The Great Train Robbery

The Great Train Robbery එහෙමත් නැත්තම් සුපිරි දුම්රිය මංකොල්ලය. මේක සිද්ද වෙන්නේ 2014 ඉදලා ගත්තොත් ඇවුරුදු 51 කට කලින් ඒ කියන්නේ 1963 දී.. හරියටම දිනය කිව්වොත් 1963 අගෝස්තු 8 බ්‍රහස්පතින්දා London සහ  Glasgow අතර Bridego Railway Bridge එකේදි තමයි මේ සිද්දිය වෙන්නෙ... (දැන් Bridego Railway Bridge එක Train Robbers' Bridge එහෙමත් නැත්තම් දුම්රිය මංකොල්ල කරුවන්ගේ පාලම) මෙහිදී මංකොල්ල කරුවන්ගේ ග්‍රහනයට ලක්වන්නේ  Royal Mail train එක...!

 15 දෙනෙකුකෙන් සමන්විත  Bruce Reynolds (බෲස් රෙනොඩ්ස්) නායකත් වය සැපයූ මංකොල්ල කරුවන් දුම්රිය සංඥා අවුල් කලාට පස්සේ කෙලින්ම ඔවුන් දුම්රිය වෙත පනිනු ලැබුවා.. ඒ වගේම ඒ සෙට් එකෙම හිටපු Gordon Goody, Buster Edwards, Charlie Wilson, Roy James, John Daly, Jimmy White, Ronnie Biggs, Tommy Wisbey, Jim Hussey, Bob Welch සහ Roger Courdrey  ඒ වගේම තවත් තිදෙනෙක් (අංක් '1', '2' සහ '3'. A 16th man ලෙසට පමනක් හැදින්වූ) සහ තවත් නමක් හඳුනාගත නොහැකි වූ විශ්‍රාමික හිටපු දුම්රිය රියදුරෙකුද් මෙම මංකොල්ලයට එදා 1963 දී සහභාගී වූවා.

මෙම මංකොල්ලය සදහා  Bruce Reynolds ට ඇතුල්න් ගොඩක් විස්තර ආව වගේම ඔවුන්ට ලොකු plan එකකුත් තිබුනා. ඇතුලෙන් විස්තර ගොඩක් මොවුන් වෙතට මුදා හැරියේ 'The Ulsterman' නමින් විරුදාවලිය ලත් පුද්ගලයෙකුගෙනුයි. මෙම කොල්ල කරුවන් විසින් පැහැර ගත් මුදල එකල පවුම් මිලියන 2.6 ක් වුනා. අද කාලෙත් එක්ක සංසන්දනය කලොත් ඒ මුදලේ වටිනාකම පවුම් මිලියන 46 වෙනවා. අදටත් එම මුදල ආපසු ලබාගෙන නෑ. කොහොම උනත් මේ මංකොල්ලය සිද්ද කරන්න මංකොල්ල කරුවන් කිසිදු ගිනි අවියක් භාවිතා කරලත් නෑ....
මේ සිද්දියේදී  Jack Mills ඒ කියන්නේ මේ රාජකීය තැපැල් දුම්රිය පදවපු රියදුරා මංකොල්ලකරුනගේ පහර කෑමකට ලක්වෙනවා, මංකොල්ල කරුවෙකු විසින් යකඩ පොලු පහරක් ඔහුගේ හිසට එල්ල කරනවා. කොච්චර බරපතලද කියනවනම් ඕහුට ඇතිවන කම්පනය නිසාම එම සිද්දියේදු ඇතිවන කම්පනය හේතුවෙන් ඔහුට ‍රැකියාව තවත් කරගෙන යෑමට පවා නොහැකි තත්වයකට පවා පත්වෙනවා.


මේ සිද්දියෙන් පස්සේ මංකොල්ල කරුවන්  Leatherslade ගොවිපලේ හැංගෙනවා.. කෙසෙවෙතත් පසුව මොවුන් පැන ගියත් පොලිසිය කරන සෝදිසි කිරීම් වලදී පොලිසිය චිසින් සොයා ගනු ලබනවා ඔවුන් එම ගොවිපලේ දමා ගොස් තිබූ යම් යම් ද්‍රව්ය නිසා... මේවා පොලිසියට සාක්ශි වශයෙන් උදව් වූවා.. මොවුන් කන්ඩායම වෙන වෙනම අත්තඩංගුවට ගැනීමට. මෙම සිද්දියෙන් පස්සේ මංකොල්ල කරුවන් වසර 30 ක් සදහා බන්දනාගත කරනු ලබනවා.

Share this

Related Posts

Previous
Next Post »