලෝකෙට තුන්වන ලෝකේ රටක් උන, පොතට පතට විතරක් සුපිරි රටක් උන ලංකාවේ අති බහුතරයක් එදා වේලවත් කන්න බැරුව ලත වෙන උං කියලා මේ චූටි බබාලා දැන ගන්න ඕනේ.....!!
අපිත් මැරිලා ඉපදිලා නෑ.. උතුරේ වගේම, දකුනේ සහ වැඩියෙන්ම කොලබත් බෝම්බ ගහපු කාලේ... අපි අපේ අම්මලා එනකම් ගෙවල්වලට වෙලා බලං ඉන්න කොට, අපි ඉස්කෝල ඉවර වෙලා විනාඩියක් හරි පරක්කු වෙද්දි අපේ අම්මලා බය උන කාලේ... අපිට මතකයි...!! ඒ වගේම පුද්ගලිකවම මම ඉස්කෝලේ යනකොට මරදානට ගහපු බෝම්බේ සද්දේ ඇහුන වෙලාවෙ.... ඉස්කෝලේ ඉදලා කිලෝ මීටර් 18 ක් පැය තුනකට වැඩි කාලයක් .. අම්බානෙක traffic එකකින් ආපු දවස් අපිට මතකයි... ! School Van එකෙන් එනකම්... අපේ අම්මලා වගේම හැම අම්මා කෙනෙක්ම පාරවල් අයිනට ඇවිල්ලා, අපි එනකම් බයෙන් වෙව්ල වෙව්ල බලන් හිටපු කාලේ අපිට මතකයි..!
ඔව්... අනිවාර්‍යෙන්ම මහින්ද රට බේර ගත්තා...... ඒත් තනියෙම නෙවෙයි...!! ඒ වගේ දේවල් තනියම කොරන්ඩ මොකෙක්ටවත් බෑ තමන් තමන්ගේ කොටස හරියට කලේ නැත්තම්... එකෙක් හොද උන පලියට අනෙක් එකා ඒ විදියම වෙන්නේ නෑනේ... ඒක ඔය බයියලා දැන්වත් තේරුම් ගත්තොත් හොදයි....
ගිය සැරේ ජනාධිපතිවරනයේදී මහින්ද , ෆොන්සේකා දෙන්නම දෙකට බෙදිලා "මම යුද්දේ" කලා "මම යුද්දේ" කියලා කුලල් කාගත්තට.... උං දෙන්නා වෙන වෙනම යුද්ද දෙකක් තනියෙම කලේ නෑනේ හරියට නිකන් අර GTA Game එකේ තුවක්කු අම්බානෙක තියෙන.... ammo අම්බානෙක තියෙන පොරක් වගේ...
ඡන්දෙයක් නිසා යුද්දේ වවාගෙන කෑවට...
කොහොම හරි ගිය සැරේ මුං දෙන්නම යුද්දේ market කලා කියමුකෝ... හත්තිලව්වේ මේ 2015 දී මහින්ද ලොක්කා... තනියෙමම කලේ ඌ අර කලින් කිව්ව GTA එකේ පොර වගේ යුද්දේ කලා කියාගෙන ගේමට ආපු එකනේ....
මුල අමතක වෙන ඕනම පොල් බූරුවෙක්ටම වෙන සරල දෙයක් තමයි අද මහින්දට වෙලා තියෙන්නේ...
මේ අපිත් යුද්දේ නිසා බයෙන් හිටපු මිනිස්සු තමයි, ඒත් එහෙම කියකා මහින්දයයි limit එකක් නැතුව ඌට ගොට්ට අල්ලන පොරවලුයි අදටත් තේරුම් ගන්න පරක්කු නෑ... ඔය මහින්දයා තනියෙම වවාගෙන කාපු යුද්දේ ඌ තනියම කලේ නෑ කියලා...... අතුරලියේ රතන හාමුදුරුවෝ වගේ සැබෑ අව්‍යාජ දේශප්‍රේමීන් එකතු වෙලා යුද්දේ පටන් ගත්ත බයානකම කාලයේදී යුද පිටියෙම ඉදලා ... ඒ දේවල් කරද්දි.. Army එක විතරක් නෙවෙයි... මුලු ත්‍රිවිධ හමුදාවම සහ මේ වෙද්දි අම්බානෙක ආන්ඩුවට කඩේ යන පොලිසිය වුනත් ලොකු පරිත්‍යාගයක් කරලා තමයි රට බේරගත්තේ... මේක ලොකු Game එකක්.........
... තඩි monitor එකක් ඉස්සරහට ගිහිල්ලා Call of Duty ගහනවා වගේ Game එකක් නෙවෙයි....... මහින්දත් ඇතුලුවා මහා සේනාවකගේ, පට්ට සුපිරි පොරවල් සෙට් එකකම Team Work එකක එලකිරිම team effort එකක්... !!
-----------------------------
අනිත් එක විහිලුවට වගේ බලපන්කෝ... ඔය කිව්ව Call of Duty වගේ ගේමක් තනියම ගැහුවත් රුපියල් 175,000.00 ක විතර Sapphire Radeon R9 295X2 OC 8GB GDDR5 - VGA එකක් තිබිලා... ඒකට නිකන් brand එකක්වත් නැති පොඩි RAM එකකුයි, කසිකබල් CRT බැරිනම් LCD/LED හරි මේ චුට්ටන් සයිස් monitor එකක් තිබිලා වැඩක් නෑනේ........ ඒ හැම දේකටම සුපිරි combination එකක් ඕනේ වගේ.... මේ සැබෑවටම කරන , කරපු යුද්ධවලටත් එහෙම එකක් නැත්තම් සුපිරි effort එකක් කොහෙන් එන්නද... එහෙම එකක් තනියෙම වවාගෙන ඡන්දෙකට පාවිච්චි කරනවා කියන එක කොච්චර කැතද,... ඒවා අහන මිනිස්සුත් ඉන්නවා කරුමෙට...
===================================================================
ඔය කිව්ව අය විතරකුත් නෙවෙයි තිවිධ හමුදාවෙම මොරාල් නග්ගන්න කවියකින් වචනයකින් හරි දායකත්වය සපයපු, ඒ වගේම ත්‍රිවිද හමුදාවේ කාන්තා බල ඇනි, යුද්දය කිරීමට හදවතින් ආශිර්වාද කල හැම කෙනෙක්මත් මේ යුද්දයේ කොටස් කාරයො... එහෙව් එකේ හත්තිලව්වේ මොන හිතකින්ද මේවා තනියම කලා කියන්නේ…
ඒකත් කමක් නෑ කියමුකෝ... මහින්ද රාජපක්ශගේ නම ලංකා ඉතිහාසයේ විතරක් නෙවෙයි, ලෝක ඉතිහාසයේ උනත් රන් අකුරින් ලියවෙන්න තිබුන chance එක... ඔය යකා කාගත්තා, උගේ ගෝලබාලයන්ගේ කුපාඩි වැඩ, වංචා ,දූශන හැම එකක්ම ඒකාදිපති වියරුවෙන්ම shape කරගෙන.. රටේ මිනිස්සුන්ට බදු පිට බදු දාගෙන.. මිනිස්සුන්ව පාගලා උං විතරක් සැප ගත්තේ නිකම ඒකාධිපතිත්වය පෙන්නලා කියන එක මොලයක් තියෙන ඡංද අයිතියවත් නැති පොඩි එකෙකුට උනත් සරලව තේරෙන දෙයක්....!!
හොද මිනියෙක් විදියට යන්න තිබුන chance එක මේ බල ලෝබී , ධන ලෝබී රාජපක්ශලා කා ගත්තා.... ලෝකේ බලවතා කියලා කියන ඇමරිකාවේ ජනාධිපති කෙනෙක්වත් නොකරපු විදියට මේ යකා බලයේ ඉන්න නොගහපු තුරුම්පුවක් නැති තරම්... ඇමරිකාවේ ජනාදිපතිවරුන් බලයේ ඉන්නේ අවුරුදු 4 ගානේ.. terms දෙකයි.... ලංකාවේ එකාගේ එක term එකක්ම අවුරුදු 6 යි... දෙකක් හිටියොත් 12 යි. ඇමරිකාවේ terms දෙකම එකතුකලත් 8 යි... එහෙව් තිබිලත් මහින්දයා මැරෙනකම්ම ඉන්න ඕනේ විදියට ව්‍යවස්ථාව පවා වෙනස් කලේ.. මේ අපිට , රටට ආදරේකට කියලා තවමත් හිතන , මේ දැනුත් හිතන හරකෙක්, දෙකෙක් සහ ඊටත් වැඩි දෙනෙක් ඉන්න පුලුවන්...!!
උරුගුවේ ජනාදිපති රජයෙන් දෙන බංගලාව අත ඇරලා තමන්ගේ ගොවිපලට වෙලා පොලිස් කාරයෝ දෙන්නෙක් විතරක් තියාගෙන රට පාලනය කරද්දි... අපේ ලොක්කෝ තව කාලයක් බලයේ ඉන්න try කරන්නේ... මිනිස්සුන්ට ආදරයකටමද කියලා මොලේ කලදක්වත් තියෙනවානම් තේරුම් ගන්න පුලුවන්....!!
මේ දෙවනි term එකේ තව අවුරුදු දෙකක් ඉන්න තිබිලත්.... මූ මේ කරන අසාධාරන, සමාජ විරෝදී වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න ඕනේ නිසා.... මූ ජනාධිපතිවරනයක් ප්‍රකාශ කලා...!! මොකද පොර දන්නවා... මේ පාර ඔය ගොන්නු ටිකක් ඡන්දේ දුන්නත් මුගේ ඉස්සරහට තියෙන හැම කුපාඩි වැඩක්ම මෙහෙම කරගෙන ගියොත් මූට ඉන්න ගොන්නු ටිකත් එදාට නැති වෙයි කියලා...! අනිතිමට හිතාගන්න බැරි විදියට ඌට ඇදගෙන නාන්න උනා...
මේ දෙවනි term එකේ තව අවුරුදු දෙකක් ඉන්න තිබිලත්.... මූ මේ කරන අසාධාරන, සමාජ විරෝදී වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න ඕනේ නිසා.... මූ ජනාධිපතිවරනයක් ප්‍රකාශ කලා...!! මොකද පොර දන්නවා... මේ පාර ඔය ගොන්නු ටිකක් ඡන්දේ දුන්නත් මුගේ ඉස්සරහට තියෙන හැම කුපාඩි වැඩක්ම මෙහෙම කරගෙන ගියොත් මූට ඉන්න ගොන්නු ටිකත් එදාට නැති වෙයි කියලා...! අනිතිමට හිතාගන්න බැරි විදියට ඌට ඇදගෙන නාන්න උනා...
සිරාවටම කිව්වොත් දුකත් හිතෙනවා කොහොම හිටපු මිනිහෙක්ද මූ කියලා.... කොන්ද කෙලින් තියාගෙන කිසිම රටකට නැවෙන්නේ නැතුව හිටපු රාජ්‍ය නායකයා බල තන්නාහාව , ධන තන්නාව නිසා ඉල්ලගෙන කෑවා... “තන්නාහි ජයති සෝකෝ.”...!
බලය රැක ගන්න ගිටපු හමුදාපතිව හිරේ යවපු, අග්‍රවිනිසුරුවරියව නිලයෙන් පහ කරපු, වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියපු, තම්න්ට විරුද්ධ වන මිනිස්සුන්ව අතුරුදහන් කරපු මරපු, අහින්සක මිනිස්සුන්ගේ රීරී මාංශ උරා බීබු, සල්ලි හොරකම් කරලා ඒවායෙන් මුලු පවුලමත්, ඒ වටා ඉන්න කල්ලියටත් සැප දීපු ඒකාදිපතියාට බුද්ධ ධර්මය අනුව මේ පලදෙන්න් දිඨ්ථ ධම්ම වේදනීය කර්මයම තමයි...
දැන් ඉතින් අලුත් ජනාධිපත් වෙන්න ඉන්න සිරිසේන මහත්තයට තියෙන්න දින 100 න් පෙන්නන අලුත් රට හදලා.. තමන් මේ රටේ අවසාන විධායක ජනධිපති වරයා කියලා ක්‍රියාවෙන්ම ඔප්පු කරන එකයි...! සහයෝගයට පක්ශනම් අම්බානෙක හිටියත් උං එක්ක shape එකේම ඉන්න තරමට හොදයි. මොකද ඔය චන්ද්‍රිකා කියන්නෙත් ඒ හැටි හොද ගෑනියෙක් නෙවෙයිනේ.. "චෞර රැජින" පොතේ මුල් පිටි හතර පහ කියවලා.. පොච්චක් තව විස්තර හොයලා බලද්දී තේරෙයි...
එතිං සිරිසේන මහත්තයට තියෙන්නේ.... මහින්දයා කරපු හැම දූශන වංචාවක්ම එකතු කරලා ඒවා වගකීමක් ඇතුව දාන එකයි.... මුල ඉදන්ම කිව්වා වගේ මහින්ද ලොක්කා යුද්දේදී ලොකු වැඩක් කලානේ...!! ඉතිං මිනිහව කොහේ දැම්මත් ඒ දේවල් රට ඇතුලෙම කරන එක ශරීර සෞක්‍යට හොඳයි මොනවා උනත් අමු හොරෙක් උනත්, හොර පව්ලේ නායක God Father උනත්... යුද්දයට නායකත්වය දුන්න්න නිසා මේ යකාව වෙන රටවලින් පරිස්සම් කරන එකත් සිරිසේන මැතිතුම්න්ගේ වගකීමක්...!! පලිගන්න ඉන්නවානම් ඉන්නේ ඔය චන්ද්‍රිකා විතරයි.. ඔය ගෑනි තමා අවුල...!! 100% ක් පිරිසුදු පොරවල් දේශපාලනයේ නෑ ඒත් ඔය සිරිසේන මහත්තයා ඇතුලු සෙට් එකට දැන් පුලුවන් රට හදන්න....!! හැබැයි මොනවා උනත් ඕක කැද හැලියක් තමයි... ඔබ තුමා දක්ෂයෙක්නම් ඔය හැලිය හොදට කලත්තලා වැඩ අරගන්න පුලුවන් වෙයි.. ...
මහින්ද කියන අපේ දුප්පත් මිනිහාගේ කොත්තමල්ලියටත් බදු ගහපු එකා දැන් ගිහිල්ලා ඉවරයි... දැන් ඉතිං අපෙනුත් සුභ පැතුම නව ජනාදිපති තුමනි.... දැන් වැඩක් කරන්න.. වෙනසක් කරන්න...
කොහොම උනත් මොලයක් තියෙන ඡන්ද දායකයෝ විදියට ඉන්න මිනිස්සු හිතන්න ඕනේ අපේ වලව්වේ, අපේ ගෙදර අත්තා මුත්තා දෙන්නේ මූට, අරූට නැතුව.., කැපුවත් කොල, කැපුවත් නිල්, කැපුවත් රතු නැතුව "කැපුවත් මම" වෙන්නේ....මොකද කෙල උනදාට මොකෙක්වත් නෑ... තමන් ගහන කතිරය යුගයට ගැලපෙන මිනිහෙකුට, පක්ශයෙකුට දුන්නා කියලා මැරෙන්නේ නෑ...! වෙලාව ආපු දවසට මැරේයි... මේ ඡන්දේදී මහින්දට ඒ දේ පෙන්නලා ගෙදර යැව්වා වගේ... සිරිසේන මැතිතුමත් ඒ සෙල්ලම් කවදාහක හරි දාන්න ආවොත් ඒ දේම කරන්න ඉන්න එක ගැන හිතනවානම් හොදයි....
ආයෙත් අලුත් ජනාධිපතිට සුභ පත්මින්.... අපිට , මට ජයවේවා කියමින් දෙය්යනේ කියලා... මේ මාගලත් මම මෙතනින් නවත්තන්නම්......